සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව හෙලුවෙන්… කුණු පොහොර එපා කී  ප්‍රමිතිය වෙනස් කර චීන්නු එවූ ලියැවිල්ල කැබිනට් අනුමැතියට…..

by editor
දෙසැම්බර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඩොලර් හයකෝටි හත් ලක්ෂයක් වන්දි ගෙවා ප්‍රතික්ෂේපිත ව්‍යාධිජනක කුණු පොහොරම යළි ගෙන්වීමේ සැලසුමක්….

මේ රටත් පසත් පොළොවත් ජෛව පද්ධතියත් ආරක්ෂා කළ කාබනික ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ SLS 1704 ප්‍රමිතිය චීන බලපෑම ඉදිරියේ වෙනස් කර පොහොර ගෙන්වීම සඳහා චීනයේ නිර්දේශ සහිතව සකස් කරන ලද ලියැවිල්ල  ලබන සඳුදා (03) කැබිනට් අනුමැතියට ඉදිරිපත් වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් සකස් කළ මෙම ලියැවිල්ල චීන පොහොර සමාගමේ සංශෝධන සහිත නිර්දේශ ලබා ගැනීමට පසුගිය 23 දා චීනයට යැවූ අතර චීන නිර්දේශ සහිතව පසුගිය 25 දා ලැබී තිබිණි.

චීන පොහොර සමාගම විසින් නිර්දේශ කර තිබුණේ තමන්ගේ පොහොර තොගය ප්‍රතික්ෂේප වුණු ක්ෂුද්‍රජීවීන් සහිත කාබනික ඝන පොහොර ලංකාවට ගෙන්වීම තහනම් කළ  SLS 1704 ප්‍රමිතිය සහ ශාක ආරක්ෂණ පනත වෙනස් විය යුතු බවය.

එම නිර්දේශ අනුව පොහොර ලේකම් කාර්යාලය ප්‍රමිති ආයතනයෙන් අදාල SLS 1704 ප්‍රමිතිය වෙනස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සම්පාදනය වෙමින් ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

SLS 1704 ප්‍රමිතිය

රට තුළට පිට රටකින් කිසිම ව්‍යාධි ජනක  ක්ෂුද්‍රජීවි විශේෂයක් ඇතුළත් කරගැනීමට නොහැකි වන සේ මෙම ප්‍රමිතිය සකස් වන්නේ වර්ෂ 2013 දී පමණය. ඉන් පෙර කිසිම අවස්ථාවක රටට කාබනික ඝන පොහොර ගෙන්වීම සඳහා අවශ්‍යතාවයක් පැන නැගී තිබී නැත. ඒ වනවිට රට තුළ බලපවත්වනු ලැබුවේ කාබනික දියර ආනයනයේ දී බලපැවැත් වූ    SLS 1702 ප්‍රමිතියය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් කාබනික ඝන පොහොර ලංකාවට ආනයනය කිරීමේ අවශ්‍යතාවය මතුවන විට ඒ හරහා රටට ඇතුළු වී ශාඛ, සත්ත්ව, පාංශු පද්ධතිය සහිත මුලු පරිසර පද්ධතියම විනාශ කළ හැකි ක්ෂුද්‍රජීවීන් වැලැක්වීමට ප්‍රමිතියක් අවශ්‍ය විය.

රටේ සිටින පරිසර විද්‍යාඥයින්, කෘෂි විද්‍යාඥයින්, පාංශු ජීව විද්‍යාඥයින් සහ  ක්ෂුද්‍ර ජීව විද්‍යඥයින්  එක්ව ප්‍රමිති කාර්යාංශය සමග කළ  දීර්ඝ සංවාදයකින් අනතුරුව  මෙම 1704 ප්‍රමිතිය සහතික කර තිබිණි.

විද්වත් වෘත්තිකයින් පෙන්වා දෙන්නේ මෙම ප්‍රමිතිය හේතුවෙන් මේ රට අතිශය බිහිසුණු පාරිසරික අනතුරුවලින් බේරුණු බවය.  ව්‍යාධි ජනක චීන පොහොර තොගය ප්‍රතික්ෂේප වන්නේත් මේ ප්‍රමිතිය මත පිහිටමිනි.

