බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂාෆි අංක 02 – විශ්‍රාමික හමුදා මේජර් ජනරාල්වරකු ගේ ආත්මය කෙලසූ පොලිස් දඩබල්ලන්ගේ  තුප්පහි දඩයම!  

by editor
නොවැම්බර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

පසුගිය අගෝස්තු මාසයේදී මාධ්‍ය වාර්තා කළ ප්‍රවෘත්තියක් පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. එම ප්‍රවෘත්තියෙන් අනාවරණය වූයේ බෙලිඅත්ත පොලීසිය මගින් එම පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඟුරුවැල්ල පොකුණ ග්‍රාම සේවා වසමේ ඉඩමක නිදන් හෑරීමක් සම්බන්ධව විශ්‍රාමික මේජර්  ජනරාල්වරයකු ඇතුළු පස් දෙනෙක් අත් අඩංගුවට ගත් බවය.

එහිදී පොලීසිය පවසා තිබුණේ අත් අඩංගුවට ගත් පිරිස අතර කට්ටඬියකු සිටිය බවත් මෙම පිරිස අත් අඩංගුවට ගන්නා විට එම ඉඩමේ යම් පූජාවක් පවත්වා ඇති බවටද සළකුණු ඇති බවත්ය.

බෙලිඅත්ත  පොලීසිය මගින් අත් අඩංගුවට ගත් මේ පිරිස තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රිමාන්ඩ් කෙරිණි. ඒ සමගම පොලීසිය මෙම සැකකරුවන්  පිළිබඳව ඉතා බරපතල  චෝදනාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. ඒ අවුරුදු 14 ක දරුවෙකුගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මේ සැකකරුවන් සාපරාධී මිනිස් ඝාතනයක් කළ බවට වූ චෝදනාවය.

එම දරුවා තමන් සරුංගල යැවීමට සිද්ධිය වූ දින සවස 05 ට පමණ එම ඉඩම පැමිණි බවත් ඒ අවස්ථාවේ එම ඉඩමේ නවතා තිබූ කැබ් රථයක සිටි කට රෙදි පටියකින් ගැට ගැසූ තරුණියක කැබ් රථයෙන් බස්සවා බිම ඇද ගෙන ගොස් එහි සිටි පිරිසෙන් එක් අයකු එම තරුණිය බිම වාඩි කරවා ඇයගේ ගෙලට පිහියකින් පහර දුන් බවත් පවසා ඇතැයි පොලීසිය අධිකරණයට වාර්තා කර තිබුණ අතරම   එම ස්ථානයේ මනුෂ්‍ය ඝාතනයක් සිදු වූ බවට රුධිර පැල්ලම් නිරීක්ෂණය නොවූ බවද වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

අධිකරණයට මේ පිළිබඳව වාර්තා වීමෙන් පසුව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණයක්ද කළ බව වාර්තා විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක  කිත්සිරි ඒකනායක

එම සිද්ධියට අත් අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක  ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඉතා ජනප්‍රිය නිළධාරියෙකි.

හමුදා සේවා කාලය තුළදී කිසිදු දූෂණයක්  හෝ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා නොලද මෙම මේජර් ජනරාල් වරයා විශ්‍රාම ගොස් සිටියදී නිදන් හෑරීමට යනු ඇතැයි හමුදාවේ කිසිදු ඡ්‍යෙෂ්ඨයකු විශ්වාස කළේ නැත. ඔහු ඒ තරමටම යහපත් මහත්මයකු ලෙස හමුදාවේ කීර්ති නාමයක් අත් කරගෙන සිටි ඡ්‍යෙෂ්ඨ නිළධාරියෙකි.

