බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂාෆි අංක 02 – ජනාධිපතිත් වටේ යවන පොලිස් කුපාඩිකම්වලට “වෙරි සොරි” කියන පොලිස්පතිටත් “වෙරි සොරි”….

by editor
නොවැම්බර් 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

අභූත  චෝදනා නගමින් මේජර් ජනරාල් වරයකු තවත් පුරවැසියන් තිදෙනෙකු සිර ගත කිරීමට බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති නිශ්ශංක සිල්වා ,තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් සෙනෙවිරත්න හා දකුණු පලාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා බෙලිඅත්ත පොලීසියේ සැරයන්ලා දෙනෙකු විසින් සිදු කරන ලද අතිශය නින්දිත කුමන්ත්‍රණය තවත් එක පොලිස් රාජකාරියක් ලෙස ආණ්ඩුවේ බලධරයන් විසින් නොතකා හැරීම පුරවැසියන් විෂයෙහි බලවත් අසාධාරණයක් විය හැකිය. එය අප සාකච්ඡා කළ යුත්තේ මේජර් ජනරාල්වරයා දැරූ ඉහළ තානාන්තරය පිළිබඳව අවධානයට ගනිමිනි. සිය පෞද්ගලික වුවමනාව ඉටු කර ගැනීම සඳහා එවැනි තානාන්තරයක් දැරූ නිළධාරියකු සිර ගත කිරීම සදහා නීතිය අවභාවිතාවේ යෙදවීමට දූෂිත පොලිස් නිළධාරීන් රැළකට හැකිවීමෙන් අවධාරණය වන්නේ මෙවැනි දූෂිතයන් සාමාන්‍ය පුරවැසියන්ගේ අයිතිවාසිකම් තඹ දොයිතුවකට නොසළකන බවය.

නිදන් කැඩීමේ හා මනුෂ්‍ය ඝාතනයක් කරන ලදැයි චෝදනා නගමින් මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක බෙලිඅත්ත පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඒ පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය වාර්තා පල විය. එහි තොරතුරු වාර්තාවන්හි උච්ච ඵළය වූයේ ජනපති අනුර කුමාර දිසානායක විසින් මහජන රැළියකදී “තම ආණ්ඩුව මගින් වැරදි කරන මේජර් ජනරාල් වරුන් පවා අත් අඩංගුවට ගන්නා” බවට කළ ප්‍රකාශයයි. අප මේ සිද්ධිය ගැන සාකච්ඡා කරද්දී ජනපතිවරයා කළ ඒ ප්‍රකාශයද සැහැල්ලුවෙන් අමතක කළ යුතු නැත.

ඒ එම ප්‍රකාශය තුළින් ආණ්ඩුවේ වගකීම් විරහිත භාවය ගැන අදහසක් මතු වන නිසාය.

මෙහිදී ආරක්ෂක අංශයේ ඉහළ නිළධාරීන් ජනපතිවරයා නොමග යවමින් සිටින බවට සැකයක් ඇතිවේ. ඒ අතරේම ඉන් මෙරට ඔත්තු සේවාවන්හි බරපතල කඩා වැටීමක්ද නිරූපනය වේ. එසේත් නැත හොත් සිතා ගත යුත්තේ ජනපතිවරයා හුදෙක් ජනප්‍රිය වීම උදෙසා තමන්ට ආරංචි වන සෑම තොරතුරක්ම වගකීම් විරහිතව වචන බවට පෙරළන බවය. එහෙත් ජනපති අනුර කුමාර දිසානායක ගේ  අත්දැකීම් බහුල දේශපාලනය තුළ ඔහු එසේ ක්‍රියා කරනු ඇතැයි කෙසේ වත් සිතිය නොහැකිය.

යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨයකු අපරාධමය වැරැද්දක් සඳහා අත් අඩංගුවට ගැනීමෙන් පසුව හෝ ඒ සිද්ධිය ගැන හමුදා ඔත්තු සේවා හා ජාතික බුද්ධි සේවාවන් පසු විපරම් කරන ලද්දේ නම් ජනපතිවරයා මේ ආකාරයට “කට” වරද්දා ගන්නේ නැත.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එසේ නම් ඉන් අනාවරණය කර ගත හැක්කේ මෙරට බුද්ධි සේවාවන්හි බිඳ වැටීමක් පැවතෙන බවය. එසේම මෙවැනි විශේෂ හා බරපතල සිද්ධියක් ගැන  පවා බුද්ධි සේවාවන් වෙතින් ජනපතිවරයාට වාර්තා නොකරන බවට සැකයක් පවා ඇතිවේ.

