මිනීමැරුම් චෝදනාවක් මත පෝරකයට නියම වූ ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමේ නෛතික ගැටලුවක් නැති බවත්, මරණ දඬුවමට එරෙහිව ඔහු ඉදිරිපත් කර ඇති අභියාචනය ඔහුගේ නීතිඥයින් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දීමට අවස්ථාව හිමි වන බවත්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක පවසයි.
මැතිවරණ කොමිසම මගින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයේ ප්‍රේමලාල් ජයසේකරගේ නම ඇතුළත්ව තිබිණි.
ප්‍රේමලාල් ජයසේකර රත්නපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු මනාප ලයිස්තුවේ දෙවන තැන හිමි කරගෙන තිබිණි.
ඔහුට පාර්ලිමේන්තුවට යෑමට නොහැකි විනි නම් මනාප ලයිස්තුවේ 9 සහ 10වන ස්ථාන හිමිකරගෙන සිටින අපේක්ෂකයන් සමාන මනාප හිමිකරගෙන තිබුණු බැවින් නැවත මනාප ගණනයකට යෑමට ඉල්ලීම් කර තිබුණ බව වාර්තා වේ.