සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රවාහන ඇමති  ලංගම සභාපතිව ඉවත් කර ඇත්තේ ලක්ෂ 65ක අතේ පාඩුවට   සිටි බස් සේවාවට පුද්ගලික බස් සමාගමකින් බස් ලබා ගැනීමේ ගිවිසුම දීර්ඝ නොකළ නිසා…

හිටපු ලංගම සභාපති ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධනගේ තීන්දුව ගැන හෙළි කරයි!

by editor
දෙසැම්බර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මාස තුනකට ලක්ෂ අසූ පහකට අධික පාඩුවක් ලැබූ නිසා  සිටි බස් සේවාව සඳහා එම බස් රථ සැපයූ පුද්ගලික සමාගමෙන් බස් ලබා ගැනීමට අදාල ගිවිසුම දීර්ඝ නොකිරීමට  තීන්දු කිරීම නිසා ඇමතිවරයා තමන් ලංගම සභාපති ධූරයෙන් ඉවත් කළ බව ලංගම හිටපු සභාපති නීතිඥ කිංස්ලි රණවක පවසයි.

ඔහු පවසන්නේ ඇමතිවරයා පවසන ආකාරයෙන්  මිස සිටි බස් සේවාව නවත්වා දැමීමට තමන්   කිසිසේත් කටයුතු නොකළ බවය.

හිරු පුවත් සේවය සමග සාකච්ඡාවට සහභාගී වෙමින් හිටපු සභාපතිවරයා පැවසුවේ ඇමති බන්දුල ගුණවර්ධන මුලුමනින්ම කරුණු වරදවා තේරුම් අරන් ඇති ආකාරය ය.

හිටපු සභාපතිවරයා මෙසේ කීවේය.

“ සිටි බස් සේවාව  නවත්වන්න මොනම වෙලාවක හෝ මා  තීරණය කරලා නෑ . එතන වැරදීමක් සිද්ධ වෙලා තියනවා ගරු අමාත්‍ය තුමන්ට.  “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ සිටි බස් සේවාව සඳහා යෙදවූ මෙම  එක් බස් රථයකට මාසෙකට දෙලක්ෂ   හැත්තෑපන්දහස ගානෙ මාසෙකට ගෙවන්න පොරොන්දු වෙලා තිබුණා. බස් රථ සඳහා කුලිය පමණක් මාසෙකට  ලක්ෂ තිස් තුනක්.  අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් නැතිව  මාසෙකට ලක්ෂ තිස් තුනක් පුද්ගලික ආයතනයකට  ගෙවන්න ලංගමට හැකියාවක් නෑ..

බස් රථවලට එම මුදල  අනුමත කරගන්න අධ්‍යක්ෂ මණ්ඩලය ලඟට ගියාම අධ්‍යක්ෂ මණ්ඩලය බැලුවා මේ බස් රථ සේවාවෙ ලාභ අලාභ කොහොමද කියලා. ගණන් බලනකොට මාස තුනටම ආදායම ලක්ෂ 43යි. ඩිසල්වලට විතරක් ගිහින් තියනවා   ලක්ෂ හතලිස් දෙකක්.

හම්බවෙච්ච ගාන ඩීසල් ගහන්නත් මදි.

මාස තුනට  ලක්ෂ හැට ගානක් දීලා තියනවා ඔය කියන සමාගමට. මාස තුන සඳහා බැලුවාම   සමස්ථ පාඩුව රු පියල් ලක්ෂ අසූ පහක්.

මේක බරපතල මූල්‍ය ප්‍රශ්නයක්. අපිට විගණනයට පිළිතුරු දෙන්න වෙනවා. අන්තිමට  කෝප් කමිටුව දක්වා මේක යනවා. ඒ නිසා අධ්‍යක්ෂ මණ්ඩලය තින්දු කළා මේ බස් සේවාවෙ පාඩුව අවමයක් කරගැනීම සඳහා  මේ පෞද්ගලික ආයතනයෙන්   බස් රථ ගැනීම නවත්වන්න. ඉන් හැඟෙන්නෙ නැ මේ  ව්‍යාපෘතිය නතර කරනවා කියන එක.“

“අමාත්‍යවරයා කියා ඇති ආකාරයට ව්‍යාපෘතිය නවත්වලා නෑ. එතුමා මට ඉල්ලා අස්වෙන්න කියලා ලියුම එවනකොට අධ්‍යක්ෂ මණ්ඩලයේ  තීන්දු ටිකවත් එළියට දාලා නෑ. අධ්‍යක්ෂ මණ්ඩලයෙ සභාපතිවරයා ලෙස මට තියෙන්නෙ ඡන්ද එකයි. ඇමතිවරයා පත් කළ  ඡන්ද තුනක් තියනවා. මේ තීන්දුව ගත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන්.  එසේ නම් අධ්‍යක්ෂ මණ්ඩලයම ඉල්ලා අස් විය යුතුයි. “

“ සභාපති වරු මිලියන ගණන් ගිවිසුම් අත්සන් කරනවා. තීන්දු තීරණ ගන්නවා. හැබැයි අමාත්‍යවරයාට හෙට එළිවන විට සභාපතිවරයෙක් එළියට දාන්න පුලුවන්. මෙය නොවිය යුතු දෙයක්.  මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යනකම් හඬක් නගන්න හිතාගෙන ඉන්නවා.  “

හිටපු සභාපතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වායුගෝලයේ අහිතක තත්ත්වය පහව යන්නට තවත් මාසයක පමණ කල් යයි!

Next Post

පේරාදෙණියේ සිසු මැරයින් හිටපු උපකුලපති නිල නිවස බිඳින ආකාරය සීසීටීවී සාක්ෂි මගින් තහවුරු වෙයි! ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.