බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිබියාවේ ජීවිත 20000ක් වැනසූ දැන දැන වෙන්න අත්හල අපරාධය….

by editor
සැප්තැම්බර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනය 11 වැනිදා සඳුදා අලුයමය. වෙලාව අළුයම 3 ට පමණ ඇත.  නැගෙනහිර ලිබියාවේ  ඩර්නා වරාය නගරයේ වැසියෝ සුව නින්දකය.  

ඉරිදා සිට ලිබියාවට ඩැනියල් සුළි කුණාටුව විසින් ඇති කළ මහා තද වර්ෂාවක් ඇද හැලෙමින් තිබිණි. ඩැනියල් සුළි කුනාටුව ලිබියාවට කඩා වැදුනේ   ග්‍රීසිය, තුර්කිය සහ බල්ගේරියාව  හරහා එන ගමන්ය.

ඉරිදා ලිබියාවට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලුනේය.  ඩර්නා  නගරයට බටහිර දෙසින් පිහිටි නගරයක් වන අල්-බයිදා වෙත පැය 24ක් තුළ අඟල් 16 (මි.මී. 414) වඩා වැඩි වර්ෂාපතනයක්  පතිත විය.

අබලන් වේලි

ඇද හැලෙන වර්ෂාවේ මහා ධාරිතාව ඩෙර්නා සහ මන්සූර් වේලි මත ඇති කළේ විශාල පීඩනයකි. ඩෙර්නා වේල්ල   මීටර් 75 (අඩි 246) උසකින් යුක්තය.    එහි ගබඩා ධාරිතාව ඝන මීටර් මිලියන 18 (ගැලුම් බිලියන 4.76) කි. දෙවන වේල්ල වන මන්සූර් මීටර් 45 (අඩි 148) උසකින් යුක්තය.    එහි ධාරිතාව ඝන මීටර් මිලියන 1.5 (ගැලුම් මිලියන 396) වේ.

බලාපොරොත්තු නොවූ මොහොතක ඇද හැලුන මහා ජලකඳ දරාගෙන   කළමණාකරණය  කිරීමට හැකි දියුණු ක්‍රම වේද එම වේලි පද්ධතිය තුළ තිබුණේ නැත. එමෙන්ම  මෙම වේලි දෙකම වසර ගණනක්  තිබුණේ නඩත්තු තත්ත්වයේය.  එම වේලි 2002 වසරේ සිට නඩත්තු කර නොමැති බව නගරයේ නියෝජ්‍ය නගරාධිපති අහමඩ් මැඩ්රූඩ් මේ ව්‍යසනය වූ පසු අල් ජසීරා වෙත කියා තිබිණි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කොහොමත්  ගැටලුව රට දැන සිටියේය.  ඩර්නාහි වේලි “ගංවතුර අවදානම සඳහා ඉහළ විභවයක්” ඇති බවත්, “ව්‍යසනකාරී” ගංවතුර වළක්වා ගැනීම සඳහා වරින් වර නඩත්තු කිරීම අවශ්‍ය බවත්  සේභා විශ්වවිද්‍යාල පර්යේක්ෂකයන් පර්යේෂණ පත්‍රයක් මගින් අනතුරු ඇඟවූයේ මීට වසරකට කලිනි.

පවතින වේලි කාලානුරූපව නඩත්තු කිරීම සඳහා නිලධාරීන් කඩිනම් පියවර ගැනීම අවශ්‍ය බවත්,  නොඑසේ නම් විශාල ගං වතුරක් ඇති වූ විට  එහි ප්‍රතිඵලය නිම්නයේ සහ නගරයේ පදිංචිකරුවන්ට ව්‍යසනකාරී වනු ඇති බවත් එම පත්‍රිකාවෙන් අවධාරණය කර තිබිණි.

වේල්ල පුපුරා යෑම

එහෙත් දෙකට බෙදී යුද්ධයක් කරන රටක් මනුෂ්‍ය ව්‍යසනයන් පිළිබඳ සංවේදී නැත.  දීර්ඝ කාලයක් ලිබියාව පාලනය කළ කර්නල් මුවම්මර් ගඩාෆි 2011 වසරේදී බලයෙන් පහ කර ඝාතනය කිරීමෙන් පසු, ලිබියාව දේශපාලන ව්‍යාකූලත්වයට පත්වූයේය.  ට්‍රිපොලි අගනුවර සහ නැගෙනහිර කලාපය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ජාත්‍යන්තරව පිළිගත් අන්තර්වාර රජයක් සමග රට බෙදී ගියේ ය. බෙදී ගිය රටේ යුද්ධය අනෙක් සියලුම දේ යටපත් කර දැම්මේය.

