ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍යයට අහිතර වායුගෝලීය තත්ත්වය පහව යාමට තවමත් මාසයක පමණ කාලයක් ගතවෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික් වෘත්තිය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන පැවසීය.
වායුගෝලයේ පවතින විෂ සහිත වායු තත්ත්වයන් වරින් වර අඩු වැඩි වන නමුත් සෞඛ්‍ය හිතකර වායු තත්ත්වයක් ඇතිවීමට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇතැයි හෙතෙම පැවසීය.
ඉන්දියාවේ ඇති විස වායු තත්ත්වයන් මෙරටට පැමිණ ඇති නමුත් අප රට තුළද යම් යම් පුද්ගලයින් වායුගෝලයට විෂ වායු නිකුත් කිරීමට කටයුතු කරන බවද එය සපුරා තහනම් වන අතරම සපුරා නතර කළ යුතු බව අධ්යක්ෂවරයා අවධාරණය කරයි.
ගෙවත්ත අතුගා කොළරොඩු දහනය කිරීම පවා අද පනතකින් තහනම් කර ඇති අතර වාහන ධාවනය ඉහළ යාම හේතුවෙන්ද වායු දූෂණය වැඩිවී ඇති බව වෛද්‍ය සිරිවර්ධන මහතා පෙන්වාදේ.