ඉන්ධන පෝලිම්වල සිටින පිරිසට ටෝකන් ලබා දීමේ දී ඇති වූ අක්රමිකතාවක් හේතුවෙන් මේ වනවිට මිනුවන්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හල අසල නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වී තිබේ.
හමුදාව විසින් ටෝකන් බෙදීමේදී ඇති වූ අක්රමිකතාවයක් නිසා දින ගණනක් පෝලිමේ සිටි පිරිසට ටෝකන් එකක් ලබා ගැනීමේ අවස්ථාව මගහැරීම හේතුවෙන් මේ නොසන්සුන්තාව ඇති වී ඇත.
මේ වනවිට ආරක්ෂක අංශ තත්ත්වය සමනය කරගැනීමට කටයුතු කරමින් සිටිති.