බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

කොවිඩ් නිසා “බ්ලොක් වූ “ ලෝකයට බ්ලොක් චේන් වලින් සහනයක්

by editor
මැයි 14, 2020
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

ඉන්ටර් නෙට් එක එනම් අන්තර්ජාලය මීට වසර 25කට එහා අපට නුහුරු නුපුරුදු වචනයකි. සෝෂල් මීඩියා හෙවත් සමාජ මාධ්‍ය මීට වසර 10කට එහා අපේ බොහෝ දෙනකුට ‍නුහුරු වචනයකි. ඉන්ටර් නෙට්, අන්තර්ජාලය නමින් සිංහල නාමකරණයට හසු වන්නේත් සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය ලෙසින් සිංහල ව්‍යවහාරයට එන්නේත් ඒ තාක්ෂණය ටිකෙන් ටික අපේ අය සමඟ යාලුකම් නෑදෑකම් පටන් ගැනීමෙන් පසුවය. මේ තාක්ෂණයේ ඊළඟ තීරණාත්මක අවස්ථා දෙක දැනටත් අප ඉදිරියේ පැමිණ ඇත. තවමත්  සිංහලෙන් නාමකරණයට ලක් නොවූ තාක්ෂණ දෙපළ වන්නේ ක්‍රිප්ටෝකරන්සි (Crypto Currency)සහ බ්ලොක්චේන් (Block Chain)තාක්ෂණයයි.

ශ්‍රි ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රෙයයේ නවතම සාමාජිකයා ලෙස අන්තර්ජාලය හරහා ඔබ වෙත එන ලංකාසර ලෝකය සමඟ අපේ රට වේගයෙන් බද්ධ කිරීමේ සන්නිවේදන අතරමැදියා වීමේ දැක්මක් ඇත. ඒ අනුව අප නූදුරේදීම අන්තර්ජාලය තුළ අපට නතු වන්නට සිදුවන විප්ලවකාරී වේදිකාවක් වන බ්ලොක්චේන් සහ ක්‍රිප්ටෝකරන්සි පිළිබඳව මූලික දැනුවත් බවත් ඇති කිරීම මෙම කෙටි ලිපියේ අරමුණ වන්නේය.

ලෝකය කරකැවෙන්නේ එකම වේගයෙන් එකම ආකාරයෙන් වුවද ‍කොවිඩ් 19, නව කොරෝනා වසංගතයෙන් සිර වී සිටි මේ ලෝකයේ  ජනතාවට මෙම වසංගතයෙන් අනතුරුව  යළි සාමාන්‍ය ජීවිතය අරඹන්නට සිදුවන්නේ සුපුරුදු රිද්මයෙන්ම නොවේ. එය නව සුපුරුදු කමකි නව ආකාරයේ සාමාන්‍යයකි (New Norm). මේ ගැන බොහෝ දෙනකුට අවබෝධයක් නොමැති තරම්ය. එහෙත් මේ නුපුරුදු අනාගතයේ ලෝකය වඩාත් කාර්යක්ෂම කරවන බවට විශ්වාසයක් තබා ඇති ක්ෂේත්‍රයක් වන්නේ බ්ලොක්චේන් යාන්ත්‍රණයයි. මෙය සැකෙවින්ම පවසන්නේ නම් එකම මොහොතක එකම වේදිකාවක ගනුදෙනු ඇතුළු බොහෝ අවශ්‍යතා ඉටු කර ගැනීමේ යානත්‍රතණයකි. මෙය සම්පූර්ණයෙන්ම මධ්‍යගත වන අතර කිසිදු පුද්ගලයකුගේ පාලනයකින් තොරව එහෙත් ආරක්ෂිතව සහ කාර්යක්ෂමව අදාළ කාර්යය සිදුවිමේ තොරතතුරු තාක්ෂණමය වේදිකාවකි.

