අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නොමිලයේ සූර්ය කෝෂ බෙදා දීමට ලබන සතියේ සිට කටයුතු කරන බව විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ කියයි.
ඇමතිවරයා පවසන්නේ එම වැඩපිළිවෙල දැනටමත් සූදානම් කර කැබිනට් අනුමැතියත් ඒ සඳහා ලබාගෙන ඇති බවය.
“ අපි දැනටමත් වැඩපිළිවෙළක් සැලසුම් කරලා තියනවා. ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ලබන සුමානෙ අපි වැඩසටහන පටන් ගන්නවා. අඩු ආදායම් ලාභීන්ට වොට් 05, 10, 15 ප්රමාණවලින් ඒ අයගේ වහළයේ ඉඩ ප්රමාණය අනුව සූර්ය කෝෂ නොමිලේ හයි කරන්වා.. “
“නොමිලේ හයි කරනවා පමණක් නොවෙයි, වොට් 05 කෙනෙකුට මාසයකට රුපියල් 1500ක් විතර මුදලකුත් ගෙවන්න බලාපොරොත්තු වෙනවා.“
“ඊලඟට අපි අවුරුදු 10ක් ගියාම මාසෙකට රුපියල් දස දහසක් පමණ අතට ලැබෙන වැඩපිළිවෙළක් අපි දහනවා. ඒ වගේම සිද්ධස්ථානවලටත් අපි සූර්යකෝෂ හයිකරන්න බලාපොරොත්තු වෙනවා. “
“ගරු අග්රාමාත්යතුමා පටන් අරන් සෑම ග්රාමසේවා කොට්ඨාසයකටම එක නිවාසයක් හැටියට නිවාස 14000ක් හරිගස්සලා තියනවා. පළමුව අපි පටන් ගන්නේ මේ නිවාසවලට විදුලිය දීලා .“