මේජර් ජනරාල් වරයා ඇතුළු සැකකරුවන්ට එරෙහිව බෙලිඅත්ත පොලීසිය හා දකුණු පලාතේ ජ්‍යෙෂ්ඨ පොලිස්කාරයා විසින් සිදු කරන ලද  මෙහෙයුමේ සිට අධිකරණ ක්‍රියාවලිය දක්වා වූ පොලිස් රාජකාරීන් පිළිබඳව සැබෑ විමර්ශනයක නිරත වන ඕනෑම අයෙකුට එය අතේ පැලවෙන චේතිය බොරුවක් බවත් ඒ සමස්ත සිද්ධි දාමයම නිර්මාණය කිරීමට  අපරාධ නීතිය අවභාවිතාවේ යොදා ගෙන ඇති බවත්  කිසිදු සැකයකින් තොරව අවධාරණය කර ගත හැකිය.

දකුණු පලාතේ පොලිස් ජ්‍යෙෂ්ඨයා මෙවැනි දහදුරා වැඩක් කළ පළමු අවස්ථාවද මෙය නොවේ. ඔහු මුලින්ම රට ගිනි තැබුවේ කුරුණෑගල රෝහලේ වඳ සැත්කම් සිඳුවන බවට සාවද්‍ය තොරතුරක් සමාජ ගත කරමිනි. මේ සාවද්‍ය තොරතුර සමාජගත වීමත් සමගම මෙරට සමාජය තුළ ඇතිවු කම්පනය එසේ මෙසේ නොවේ. එය වාර්ගික අර්බුදයක් දක්වා පැතිරී යාමට ඉවහල් වූ බවද අමතක කළ යුතු නැත. ඒ අසත්‍ය තොරතුර නිසා රජයට සිදුවූ මුල්‍ය පාඩුවද සුළු පටු නැත. මෙවැනි දූෂිත පොලිස් ජ්‍යෙෂ්ඨයකු ජාජබ රජය බලයට පත් වීමත් සමගම “සර්ව සාධාරණ පොලිස් උපාසකයකු” ලෙස රූපාන්තරණය වීම ගැන අපට ඇත්තේ බරපතල සැකයකි. මේ වන විට මේ පොලිස් උපාසක තැන කුඩු ඇල්ලීමේ වීරයකු ලෙස ස්ථානගත වීමේ ක්‍රියාන්විතයක්ද ඇරඹී තිබේ. ඒ ඇතැම් ක්‍රියාන්විතයන්ද බොහෝ දුරට ව්‍යාජයන්ය. මේ වන විටත් දකුණු පලාත තුළ කුඩ්ඩන් අල්ලා සිර ගත කිරීමේ මෙහෙයුම බරපතල සමාජ ඛේදවාචකයක් වීමට බැරි නැති වටපිටාවක් නිර්මාණය වෙමින් තිබේ.

පිදේනියට කුකුල් බිලි දෙන ආකාරයට කෑලි ගාණට කුඩු කාරයන් අල්ලා මාස ගණනකට බන්ධනාගාර ගත කර මෙරට කුඩු ජාවාරම නැවැත්වීමට හැකි යැයි සිතීම විහිළුවකි. පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල “දකුණු පලාත යනු අයිස් ලන්තයක්” යැයි කළ ප්‍රකාශයද මේ පොලිස් ජ්‍යෙෂ්ඨයා කෑලි ගානට කුඩ්ඩන් ඇල්ලීම ගැන ඉදිරිපත් කර ඇති  පුරාජේරු වාර්තාවක සඳහනක් විය හැකිය. ඇමති විජේපාලද පසුගිය දිනක මහත් උජාරුවෙන් පැවසුවේ විදේශගතව සිටින පාතාල ක්‍රියාකාරිකයන්  ගණනාවක් රජයට බාර වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවය. එහෙත් පැය හතලිස් අටක් ගෙවී යන්නටත් කලියෙන් ඔහු නැවත ප්‍රකාශයක් කෙරුවේ තමන් එවැන්නක් නොකළ බවය.

