රටේ විපක්ෂ නායකයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, නීතිඥවරුන්ට පොලිසිය තුළ යෑමට අවසර නැත්නම් රටේ තිබෙන්නේ මොන ප්රජාතන්ත්රවාදයක් දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසයි.
ගුරු විදුහල්පති විරෝධතාවයට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(05)පෙරවරුවේ එම පරිශ්‍රයට ගොස් ඇත.
එහිදී වරාය පොලිසිය විසින් ඊට බාධා කර තිබේ.
එහිදී විපක්ෂ නායකවරයා පැවසුවේ අත්තනෝමතික ලෙස රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමේ වගකීම විපක්ෂ නායකයා ලෙස තමන්ට ඇති බවය.