අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොල්කුඩු ගානට දැමූ  පිටියේ වීරයන්ගේ නොදත්  කතාව!

by editor
සැප්තැම්බර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

neutral-ampayer

මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනුයේ වර්ෂාව හා ආර්.ප්‍රේමදාස පිටියේ සහායකයන් හෙවත් ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකය.

තණතීරු සකස් කරන්නන්ට අමතරව තණතීරු ආවරණ අදින්නට හා එළන්නට සේවකයන් 140 ක් පමණ එහි වෙති.

මොවුන් වැඩට ගෙන තාවකාලික පදනමින්  ඇත්තේ දවස් පතා පඩියකටය.  දිනක වැටුප කෑම වේල හතරක් සමග රුපියල් 3000/= කි. කෑම වේල සමග වතුර බෝතලයක් හෝ නැත.

ඊට අමතරව කොට කලිසම් දෙකක්  පාට දෙකකින් ටී ෂර්ට දෙකක් හා කැප් එකක් ලබා දී ඇති අතර තෙමුණු පසු මාරු කිරීමට අමතර ටි ෂර්ටයක් හෝ නොමැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට පෙර පැවති ඇතැම් තරගාවලිවල වැහි කබායක් දුන්නද මෙවර එවැන්නක් ලබා දී නැත.

කොළඹට ඇද හැලෙන වර්ෂාව මධ්‍යයේ තරග පවත්වන්නේ මේ පිරිස නිසා බව ජාත්‍යන්තර මාධ්‍යෙවලද කතාබහට ලක්ව තිබේ.

ලොව පුරා කෝටි ගණනක් ජාත්‍යන්තර  රූපවාහිනී විස්තර විචාරය අතර තුර මොවුන්ගේ කාර්‍යක්ෂම සේවාව දකින අතර ඉන්දීය නායක රොහිත් ෂර්මා පවා මොවුන්ගේ සේවය අගය කළේය.

ඒ අතර එඩිට් කරන ලද සේයාරුවක් සහිතව රොහිත් ෂර්මා ඉන්දීය පිලට ලැබුණු තෑගි මුදල මොවුන්ට පිරිනැමූ බවට බොරුවක්ද සමාජ ජාල වල ප්‍රචාරය විය.Ground-Staff

ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට සලකන හැටි

එහෙත් මොවුන්ගේ ඇත්ත කතාව බොහෝ දෙනකු දන්නේ නැත.

මේ සමහරු ආර්.ප්‍රේමදාස පිටිය අවට වාසය කරන්නන් වන අතර ඇතැමුන් ගාල්ල වැනි දුර බැහැර ප්‍රදේශ වලින් ගෙන්වා ගත් තණතීරු ඇදීමේ කලාව හොඳින් උගත් අය වෙති.

මොවුන්ට තරග පැවැත්වෙන සමයේ ගෙවල් වලට යාමටද වරම් නොමැත.

පැය විසි හතරම සූදානමින් සිටිය යුතු අතර පෙරවරු 6 වන විට ක්‍රීඩාංගණයට ඇතුල් වී තරගය අවසාන වීත් මැදියම් රැය වනතුරු උදේ හැඳගත් ඇඳුම පිටින්ම සිටිය යුතුය.

වැස්සටද තෙමිය යුතුය.

හැමවිටම අහස්කුස  නිරීක්ෂණය කරමින් වළාකුළුවල ස්වභාවය අධ්‍යයනය කරමින් සිටිය යුතුය.

වැස්සට තෙමී  පැමිණි ප්ලේන් ටී එකක් හෝ කෝපි එකක් හෝ නොමැත.

කෑම වේලකට පසු හෝ වැඩ කරන අතරතුර පිපාසයට බොන්නට වතුර බෝතලයක් හෝ නොලැබෙයි .

එහෙත් ආර්.ප්‍රේමදාසයේ ඇති වායුසමීකරණය කර ඇති ක්‍රිකට් ඉහළ බලධාරීන්ගේ කුටි වලට වතුර නොව ඕනෑතරම් විස්කි හා බියර් බෝතල් සැපයේ.