කෙසේ වෙතත් ඩොලර් බිලියන 6.7ක වන්දියක් ද ගෙවා අනතුරුව එම පොහොර තොගයම රට තුළට ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ව්‍යාධිජනක පොහොර තොගය ප්‍රතික්ෂේප කළ ප්‍රමිතිය වෙනස් කිරීමට අවශ්‍ය ලියවිල්ල මේ වනවිට සකස් වෙමින් ඇති බව වාර්තා වේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් 

මේ පිළිබඳව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාගෙන් කළ විමසුමක දී ඔහු ප්‍රකාශ කළේ තමන් මේ ලියැවිල්ල පිළිබඳව නොදන්නා බවත්, තවමත් ඇස් දෙකින් නුදුටු බවත්, ප්‍රමිතිය වෙනස් කරන්නේ නම් එය තමන්ට බලපෑම් කළ හැකි දෙයක් නොව ප්‍රමිති කාර්යාංශයේ වැඩක් බවත්ය.

1704 ප්‍රමිතිය සැකසීම සම්බන්ධව කටයුතු කළේ ප්‍රමිති කාර්යාංශයේ කණ්ඩායමක් සහ කෘෂිකර්ම විද්වත් කණ්ඩායමක් බව ද ඔහු කීවේය.

එහෙත් තතු දත් ආරංචි මාර්ග පවසන්නේ ඝන කාබනික ද්‍රව්‍ය රටට ගෙන්වීම සඳහා අවසන් නිර්දේශය ලබා දෙන බලධාරියා වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ලියැවිල්ල ගැන නොදන්නා බව කීම පුදුමයක් බවය.

ඩොලර් මිලියන 6.7ක වන්දියක් ගෙවා, එම පොහොර ප්‍රතික්ෂේප වුණු SLS 1074 ප්‍රමිතියත් වෙනස්කර  උක්ත ලියැවිල්ල සකසා කැබිනට් අනුමැතියට යොමු කර   මේ  පොහොර තොගය රට තුළට ගනුලැබුවහොත් මේ රටේ අනාගත පරපුරම එම අපරාධයට වන්දි ගෙවනු ඇතැයි ක්ෂේත්‍රයේ විද්වත්හු ලංකාසරට අවධාරණය කර පැවසූහ.

සමාජ මාධ්‍ය කරන ප්‍රකාශ

මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරෙමින් ඇත්තේ  මෙම පොහොර තොගය සඳහා ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් තමන්ගෙන් කොමිස් මුදල් ඉල්ලූ බව ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් චීන පොහොර සමාගමේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර ඇති බවය.

ශ්‍රී ලංකාව විශ්වාස කළ නොහැකි රටක් බවත්, ඒ  රට සමග ගනුදෙනු නොකළ යුතු බවත්, චීනයේ ප්‍රධාන සමාගම්වලින් සහ ලෝකයේ වෙනත් සමාගම්වලින් ඔවුන් සමග ගනුදෙණු නවත්වන ලෙස ඉල්ලා සිටින බවත් චීන පොහොර සමාගම බලපෑම් කරමින්  ඇතැයි එම වාර්තා දක්වයි.

කියවන්න….

චීන පොහොර රට තුළට ගන්න නීතිපති දෙපාර්තමේන්තුව හදපු ලියැවිල්ල අනුමැතිය ගන්න ෂින්ඩාවෝ යවලා…

චීන පොහොර ප්‍රතික්ෂේප වූ ප්‍රමිතිය වෙනස් කර ශාක ආරක්ෂණ පනතත් වෙනස් කිරීමට චීන්නු නිර්දේශ එවති!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආහාර – ඩොලර් අර්බුදයට ඉන්දියාවෙන් ණය කට්ටල තුනක් සූදානමින්

Next Post

පොලිස්පතිගේත් හිස ගිනි ගනී! – ඕ.අයි.සී.ලා පත්කිරීමත් අවුලෙන් අවුලට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.