අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වයි අංශයට යාබදව බිම වළ දමා තිබූ නවීන ජංගම දුරකථනය හා උපාංග රන්ජන් රාමානයක විසින් ඊසි කෑෂ් ක්‍රමයට කිසියම් පුද්ගලයෙකුට මුදල් ගෙවා ගෙන්වාගත් එකක් බවට තොරතුරු ලැබී ඇතැයි බන්ධනාගාර හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත පවසයි.
මෙම නවීන ජංගම දුරකථනය හා උපාංග බන්ධනාගාරයේ රන්ජන් රාමනායක සිටින වයි අංශය ආසන්නයේ වළ දමා තිබිය දී බන්ධනාගාරයේ බුද්ධි අංශ විසින් සොයාගෙන තිබිණි.
මේ අනුව අදාල සිද්ධිය පිළිබඳ විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව ද අමාත්‍යවරයා කීවේය.