වර්තමානයේදී ඇමතිවරුන් ගොනාට අන්දා සිය පැවැත්‍ම තහවුරු කර ගැනීම  ඇතැම් පොලිස් ජ්‍යෙෂ්ඨයන් ගේ කෙරුවාව වී තිබේ. මේ බොහෝ පොලිස් ජ්‍යෙෂ්ඨයන්ගේ පෙකෙණිවැල සම්බන්ධ වී ඇත්තේ රාජපක්ෂ පවුල සමගය. පරිපාලනමය අත් දැකීම් නැති ජාජබ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද මුන්දැලා ගැන දැඩි විශ්වාසයකින් කටයුතු කිරීම ඉදිරියේ දී  දේශපාලනික අර්බුදයකට හේතුවක් වන්නටද පුළුවන. මේ ඩබල් ගේම් කාරයන්ගේ  යටි බිම්ගත අපේක්ෂාව වන්නේද මෙවැනි අර්බුදයකට ආණ්ඩුව තල්ලු කර දැමීමය. ඇමති විජේපාල හා ඇමති වටගල වැන්නන් කයිවාරු කාරයන් ලෙස සමාජගත කරවීම සඳහා දිරච්ච ලණු ගිල්ලවන්නේ මේ තක්‍කඩි පොලිස් කාරයන්ය.

මේජර් ජනරාල්වරයා ඇතුළු ඔහුගේ සහායකයින් හට මනුෂ්‍ය ඝාතනයක් හා නිදන් හෑරීම සම්බන්ධව බෙලිඅත්ත පොලීසිය  විසින් ගත් අධිකරණ ක්‍රියා මාර්ගය තුළින් සැබවින්ම අධිකරණය නොමග යැවීමක් සිඳු කර ඇති බවට එම නඩුකරය අවසානයේදී දුන් තීන්දුවෙන් තහවුරු කෙරිණි. මෙම නඩුව පැවරූ පොලිස් නිළධාරීන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරිය තීන්දුවේ සඳහන් කර ඇත.

එහෙත් මෙතෙක් පොලිස්පති වරයා ඒ තීන්දුව තඹ දොයිතුවකට ගණන් ගෙන නැත. එයටද හේතුවක් තිබේ.පොලිස් පතිවරයා හා දකුණු පලාතේ පොලිස් ජ්‍යෙෂ්ඨයා පොලිස් කොස්‍තාපල්වරුන් ලෙස පොලීසියට එක්වී ඇත්තේ එකම කණ්ඩායමටය. තතු දන්නන් පවසන ආකාරයට පොලිස්පතිවරයා හා දකුණු පලාතේ පොලිස් ජ්‍යෙෂ්ඨයා “පුකට අමුඩය” වාගේය. දකුණේ පොලිස් ජ්‍යෙෂ්ඨයා කරන කියන ඕනෑම “තක්‍කඩි කුපාඩි” වැඩක් ගැන පොලිස්පති වරයා  ඇහැ කන කට පියාගෙන ඉන්නේ ඒ අඹ යාළු කම නිසාය. පොලිස්පතිවරයා විවාහ වන අවස්ථාවේ දෙවන මනමාළයා වී ඇත්තේද දකුණේ පොලිස් ජ්‍යෙෂ්ඨයාය.

මේජර් ජනරාල්වරයා තමන්ට එරෙහිව පැවරූ නඩුවෙන් පසුව පොලිස් පතිවරයා හමුවී තමන්ට සිදුවූ බරපතල අසාධාරණය ගැන පැමිණිලි කර තිබේ.

එහිදී පොලිස්පතිවරයා මේජර් ජනරාල්වරයාට පොලීසිය නිසා මුහුණ පාන්නට සිඳුවූ අසාධාරණය ගැන වෙරි සොරි යැයි පවසමින් සමාව ඉල්ලා ඇත.

පොලිස්පතිවරයාගේ “වෙරි සොරියෙන්” තහවුරු කෙරෙන්නේද මේජර් ජනරාල් වරයා ඇතුළු පිරිසට එරෙහිව පැවරූ නඩුව බොරු තොරතුරු පදනමි කරගනිමින් පැවරූ නඩුවක් බවට ඔහු දැනුවත්ව සිටි බවය. එහෙත් නීතිය අවභාවිතා කරමින් රාජකාරි කළ පොලිස් නිළධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවට එහිදී පොලිස්පතිවරයා කිසිම සඳහනක් නොකළ බවද වාර්තා වේ.

මේජර් ජනරාල්‍වරයා නිවැරිදි බව දැන දැනම අපරාධ වරදකට වරදකරු කිරීමේ අරමුනින් දකුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පත, තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී,  බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති හා එහි පොලිස් සැරයන්ලා  දෙදෙනා දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන 190/191/192/193 වගන්ති උල්ලංඝනය කර ඇති බව පෙනී යයි. මේ වගන්ති උල්ලංඝනය කර වැරදි කරන්නන් අවුරුදු හතේ සිට දහය දක්වා සිර දඬුවම් විඳිය යුතු වේ.