මේ මේජර් ජනරාල්වරයා විශ්‍රාම යන්නේ හමුදාවේ අවුරුදු 36 ක සේවා කාලයකින් පසුවය. ඔහු අනුයුක්තව සිටියේද යුද හමුදාවේ සටන්කාමී රෙජිමෙන්තුවක්වන ශ්‍රී ලංකා පාබල හමුදාවටය. පසුගිය යුද සමයේ දෙවන ලුතිනන් වරයකු සිට මේජර් ජනරාල් වරයකු දක්වා මව්බිම වෙනුවෙන් ඔහු ඉටු කළ සේවය හා කැපවීම අතිශයෝක්තියක් නොවේ. ඒ මන්ද යත් පාබල හමුදා රෙජිමෙන්තුවට අයත් නිළධාරීයකු  යුද බිමේ පෙරමුණ සටන් කළ අයකු මිස කොළඹ සීතල කාමරවල සැඟවී සිටි අයෙක් නොවන බවට අමුතුවෙන් සාක්ෂි ඉදිරිපත් කරමින් තහවුරු කළ යුතු නැති නිසාය.

මේජර් ජනරාල් කිත්සිරි ඒකනායකට එරෙහිව නිදන් හෑරූ බවට චෝදනා කරමින් අත් අඩංගුවට ගෙන දින 25 ක් දක්වා නිකරුණේ බන්ධනාගාර ගත කිරීම පොලීසියේ තක්කඩි මදාවි රැළක ගේ කුමන්ත්‍රණයක් නිසා සිඳු කරන ලද අශීලාචාර අසික්කිත මෙහෙයුමක ප්‍රතිඵලයකි. මේ  මදාවි පොලිස් කාරයන් රැළ මේජර් ජනරාල්වරයා සිය වෘත්තිමය සේවාවෙන් නිකැලැල්ව හා විශිෂ්ට ආකාරයෙන් උපයාගෙන තිබූ පෞරෂය හා කීර්ති නාමය දින විසි පහක් තුළ විනාශ කර දැමීය.

පොලිස් පාදඩකම

මේජර් ජනරාල් කිත්සිරි ඒකනායකගේ  බිරිඳට පරම්පරාවෙන් භුක්තියට සවි වූ ඉඩමක් බෙලිඅත්ත ඉඟුරුවැල්ල පොකුණ ග්‍රාමසේවා වසමේ තිබේ. එය අක්කර 16 වපසරියකින් යුතු භූමියකි. එම ඉඩම තුළ අවස්ථා ගණනාවකදී බෝග වගාවන් කිරීමට මේජර් ජනරාල් වරයා උත්සාහ කෙරුවද ඒ සියල්ල අසාර්ථක වීමෙන් පසුව නැවත එහි සූර්යකෝෂ හා පොලිටැනල් ව්‍යාපෘතියක්  ආරම්භ කිරීමට ඔහු සැළසුම් කෙරුවේය.

එම  භූමිය තුළ ඇතැයි විශ්වාසක කළ බහිරව දෝෂයක් හේතුවෙන් මීට පෙර සිදු කරන ලද වගාවන් අසාර්ථක වන බවට මේජර් ජනරාල් වරයා තුළ මතුවුන අදහස නිසා නැවත ව්‍යාපෘතියක් ඇරඹීමට පෙර බහිරව පූජාවක් කළ යුතුය යන අදහසට අනුව ඔහු ක්‍රියාත්මක විය. සම්ප්‍රදායික  සංස්කෘතික හා ආගමික විශ්වාසයන්  හා බැඳුන මෙරට සමාජය තුළ බහිරව පූජාව යනු අමුතු කෙරුවාවක්ද නොවේ. එහෙත් සාමාන්‍ය පුරවැසියෙක්  බහිරව පූජාවක් සිදු කරනවාට වඩා වගකීමෙන් යුතුව මේජර් ජනරාල් වරයා කටයුතු කෙරුවේය. ඔහු එම බහිරව පුජාව පිළිබඳව  බෙලිඅත්ත පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කරන්නේ එම පොලිස් ස්ථානයට ගොසිනි. ඒ අවස්ථා වේ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති වරයා නොසිටියද මේජර් ජනරාල් වරයා පොලිස් ස්ථානයේ සිටම ඔහුට දුරකථන ඇමතුමක් ගෙන අදාල කාරණය පිළිබඳව දැනුවත් කරන්නේය. එපමණක්ද නොවේ. එම වගා ව්‍යාපෘතිය පිළිබඳව  ඉඩම පිහිටි වසමේ ග්‍රාම සේවා නිළධාරියාද දැනුවත් කර තිබූ අතරම ඒ වන විටත් සිදු කිරීමට අපේක්ෂිත   ව්‍යාපෘතියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුමැතියද ලබා ගෙන තිබුණි.

