පාස්කු ප්‍රහාරය පිළිබඳ “චැනල්-4” චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ.සී.එම් ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ.ජේ. සෝසා කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කර තිබේ.







