කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙක් කොම්පඤ්ඤ වීදිය ඇල්ටෙයාර් මහල් නිවාස සංකීරණයේ 67 වැනි මහලෙන් පැන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.
මියගිය දරුවන් වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
පොලිස් පරීක්ෂණවලට අනුව හෙළි වී ඇත්තේ මෙම ගැහැනු දරුවාත් පිරිමි දරුවාත් ජාත්‍යන්තර පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුන් බවය.
පාසල් වේලාවෙන් පසු එම ගොඩනැගිල්ලේ පැවති සාදයකට මෙම දරුවන් දෙදෙනා සහභාගී වී ඇත. මෙම සාදයට සිසුන් 100ක් පමණ පැමිණ සිටි බව වාර්තා වේ.
මෙම දැරිය සහ දරුවා 67 වැනි මහලෙන් බිමට පැන ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර පොලිසිය ඔවුන් දෙදෙනාගේ සිරුරු 3 වැනි මහලේ තිබී සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.