පොලිස් ස්ථානාධිපතිවරයා වෙත එම බහිරව පූජාව පිළිබඳව දැනුවත් කිරීමේ අවස්ථාවේ සිටම මේජර් ජනරාල් වරයාට එරෙහිව පොලීසිය තුළින්ම සැළසුම් සහගත කුමන්ත්‍රණ ක්‍රියා වලියක් ඇරඹුන බවට සැක කළ හැකි කාරණා බොහෝය.

ඒ් කුමන්ත්‍රණයට දකුණු පලාතේ පොලිස් ජ්‍යෙෂ්ඨයා ද හවුල් බවට ඕනෑ තරම් පර්යේෂණ සාක්ෂි තිබේ.

බහිරව පූජාව පැවැත්වෙන දිනයේදී එම ඉඩම තුළ කූඩාරම් ගැසීමේ සිට වෙනත් අවශ්‍ය කෙරෙන භාණ්ඩ උපකරණ ආදිය පවා මේජර් ජනරාල් වරයා  ලබා ගන්නේ එම ප්‍රදේශයේම ආයතනයකිනි. බහිරව පූජාව  සිදු කරන යකදුරු  ගුරුන්නාන්සේ වූයේද හමුදාවෙන් විශ්‍රාම ගොස් එම කාර්යයන්හි නිරත වන අයෙකි. එසේම මෙම බහිරව පූජාව කළ දින එහි වැඩි මනත් ඵළදායකත්වය අපේක්ෂාවෙන් එම ඉඩම පිහිටි ප්‍රදේශයේ පන්සලේ බෝධි පූජාවක් පැවැත්වීමටද මේජර් ජනරාල් වරයා සැළසුම්කර තිබුණි.

මෙවැනි සම්බන්ධතා ජාලයක් සමග ගනු දෙනු කරමින් වට පිටාව ජනාකීර්ණ සහිත භූමියක “නිදන් හෑරීමක්” කරන්නට යන අයෙක් වේ නම් මානසික ආබාධිතයෙක් විය යුතුය. මේ  ඉඩම පිහිටියේද වනගත කැලෑ ප්‍රදේශයකද නොවේ.    මෙහිදී මොළය අමාරුව හැදී ඇත්තේ පොලීසියට බව තහවුරු කර ගත හැකිය. එය සෙල්ලම් මොළය අමාරුවක් නොව සිය පොලිස් බලය අවභාවිතා කරමින් යහපත් සාමාකාමී පුරවැසියකු හිංසනයට හා දණ්ඩනයට ලක් කිරීමේ පෝරිසාද අශීලාචාර අමාරුවකි.

කෙසේ වෙතත් එම බහිරව පූජාව පටන් ගැනීමට පෙර මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක ඇතුළු පිරිසට ලගින්නට සිද්ධ වන්නේ  බෙලිඅත්ත පොලීසියේ සිර කූඩුවේය. ඔහුට එහිදී විඳින්නට සිඳුවූ අප්‍රසන්න අමිහිරි අත් දැකීම ගැන ඔහු මෙසේ පැවසීය.

