ශ්‍රියානි විජේසිංහ
පාසල් සිසුන් ප්‍රවාහනය කරන සියලුම වාහන කහ වර්ණය ආලේප කිරීම අනිවාර්ය කිරීමට රජය තීරණය කරයි.
දරුවන් ප්‍රවාහනය කරන වාහනවලට මහා මාර්ගය තුළ ප්‍රමුඛතාව ලබා දීම උදෙසා සහ දරුවන්ගේ සුරක්ෂිතතාව උදෙසා මෙම තීරණය ගත් බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
මේ අනුව කහ වර්ණය යෙදූ වාහනවලට ඉදිරියට යාමට අනෙකුත් වාහන රියදුරන් ඉඩ ලබා දෙනු ඇති බැවින් කලට වේලාවට පාසල වෙත දරුවන්ට යාමට මේ අනුව ඉඩකඩ සැලසෙන බවද සදහන්වේ.
ඉදිරියේදී පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන ආනයනය කිරිමේදී කහවර්ණය ආලේප කල ඒවා පමණක් ආනයනය කිරීමට අවසර දීමට පියවර ගන්නා බවද ඇමතිවැයා පවසා සිටියි.