අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

කට වටකර බැඳි Face mask

by editor
මැයි 14, 2020 - Updated on මැයි 24, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය වළක්වා ගැනීමට මුඛ ආවරණ භාවිතය ආරක්ණෂාකාරී බව ලොව පුරා වෛද්‍යවරුන් නිර්දේශ කළ පසු මුඛ ආවරණ පිළිබඳ විවිධාකාරයේ කතා බස් ලෝකය පුරා පැතිරෙන්න ගත්තා. ඇතැම් රටවල මුඛ ආවරණ හිඟයක් ඇති වුණා. මුඛ ආවරණ පිළිබඳ කතා බහේදී එහි ඉතිහාසය පිළිබඳ විමසීමත් වැදගත්.

ශල්‍ය වෙස්මුහුණේ ඉතිහාසය වෙනම යුග තුනකට බෙදෙනවා. පළමුඛැන්න 1905 සිට 1920 දක්වා වෙස්මුහුණ සංවර්ධනය කිරීම හා පරීක්ෂා කිරීම. දෙවැන්න ශල්‍ය වෙස් මුහුණෙහි වැදගත්කම අවධාරණය කර නව වෙස් මුහුණු සකස් කළ කාල පරිච්ඡේදය. 1920-1940. තෙවන යුගය වෙස්මුහුණේ වැදගත්කමක් නැති එකක් වන අතර එය ප්‍රතිජීවක යුගයට ද්විතියික වෙන අතරම වෙස්මුහුණ සංවර්ධනය කිරීම හා පරීක්ෂා කිරීම වෙස්මුහුණේ වර්ධනය 1899 දක්වා දිව යනවා.
ක්ෂය රෝගය සමඟ වැඩ කරමින් සිටි ෆ්ලෙජ්, ආසාදන පිළිබඳ ජල බිඳිති න්‍යාය වර්ධනය කළා. එම කාලයේ මුඛය මත රෝලර් ගෝස් තීරු වලින් සමන්විත ගොරෝසු වෙස් මුහුණු භාවිත කළා. මුඛ ආවරණයෙහි මූලික පරමාර්ථය බිදිති මගින් බෝවන රෝග ආසාධනය වූ පුද්ගලයාගෙන් සමාජයට එම රෝගය පැතිරීම වැළැක්වීමයි. ඒ සඳහා නියමිත ප්‍රමිතියකින් යුතු මුඛ ආවරණ පැළදීම අනිවාර්යය කරුණක්.

නමුත් කොවිඩ් 19 වසංගතය පැතිරීම හේතුකොට ගෙන ලෝකය අගුලු දැමීමේ සිට නව සමාජීය දුරස්ථ ජීවන රටාවක් දක්වා සමාජය විතැන්වීමේදී මුඛ ආවරණ මිනිස් ජීවන අවශ්‍යතා අතර ඉහළින්ම පවතින්නක් බවට පත්වුණා. අත්‍යවශ්‍ය ආහාර වලට අමතරව මුඛ ආවරණ අසුරා තබා තිබූ රාක්කද හිස් වන්නට පටන්ගත්තා. නමුත් මුඛ ආවරණ භාවිතය පිළිබඳ වැරදි සහගත සංකල්ප සමාජය තුළ පැතිරෙන්නට පටන් ගත් අතර මුඛ ආවරණ පැළදිය යුත්තේ කුමන සමාජ කොට්ටාස යන්න පිළිබඳ විවිධ මති මතාන්තර සමාජය තුළ ආන්දෝලාත්මක කතිකා ඇති වුණා.

ඇතැම්මුන් මුඛ ආවරණයෙහි දෙපැත්තම පැළැදිය හැකි බවත් එලෙස පැළදීමෙන් සුදු වර්ණය පිටතට සිටින සේ පළදින්නේ රෝගය ආසාධිත වුවන් බවත් නිල් පැහැය පිටතට හිටින සේ පළදින්නේ ආසාධනය නොවූ අයත් බවයි. එය සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මුඛ ආවරණයක් පැළැදිය යුත්තේ නිල් පැහැය පිටතට සිටින සේ පමණි. එයින් සිදුවන්නේ වෛරස පිටතට යාම වැළැක්වීමයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කෙසේ වෙතත් මෙම කොවිඩ් 19 වසංගතය පැතිරීමත් සමඟ වෙළෙදපොලෙහි මුහුණු ආවරණ හිිඟයක් ඇති වීමත් සියලු සමාජ මට්ටම්වලට එක ලෙස බලපෑමක් ඇති කළා. ලොව බොහෝ රටවල් නව මුහුණු ආවරණ නිෂ්පාදනය සඳහා යොමු වුණා. විවිධ වර්ගයේ මුඛ ආවරණ පිළිබඳ කතාබස් ඇති වුණා. අන්තර්ජාලය හරහා සයිබර් වෙළෙද පොලෙහි මුඛ ආවරණ සඳහා විශේෂ ප්‍රමුඛතාවක් ලැබීමත් සුවිශේෂි ලෙස කැපි පෙණුනා.