මේජර් ජනරාල් කිත්සිරි ඒකනායකගේ අත්දැකීම

“…..ඇත්තටම බෙලිඅත්ත පොලීසියෙ ස්ථානාධිපතිවරයා හා ඔහුගේ පොලිස් නිළධාරීන් එදින රාත්‍රියෙදි හිංසා කෙරුවෙ කිත්සිරි ඒකනායක කියන පුරවැසියාට විරුද්ධව නොවෙයි. ඔවුන්ට දැඩි වෛරයක් තිබුණෙ මා දැරූ මේජර් ජනරාල් නිලය සමගයි. ඔවුන් හැසිරුණේ මේජර් ජනරාල් වරයකුට වඩා තමන් ඉහළ බව මට අඟවන්න. මේ පොලිස් නිළධාරීන් හැම දෙනාම හැසිරුනේ තමන් හමුදාවට වඩා ඉහළිිින් ඉන්න අය බව පෙන්වන ආකාරයට. සිවිල් ඇඳුමෙන් සැරසුන පොලිස් නිළධාරියෙක් බීමත්ව පැමිණ මා රඳවා සිර කුටිය අසලට විත් මට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් හා අපහාස කරමින් රාත්‍රියේදී පහර දෙන බවට තර්ජනය කෙරුවා. රාත්‍රියේදී බීමතින් පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයා මා සමග අත් අඩංගුවට ගත් මගේ සේවාදායකයන්ට පහර දුන්නා.”

“මොවුන් සියලුම දෙනාම යම් හීන මානයකින් රාජකාරි කළ අයවළුන් බව මට වැටහුනා… මගෙන් කිසිම අවස්තාවක මොවුන් මිනීමැරීමක් පිළිබඳව ප්‍රශ්න කෙරුවෙත් නැහැ. එවැනි ප්‍රශ්න කිරීමට තරමේ අවශ්‍යතාවක් ඔවුන් තුළ තිබුණේත් නැහැ. ඇත්තටම ඔවුන්  මා සිර කිරීමේ පූර්ව සැළසුමක සිට ක්‍රියාත්මක වන බව මට ඉතා හොඳින් අවධාරණය වුනා…” මේජර් ජනරාල්වරයා කීවේය.

බහිරව පූජාව ඇරඹීමට පෙර මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක සිටියේ බෝධි පූජාව කිරීම සඳහා අදාල පන්සලේය.

එහිදී ඉඩමේ බහිරව පූජාවට සම්බන්ධ වී සිටි ඔහුගේ සහායකයකු ඔහු වෙත දුරකථන ඇමතුමක් ගෙන පවසන්නේ එහි පොලීසිය පැමිණ තිබෙන බවය. එම ඇමතුමෙන් ලද දැනුවත් වීම මත මේජර් ජනරාල්වරයා වහාම බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා හා දුරකථනයෙන් සම්බන්ධ වී සිය ඉඩමට පොලීසියෙන් පැමිණීම පිළිබඳව වාර්තා කළේය.   එහිදී ඔහු වැඩිදුරටත් එම අවස්ථාවේ සිදු කරනු ලබන බහිරව පූජාව ගැන තමන් විසින් කළ දැනුවත් කිරීමද සිහිපත් කර ඇත. එහෙත් පොලිස් ස්ථානාධිපති එම අවස්ථාවේ නොරුස්සනා ආකාරයෙන් පිළිතුරු දී ඇත්තේ “එක එකා දෙන දුරකථන ඇමතුම් ගැන තමන්ට මතකයක්” නැති බවය.

ඒ අවස්ථාවේ සිදු කළ බහිරව පූජාව පිළිබඳව යම් තැනැත්තකු  119 හදිසි  ඇමතුම් අංකයට දුන් දුරකථන ඇමතුමකට අනුව ඉඩමට පැමිණි පොලීසියේ මෙහෙයුම අවසාන වූයේ මේජර් ජනරාල් වරයා ඇතුළු සහායකයන් අත් අඩංගුවට ගැනීමෙනි. අනතුරුව ඔවුන් සියළුම දෙනා තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන්නේ නිදන් හැරීම හා මනුෂ්‍ය  ඝාතනයක් සිදු කරන ලදැයි චෝදනා යටතේය.