මේ වටපිටාවේ දී සිදුවිය යුතු ලෙසම අබලන් වේල්ල මහා වර්ෂාවේ ජල කඳ හේතුවෙන් පිපිරී ගියේය.  දෙවනුව, විශාල ජල රැල්ලක් කඳු හරහා වෙරළබඩ ලිබියානු නගරය දෙසට ඇදිනි. මීටර හතක් උසට ජල රැළි මතුවී විසල් ගොඩනැගිලි සමතලා කළේය. නින්දේ පසු වූ නරගර වැසියන් සිදුවූයේ කුමක්දැයි දැනගෙන සිටියේ නැත. මහා ජලකඳ හාත්පස් සුන් කරමින් පැමිණ සුනාමියක් සේ නින්දේ සිටි මිනිස්සු කුඩුපට්ම් කර වරාය නගරය සූරාගෙන මුහුදට ගසාගෙන ගියේය.

ව්‍යසනයේ කේන්ද්‍රස්ථානය වූ නැගෙනහිර ලිබියානු නගරය වන ඩර්නා හි ඛේදවාචකයට පෙර 100,000 ක පමණ ජනගහනයක් සිටියහ.

නැගෙනහිර කලාප රජයේ හදිසි ප්‍රතිචාර කමිටුවේ සාමාජික සහ ගුවන් සේවා අමාත්‍ය හබු අබූ ෂුකේකා දුරකතනය ඔස්සේ රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ මෙසේය.

“නගරයෙන් 25%ක් අතුරුදන් වෙලා කියලා මම කියන්නේ අතිශයෝක්තියක් නෙවෙයි.‍ ගොඩනැගිලි ගොඩක් කඩා වැටිලා.”

දැන් වරාය නගරයේ නගරාධිපති පවසන්නේ මිය ගිය මුළු සංඛ්‍යාව 20,000 දක්වා ළඟා විය හැකි බවය. ලිබියාවේ  සිවිල් ගුවන් සේවා අමාත්‍ය හබු අබූ ෂුකේකාගේ ගණනය ද එයමය.

ගණනය නොවුන  ඛේදවාචකය 

ඛේදවාචකයේ තරම තවම ගණනය වී නැත.  මේ මොහොත වනවිටත් සහන සේවා කණ්ඩායම් මහ මුහුදේ සහ සුන් බුන් අතර මිනි සොයමිනි.

“ලිබියාවේ මුදා ගැනීමේ කණ්ඩායම් නෑ‍. බේරා ගැනීමට පුහුණු සේවකයින් නෑ. පහුගිය අවුරුදු දොළහේ ම යුද්ධය ගැනයි අවධානය යොමු කළේ,” ලිබියානු මාධ්‍යවේදී අබ්දුල්කාදර් අසාද්  බීබීසී පුවත් සේවයට පවසා තිබිණි.

“ලිබියාවේ ආණ්ඩු දෙකක් තියෙනවා… ඒක ටිකක් ව්‍යාකූල නිසා ලිබියාවට ලැබෙන උපකාර ප්‍රමාද වෙනවා. උදව් කරන්න ඉදිරිපත් වෙන අය හිටියාට උපකාර ලැබෙන්නෙ නෑ.” ඔහු පැහැදිලි කළේය.

විසි දහසක වැඩි ප්‍රමාණයක් ලිබියාවේ බුන්බත් වූයේ ස්වභාවික ආපදාවකින් නොවේ. බලය වෙනුවෙන් මරා ගන්නා කණ්ඩායම් දෙකක්  මිනිස්සුන්ගේ වටිනාකම අත්හැර දමා සිදුවෙන්නට හැරිය අපරාධයකි.

අපේ රටට එවැනි අත්දැකීමක් ඇත. පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් තවමත් ලේ වැගිරෙන්නේය.    තවමත් එවැනි අපරාධ ලෝකයේ සිදුවෙමින් ඇති බව තේරුම් ගැනීම දැනට ප්‍රමාණවත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චැනල් ෆෝ චෝදනා විමර්ශනයට ජනාධිපතිගෙන් කමිටුවක්…

Next Post

අවුරුදු දෙකට කෝටි 81ක් ඉතිරි කර දුන් රියදුරු බලපත්   ව්‍යාපෘතියෙන්  යුද හමුදාව ඉවත් කරයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.