මෙතෙක් පැවති ග්ලයිෆොසේට් භාවිතය හා ආනයන තහනම ඉවත් කර තිබේ. ඒ අනුව ග්ලයිෆොසේට් ආනයනය ට පලිබෝධ තාක්ෂණික උපදේශන කමිටුව ( PeTAC) විසින් අවසර ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ වැවිලි බෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව මෙම නිර්දේශය ඉදිරිපත් කරමින් දක්වා සිටින්නේ අඩු විෂ ද්‍රව්‍ය ප්‍රමාණයක් සහිත සහ පිරිවැය කාර්යක්ෂමතාවය ඉහළ විකල්ප වල් නාශයක් වෙලෙඳපලෙන් ලබා ගත හැකිවනතුරුත්, විදේශ විනිමය නිරන්තරව රැගෙන එන භෝග වගාවන් සඳහා විකල්ප මැදිහත්වීමක් නිර්මාණය වන තුරුත් පිළිගත් ලියාපදිංචි ආයතන හරහා සිමිත ප්‍රමාණයෙන්ගෙන් භාවිතයට පලිබෝධ තාක්ෂණික උපදේශන කමිටුව විසින් ග්ලයිෆොසේට් ආනයන නිර්දේශ ලබා දුන් බවය.
එම වාර්තාව දක්වන්නේ බඩඉරිඟු, මිරිස් , රටකජු, මුං බෝංචි, තල, බී ලූනු, රතු ලූනු, අර්තාපල්, තෙත් කලාපයයේ වී වගාව, සඳහා වල් පැල පාලනය කිරීමේ දී ග්ලයිෆොසේට් භාවිතයේ අවශ්‍යතාවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති බවය.
ග්ලයිෆොසේට් භාවිතය මේ බෝග දක්වා පුලුල් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශය යෝජනා කර ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
රී ලංකාවේ වැවිලි බෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සම්පූර්ණ ව වාර්තාව මෙතැනින්….ග්ලයිෆොසේට් භාවිතය