සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මිය ගිය බව ඉරානය තහවුරු කරයි!

by editor
මැයි 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

“ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ විදේශ අමාත්‍යව හොසේන් අමිරබ්දොල්ලාහියන් ඇතුළු  හෙලිකොප්ටරයේ සිටි සියලුම මගීන් අනතුරින් මිය ගිය බව” ඉරාන රජයේ නිලධාරීන් නිල වශයෙන් තහවුරු  කළේය.

අයිස් සහිත කටුක කාලගුණ තත්ත්වය තුළ මෙහෙයුම් දියත් කළ සෝදිසි කණ්ඩායම් නැගෙනහිර අසර්බයිජාන් පළාතේ හිම සහිත කඳුකර ප්‍රදේශයක් මත හෙළිකොප්ටරයේ සුන්බුන්  සොයා ගන්නේ සැක සහිත අනතුර සිදුවී පැය 12කින් පසුවය.

ඉරාන මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කඩාවැටුණු ස්ථානයේ ඡායාරූප පලකර තිබිණි.  එහි ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය කඳු මුදුනක කැබලිවලට බිඳී සුන් වී ඇති අයුරු පෙන්වයි. Al Jazeera වාර්තාකරු Ali Hashem විසින් සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද එක් ඡායාරූපයක හෙලිකොප්ටරයේ වලිගය තණකොළ සහිත ප්‍රදේශයක උඩු යටිකුරු වී ඇති අයුරු පෙනුණි.

Al Jazeera වාර්තාකරු Ali Hashem විසින් හෙලිකොප්ටරයේ සුන්බුන් වාර්තා කර ඇති අයුරු…

“ජනාධිපති රයිසි, විදේශ අමාත්‍යවරයා සහ හෙලිකොප්ටරයේ සිටි සියලුම මගීන් අනතුරින් මිය ගියහ,” ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ ස්වකීය අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමිනි.

ඉරානයේ Mehr ප්‍රවෘත්ති ඒජන්සිය මරණ තහවුරු කර තිබිණි. “ඉරාන ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරයේ සිටි සියලුම මගීන් ප්‍රාණ පරිත්‍යාග කර ඇත..” පුවත් ඒජන්සිය කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරින් මිය ගිය කණ්ඩායම…

ඉරාන නිලධාරියෙකු මීට පෙර රොයිටර් පුවත් සේවයට පැවසුවේ රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්දොල්ලාහියන් රැගත් හෙලිකොප්ටරය ඉරිදා අනතුරෙන් සම්පූර්ණයෙන්ම දැවී ගිය බවය.

රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේ ගුවන් යානය කඳු මුදුනක ගැටී ඇති බව   ඡායාරූපවලින් පෙන්නුම් කළ නමුත් අනතුරට හේතුව පිළිබඳව නිල වශයෙන් දන්වා  නොමැති බවය.

රයිසි එක්සත් ජනපදයේ නිෂ්පාදිත බෙල් 212 හෙලිකොප්ටරයකින් පියාසර කරමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇතැයි  රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය IRNA පැවසුවේය.

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙසක් පෝය නිමිත්තෙන් ඤාණසාර හිමිට ජනාධිපති සමාව දීම සුදුසු යැයි මහා නායක හිමිවරු ජනපතිට දන්වති!

Next Post

වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා බන්ධනාගාර  කටයුතු බිඳවැටෙයි… ගාල්ල බන්ධනාගාරයේ සේවයට ඇවිත් ඇත්තේ නියාමකවරු 06… 60ක් නිවාඩු….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.