ඉඳුනිල් කහටපිටිය –
පුරා සිවු වසරක සිර දඬුවමක් ලබමින් දැනට බන්ධනාගාරගත වී ඇති ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට වෙසක් පුන් පොහොය නිමිතිකොට ගෙන ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිඛිත සංදේශයක් යොමු කර තිබේ.
උන්වහන්සේලා පෙන්වා දෙන්නේ ඤාණසාර හිමියන් මෙරට සිංහල බෞද්ධ ජාතිකයත්වය වෙනුවෙන් හඬ අවදි කරමින් කටයුතු කළ අතරම සමාජය තුළ පැවති අන්තවාදී හැසිරීම් සම්බන්ධව ආරක්ෂක අංශ දැනුම්වත් කිරීමට පියවර ගත් බවය.
එමෙන්ම එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කොමිසමේ සභාපතිත්වය දරමින් රට තුළ පොදු නීති පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ නිර්දේශ රජය වෙත ලබාදීමට ද කටයුතු කර ඇති බව ද මහා නායකහිමිවරු කියති.
ඤාණසාර හිමියන් ජාතික සමගිය මෙන්ම සමාජ සහයෝගය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කර ඇති බවට පැහැදිලිවන බැවින් උන්වහන්සේට ජනාධිපති සමාවක් ප්‍රදානය කිරීමට කටයුතු කිරීම මැනවැයි මහා නායක හිමිවරු ජනපතිට දන්වති.
එම නිවේදනය පහත දැක්වේ.