ඒවා ගෙනත් බාන්නේ ක්‍රිකට් ආයතනයේම වැටුප් ලබන සංචාර හසුරුවන නිලධාරීන්ම වීමත් ඔවුන්ට තණතීරු අදින සේවකයන්ට වතුර බෝතලයක් ලබා දීමට නොහැකි වීමත් කැපී පෙනේ.

එක දිගට වතුරේම සිටීමෙන් සමහර සේවකයන්ගේ යටි පතුල් කුණු වී ඇති බවද වාර්තාවේ.

තරග නැරඹීමට එන ප්‍රේක්ෂකයන්ටත් රූපවාහිනියෙන් තරග නරඹන කෝටි සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ටත් වර්ෂාව මධ්‍යයේ තරගය පවත්වනු දැක බලාගැනීමට හැකි වන්නේත් දෙපිලේ ක්‍රීඩකයන්ට තරගයේ ක්‍රීඩා කර ප්‍රතිඵලයක් ලබා ගත හැකි වන්නේත් මොවුන්ගේ කාර්‍යක්ෂම සේවය නිසාය.

ලෝකෙටම එකයි

මෙවැනි ආවරණයක් ලෝකයේ කිසිම ක්‍රීඩාංගනයක නැත…

වර්ෂාවට පෙර ක්‍රීඩාංගණය නොතෙමෙන්නට මුළු ක්‍රීඩා පිටියේම තණතීරු එළන්නට ඔවුන්ට යන්නේ ව්නාඩි දහයකට අඩු කාලයකි.

වර්ෂාවෙන් පසු මුල් අවදියේ තණතීරු ආවරණ  මත තිබෙන වතුර ඉවත් කිරීමට සුපර් සොපර් යොදා ගත්තද දැන් එම තාක්ෂණයට කාලය මිඩංගු නොකොට කෙලින්ම ආවරණ පිටියෙන් ඉවතට ඇදීමේ ක්‍රමයක් භාවිත කෙරේ.

ඒ වැස්සට පෙර තණතීරු එකක් මත එළන ක්‍රමය මගිනි. නැවත ඒවා ඉවත් කරන්නේද ඒ අනුවය.

එනිසා වර්ෂාවෙන් පසු පැය භාගයක් ඇතුළත සියලුම ආවරණ පිටියෙන් ඉවත් කිරීමට මොවුන්ට හැකියාව තිබේ.

ලොව කිසිම ක්‍රිකට් ක්‍රීඩාංගණයක වර්ෂාවට මුළු පිටියම ආවරණය නොකෙරෙන අතර මෙතරම් පුහුණු ක්‍රීඩාංගණ සේවක පිරිසක් නොමැත.

මෙවැනි සේවයක් සිදු කරන මෙම සේවක පිරිස එවැන්නක් කරන්නේ මෙවැනි දුෂ්කරතා හා අපහසුකම් රැසක් මැද බව බොහෝ දෙනා නොදනිති.

තරගය ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පවා තරගයෙන් පසු ටී ෂර්ටයක් හෝ බොටමක් මොවුන්ට විසි කරනු දැකිය හැකි වුවත් ලැබෙන  ඩොලර් පන්දාහක තරග දීමනාවෙන් ඩොලරයක් වත් මොවුන්ට දෙනු දැක ගත නොහැක.

තරග දිනා දෙන ක්‍රීඩකයන් වීරයන් ලෙස සළකද්දී තරගය පවත්වන්නට මග සළසා දෙන මොවුන්ද වීරයන් ලෙස සැළකිය යුතු නොවේද?

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රජයේ බංගලා හා නිල නිවාස ගිය වසරේ දී රජයට කෝටි 7ක් ණයයි…..

Next Post

චැනල් ෆෝ චෝදනා විමර්ශනයට ජනාධිපතිගෙන් කමිටුවක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.