මේජර් ජනරාල්වරයා සහ පිරිස පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නේ 119 හදිසි ඇමතුම් අංකයට බාල වයස්කාර දරුවෙකු ලබා දුන් පැමිණිල්ලක් අනුවය. ඇතැම්විට මේ 119 ලබා දුන් බව පැවසෙන දුරකථන ඇමතුමද පොලීසියේ  ව්‍යාජයක් බවටද සැකයක් මතුවේ. මේජර් ජනරාල් වරයා තමන්ගේ හිමිකාරිත්වය යටතේ පැවැති ඉඩමේ සිදු කිරීමට සැළසුම් කර තිබූ බහිරව පූජාව අවස්ථාවේ එහි කාන්තාවක නොසිටි බවද පැවැසේ. එසේ නම් බාල වයස්කාර දරුවකු එම ස්ථානයේ කාන්තාවක  ඝාතනය කළ බවට කළ පැමිණිල්ල වෙනත් පාර්ශවයක් විසින් ඒ ළමයා වෙත කළ කට පාඩම් කරවීමක් බව කිසිදු සැකයකින් තොරව සිතා ගත හැකිය. පිටස්තර බලපෑමකින් තොරව ළමයකු මෙවැනි ප්‍රබන්ධයක් ගෙතීම කෙසේ වත් සිඳු විය නොහැකි බව තහවුරු වන්නේ ඒ නිසාය.

පොලීසියද එහි සිදුවූ මනුෂ්‍ය ඝාතනය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ කිසිදු විමර්ශනයකින් තොරවය. එපමනක්ද නොවේ ඒ චෝදනාව එල්ල කරමින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත  කරන ලද මේජර් ජනරාල්වරයා හට අවස්ථා කිහිපයකදී  වැරැද්ද පිළිගෙන සුළු දඩයකට යටත්ව එම නඩුව අවසන් කර ගන්නා ලෙසටද පොලීසිය වෙතින් බලපෑම් කෙරිණි.

පොලීසිය එසේ බලපෑම් කරන්නට ඇත්තේද තමන් මේජර් ජනරාල්වරයාට එරෙහිව දැමූ නඩුව අසත්‍ය තොරතුරු පදනම් කර ගනිමින් දැමූ නඩුවක් බවට හොදින් වටහා ගෙන සිටි නිසා වෙන්ටද පුළුවන.

දැන් මේජර් ජනරාල්වරයා ඇතුළු පිරිස ඔවුන්ට එරෙහිව පැවරූ නඩුවෙන් නිදොස් කර නිදහස් වී සිටී. අපේ ආණ්ඩුව වැරදි කරන මේජර් ජනරාල් වරුන් පවා අත් අඩංගුවට ගන්නා බවට ජනපතිවරයා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය ඒ නිසාම විහිළුවක් වී තිබේ.

අඬ බෙර ගසමින් මේ වන විට පොලීසිය පවරන නඩුද මේ ආකාරයෙන් ඉදිරියේදී නිදහස්  වුව හොත් ජාජබ ආණ්ඩුව කුජීත වෙන බව නිසැකය. ඒ සියල්ල ටම වඩා මෙහිදී වැදගත් වන්නේ ජනපතිවරයා පවා නොමග යවමින් තොරතුරු ලබා දුන් කවුරුන්ද යන්‍න සොයා බැලීමය.

එසේම මේජර් ජනරාල් වරයා වෙත සිදු කරන ලද අසාධාරණය ගැනද ස්වාධීන පරීක්ෂණයක් කර වැරදිකරුවන්ට දඬුවම් දීම කළ යුතුය. එය එසේ නොවන්නේ නම් තක්කඩි  පොලිස් දූෂිතයන් මේ ආණ්ඩුව පොඩි පට්ටම් කරන බව නම් නිසැකය.

මේ ලිපියත් කියවන්න…

ෂාෆි අංක 02 – විශ්‍රාමික හමුදා මේජර් ජනරාල්වරකු ගේ ආත්මය කෙලසූ පොලිස් දඩබල්ලන්ගේ  තුප්පහි දඩයම!  

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යතිවරයෙකුගේ දිවි සැරි ලකුණු ! මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ 78 වස් සපුරති…

Next Post

ක්‍රිකට් ක්‍රීඩකයන් එන්න හැදුවේ කළමනාකරුවන්ගේ බලපෑම නිසාද ?

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.