3M 8511 N95 Respirator
SAS Safety 2985 Non-Toxic Dust Mask
Curad Antiviral Face Mask
3M 8210 N95 Particulate Respirator
Coxeer Dust Mask
Aooba Protective Face Masks
INTO THE AM Galaxy Face Mask Bandanas
DuraMask Double Strap Nuisance Mask
Dynarex 2201 Medical Surgical Face Mask
3M 1860 N95 Medical Mask වැනි මුඛ ආවරණ වර්ග අන්තර්ජාල වෙළදපොලෙහි අලෙවිවන ගණාත්මක බවින් වැඩි මුඛ ආවරණයි.

මේ සියලුම මුඛ ආවරණ අතරින් වඩා ලාභදායි ගුණාත්මක මුඛ ආවරණය වන්නේ Dynarex 2201 වර්ගයයි.‍
කෙසේ වෙතත් මෙම මුඛ ආවරණ තම එදිනෙදා විලාසිතාවන්ගේ අංගයක් බවට ද පත්කර ගැනීම වසංගත සමයක වුවත් කැපී පෙනුණා. එලිසෙබෙත් රැජනගේ තම ඇදුමෙහි පාටට ගැලපෙන මුඛ ආවරණ විලාසිතාව රැගත් ජායාරූප අන්තර්ජාලය පුරා එහා මෙහා සංසරණය වීමත් සමඟ සුපිරි තරු මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ද තම විලාසිතාවට මුඛ ආවරණ එකතුකර ගත්තා.
අප්‍රිකානු මැජික් නරඹන්නන්ගේ තේරීම් සම්මාන උළෙලට (AMVCA) සම්මාන ප්‍රදානෝත්සවයට දිදුලන වෙස්මුහුණකින් ඉදිරිපත් වූ බිග් බ්‍රදර් නයිජා අවසන් තරඟකරු ඔමාෂෝලා කෝලා ඔබුරෝවා ඔහුගේ ඉන්සටර්ග්රෑම් සටහනකට ”

“විලාසිතා යනු ප්‍රකාශයක් පමණක් නොව විරෝධතා / අධ්‍යාපනයක් ද විය හැකිය …… අපි Covid19 සමඟ සටන් කිරීමට අත්වැල් බැඳ ගනිමු”
යි යන්න එක්කොට තිබුණා.එම උළෙලටම සහභාගී වූ නයිජීරියානු චිත්‍රපට නිළියක් වන Ifu Ennada ගේ මුඛ ආවරණ සහිත විලාසිතාවද ආන්දෝලාත්මක කතා බහකට ලක්වුණා.

ඇතැම් පුද්ගලයින් තම සුරතල් සතුන්ට මුඛ ආවරණයෙන් සරසා තිබූ ජායාරූපද සමාජ ජාල වෙබ් අඩවි හරහා මුදා හැරියා. කෙසේ වෙතත් මෙම මුඛ ආවරණ පැළැදීම මෙවැනි වසංගත තත්ත්වයකදී වඩාත් උචිත වන බව කිව යුතුයි.
මෙම මුඛ ආවරණ නියමිත ප්‍රමිතියකින් යුතු වන්නේ නම් වඩාත් ආරක්ෂාකාරී වනවා මෙන්ම එලෙස සොයාගත නොහැකි වුවත් තමන් විසින් සපයා ගන්නා ඕනෑම මුඛ ආවරණයක් භාවිතා කිරීමේදී භාවිතයට පෙර මෙන්ම පසුවත් සබන් යොදා අත් සේදීමත්, කිසිම විටක මුඛ ආවරණයේ ඉදිරිපස කොටස නොඇල්ලීමෙනුත් ඔබට වඩාත් පරෙස්සම් විය හැකියි.

වරක් භාවිත කළ යුතු මුඛ ආවරණ යළි භාවිත කිරීම කිසිසේත් සුදුසු නැහැ. රෙදි වලින් මසන ලද හෝ යළි භාවිත කළ හැකි මුඛ ආවරණ භාවිතයෙන් පසු ජීවාණුහරණය කළ හැකිනම් ඔබ තවත් ආරක්ෂාකාරීයි.

කෙසේ වෙතත් පිරිසක් ආරක්ෂාකාරී ක්‍රමවේදය පවා විලාසිතාවක් කර ගනිද්දි මුඛ ආවරණ සොයාගත නොහැකි ඇතැම් පිරිස් පොහොර උර වැනි දෑ වලින් තමාව ආරක්ෂකරගැනීමට ගත් උත්සාහය ද සිත් සංවේගයට කරුණක්. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එලෙස හෝ සටන්වදින මිනිසුන් සිටින රටක්, ලෝකයක් තව බොහෝ කාලයක් නොනැසී පවතී යන බලාපොරොත්තුවේ සහන් එළියක් දැල්වෙන කාරණාවක්.

නිශාන්ත ෆර්නෑන්ඩු

Share69Tweet43
Previous Post

සමාජ දුරස්ථභාවයේ අධ්‍යාපන පිහාටුව e learning

Next Post

කොවිඩ් නිසා “බ්ලොක් වූ “ ලෝකයට බ්ලොක් චේන් වලින් සහනයක්

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.