ලලිත් චාමින්ද –
අද (20) පෙරවරුවේ ඇල්පිටිය මුලික රෝහලේ අංක 05 වාට්ටුවේ වැසිකිලියේදි වකුගඩු රෝගයට ප්‍රතිකාර ගැනීමට පැමිණි නේවාසික රෝගී කාන්තාවක් සේලයින් බටයක් උපයෝගී කර ගනිමින් රෝහලේ වැසිකිලියේ ආධාරයක එල්ලී සිය දිවි හානි කරගෙන ඇති බව ඇල්පිටිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය කලුකන්දගොඩ, පදිංචි ඇල්පිටිය ආරච්චිගේ සෝමාවතී නමැති 57 හැවිරිදි විවාහක කාන්තාවක් බවද පොලිසිය කියයි.
ඇය පසුගිය 19 දින රෝහලට ඇතුළත් කරගෙන ඇත.
සිද්ධිය පිළිබඳ ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.