මෙම බ්ලොක්චේන් තාක්ෂණයේ මුල් පුරුක වන්නේ ක්‍රිප්ටෝ මුදල් ඒකක බැවින් මුලින්ම ඒ  ගැන කතා නොකර බැරිය. ක්‍රිප්ටෝ මුදල් ඒකක යනු අන්තර්ජාලයේ සැරිසරන ඩිජිටල් මූල්‍ය ඒකකයි. මෙවැනි මුදල් ඒකක ගණනාවක් මේ වනවිට නිර්මාණය වී ඇති අතර මෙයින් ලෝකයේ බහුලවම භාවිත වන මූලික මුදල් ඒකකය වන්නේ බිට්කොයින්ය. 2009 වසරේදී සතෝෂි නකාමොටෝ විසින් නිර්මාණය කරන ලද මෙම ඩිජිටල් මුදල් ඒකක සංකල්පය පසුගිය කාලය තුළ ඉතා පුළුල් වශයෙන් ප්‍රචලිත වූ අතර එය පසුගිය කාලයේ බිට්කොයින් ඒකකයක අගය ඇමෙරිකානු ඩොලර් විසි දහස දක්වා ඉහළ මට්ටමකටද ගියේය. අප අතර භාවිත වන සාම්ප්‍රදායික මුදල් ඒකක වන ඩොලර් පවුම් රුපියල් ආදි එක් එක් රටේ මුදල් ඒකක මහ බැංකු වැනි මධ්‍යගත මූල්‍ය පරිපාලන පද්ධතියක් හරහා පාලනය වෙයි. එහෙත් බිට්කොයින් එවැනි පාලනයකින් තොරය. එය සමඟ ගනුදෙනු කරන්නන් සුරකින ආරක්ෂිත පද්ධතියක් එය තුළ ක්‍රියාත්මකය. මුලදී සාම්ප්‍රදායි මූල්‍ය ව්‍යවහාරිකයන් එනම් හසුරුවන්නන් මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවිම්  සහිත අසුබවාදී ප්‍රවේශයකින් කටයුතු කළද පසුව එය ජාත්‍යන්තර තලයේ භාවිත වන ඩිජිටල් මුදලක් බවට පත් විය. මෙම ගනුදෙනු සදහා ගොඩ නැගුණු තොරතතුරු තාක්ෂණ පද්ධතිය බ්ලොක් චේන් හි පෙර ගමන්කරුවා වෙයි. එනම් බ්ලොක් චේන් පද්ධතියේ මුල් පුරුක් මෙම බිට් කොයින්ය. සාමාන්‍ය මුදල් ගනුදෙනුවලදී අප ඒවා යේ අය වැය ආදිය සටහන් කිරීමේ ලෙජර පද්ධතියක් ඇත. ගිණුම් විෂය පිළිබදව ප්‍රමාණික දැනුමතත් ඇත්තතන්ට මෙය අමුතු දෙයක් නොවේ.  ඉස්සර ලෙජර පොත්පත්වල තැබූ සටහන් අද පරිගණක ගත පද්ධතියක් තුළට දත්ත ආකාරයෙකන් ඇතුළු කිරීම සිදුවෙයි. බිට්කොයින් සම්බන්ධිත ලෙජරය අන්තර්ජාලය තුළ පවතින කිසිවකුගේ පාලනයෙන් තොරව ස්වයංක්‍රීය ව ක්‍රියාතත්මක වන ලෙජර පද්ධතියකි. මෙය සම්පූර්ණයෙන්ම විමධ්‍යගත වූ ලෙජර් ක්‍රියාවලියකි. සියලුම ගනුදෙනු ගැන වාර්තා පවත්වා ගන්නා ඩිජිටල් ලෙජර ක්‍රියාවලිය අප බ්ලොක් චේන් ලෙසින් නම් කරමු. සාමාන්‍ය මුදල් ගනුදෙනුවලදී මේ වාර්තා දත්ත පවත්වාගෙන යන්කේ එක් ආයනයක් හෝ ඊට සම්බන්ධිත තවත් ආයතනයක් දෙද් වුවද මෙම ක්‍රියාවලියේදී එකම වෙලාවක තොරතුරු පද්ධති කිහිපයකම එකවර මෙම දත්ත වාර්තා සටහන් වෙයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එක මධ්‍යගත පද්ධතියක් තුළ තොරතුරු ගබඩා වීමේදී, යම් බිඳ වැටීමකදී හෝ සයිබර් ප්‍රහාරයකදී හෝ යම් වැරැද්දක දී එම දත්තවලට හානි වීම අදද සිදුවන්නකි. මෙම තත්ත්වය පාලනය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වූත් කාර්යක්ෂම වූත් පොදු දත්ත ක්‍රියාවලියක් තුළ සුරක්ෂිත වෙයි. මයිකල් කාසි නම් ඩිජිටල් මූල්‍ය පද්ධති විශේෂඥයා පවසන්නේ එක් තොටුපළක සිට තවත් තොටුපළක් වෙත එසැනින් දත්ත වාර්තා වන මෙම යාන්ත්‍රණය සම්පූර්ණ පාරදෘෂ්‍ය භාවයක් පවත්වාගෙන යන බවයි. මෙම යාන්ත්‍රණය එබැවින් ඔහු හදුන්වන්නේ සත්‍යෙය් යාන්ත්‍රණය (A truth machine) ලෙසයි.

බ්ලොක් චේන් ක්‍රියාත්මක වෙන්නේ කෙසේද?

එහි නමින්ම අර්ථය සෙවීම වැදගත්ය. බ්ලොක් චේන්බ්ලොක් යනු ඉංග්‍රිසි භාෂාවෙන් කුට්ටි ය. චේන් යනු දාමයන්ය. ඒ අනුව බ්ලොක් චේන් යනු දාමයකින් බැඳුණු කුට්ටි ලෙසින් හැදින් විය හැකිය. මේ සෑම කුට්ටියකම දත්ත කැටිව ඇත.එම දත්ත කුට්ටි දාමයකින් බැඳි ඇත. මෙම බ්ලකේචේන් එකක් තුළ ප්‍රධාන කටයුතු හතරක් සිදුවෙයි. එකක් නම් ගනුදෙනුවක් සිදුවීම, එම ගනුදෙනුව සුරක්ෂිතව තහවුරු කර ගැනීම, එම ගනුදෙනුව සම්බන්ධ සියලු දත්ත කුට්ටිය තුළ ගබඩා කිරීම, අදාළ දත්ත කුට්ටියේ අනන්‍යතාව වෙනුවෙන් එක්තරා හෑෂ් එකක් එනම් අනන්‍ය වූ කේතයක් ලබා දීම අතිශයින්ම වැදගත්ය. මෙම ගනුදෙනු තුළ අතරමැදියන් නොමැත. එසේම මෙම එකම දාමයට සම්බන්ධ සියලුම පරිගණකවල මෙම දත්ත කේතයේ පිටපතක් සටහන් වන අතර එම පිටපත් ගණන සිය ගණනක් මෙන්ම මිලියන ගණනක් වුවද විය හැකිය. එසේ වුවද මෙම පිටපත් සෑම එකකටම අනන්‍යතාවක් ඇත. මේ නිසා පහසුවෙන් කිසිවකුටත් මෙම දාම වෙනස් කිරීමක් හෝ තොරතුරු වෙනස්කිරීමක් හො වෙනත් දූෂණයක් සිදුකිරීම අසීරුය. එයින් පැහැදිලි වන්නේ බ්ලොක් චේන් පද්ධතියේ මූලික අරමුණ සැනින් ගනුදෙනු පිළිබඳ තොරතුරු ගබඩා කිරීම විමධ්‍ය ගත ලෙස බෙදා හැරීමය. නමුත් කිසිවකුටත් එම තොරතුරු වෙනස් කළ නොහැකිය

මෙම තාක්සණය ඔස්සේ ඉතා වේගයෙන් ගනුදෙනු සහඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් කළ හැකි බැවින් කොවිඩ් 19 වසංගතයෙන් පසුව විවාත වන ලෝකයේ ආරථික ක්‍රියාකාරකම් සිදුවන මර්මස්ථාන වන වරාය, භාණ්ඩ ප්‍රවාහන නියෝජිතායතන, රේගුව ඇතුලු රාජ්‍ය ආයතන අතර සිදුවන ක්‍රියාකාරක්මවලදී බ්ලොක් චේන් තා්ෂණය උපයෝගී කර ගැනීමේ හැකියාව පිළිබඳව ඒ පිළිබඳ විශේෂඥයෝ දිවා රෑ නැතිව වෙහෙසෙති. ඔවුන්ගේ අරමුණ කොවිඩ් වසංගතය නිසා බ්ලොක් වූ ආර්ථිකය බ්ලොක් ‍චේන් මඟින් වේගවත් කිරීමය.

Share69Tweet43
Previous Post

කට වටකර බැඳි Face mask

Next Post

මිරිවැඩි සගල කොරෝනා වාහකයෙක්

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.