ඒ අතර වාරයේ අත් අඩංඟුවට ගත් මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක පිළිබඳව හිටපු හමුදාපති දයා රත්නායක දකුණු  පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමක් කර තිබේ. එහිදී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා හිටපු හමුදාපතිවරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ   මේජර් ජනරාල් වරයා විසින්  සාහසික මනුෂ්‍ය ඝාතනයක් නිසා අත් අඩංගුවට ගන්නා ලද බවය.

හිටපු හමුදාපති වරයා වෙත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කළ වැඩිමනත් විස්තර කිරීම්  වලින් අවධාරණය කර ඇත්තේ එම මිනිස් ඝාතනය ගැන ඔහු A-Z දන්නා විදියටය. ඉන් හැඟී යන්නේ මේ කුමන්ත්‍රණයේ මහ මොලකරු මේ පොලිස් ලොක්කා බවය.

එය වඩාත් තහවුරු වන්නේ එම බහිරව පූජාව පිළිබඳව මේජර් ජනරාල් වරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයා පළමු වරට දැනුවත් කිරීමේදී ඔහු එය එතරම් බරපතල ලෙස ගණන් ගෙන නැති නිසාය. එහෙත් පොලිස් ස්ථානාධිපතිවරයා පසුව සිය ස්වරූපය වෙනස් කර ගන්නේ ඉහළින් ආ උපදෙස් අනුව බව සිතිය හැකිය.

වඳ සැත්කම් පිළිබඳව සමාජය බිය වද්දා මුළු රටම ගිනි  තබමින් සිය රාජකාරිය බල්ලාට දැමූ උන්මාද  පොලිස්කාරයෙකු ගෙන් හිටපු හමුදාපතිවරයා සාධාරණය අපේක්ෂා කිරීම පවා බඩ කොරවෙන තරමේ විහිළුකි. මේ බඩ ගෝස්තරවාදී පොලිස්කාර පාදඩයාට පුරවැසියන්ගේ  මානව හිමිකම් ගැන ගෞරවයක් නැති බවට උදාහරණය දොස්තර සාෆිය.  ඒ  කෙරුවා  පමණක්ම   අතීතයට උදාහරණය.

මනුෂ්‍ය ඝාතනයක් සිදු කරන ලදැයි කිසිවෙකු පැමිණිලි කළ පමණින් එම අපරාධය පිළිබඳව කිසිදු විමර්ශනයක් කිරීමකින් තොරව චුදිතයන් අත් අඩංගුවට ගෙන අධිකරණයට කරුණු වාර්තා කිරීමද හරිම අපූරුය.  ඒ වැඩේ සිද්ද කෙරුනේද ක්ෂණිකවය. අඩුම ගානේ මිනිස් ඝාතනයක් සිදු කරන ලද බවට පැමිණිල්ලක් කරන ලද සාක්ෂිකරු යොදවා ගනිමින් එම අපරාධයට  සම්බන්ධ විත්තිකරුවන් හඳුනා ගැනීම සඳහා හඳුනාගැනීමේ පෙරට්ටුවකට තැබීමට පවා  පොලීසියට අවශ්‍යතාවක් තිබී නැත.

කෙසේ වෙතත් බෙලිඅත්ත පොලීසිය විසින් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන ලද නිදන් හැරීම හා මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලද මේජර් ජනරාල් වරයා ඇතුළු අනෙකුත් විත්තිකරුවන්ට එරෙහිව පැවැති මූලික සාක්ෂි විභාගය අතර තුර මේ නඩුවේ සාපරාධී මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්  වූ චෝදනාව පොලීසිය මගින් ඉවත් කර ගැණිනි.

පාදඩ ගේම අධිකරණයේ දී අතේ පත්තු වු හැටි

එම නඩුවේ ප්‍රධාන සාක්ෂි කරුවන් වූයේ බාල වයස්කාර ළමුන් දෙදෙනෙකි. ඉන් එක් ළමයකු ගේ සාක්ෂියේ සඳහන් වූයේ තමන් හා මිතුරකු  සරුංගල යැවීම සඳහා බහිරව පූජාව පැවැත්වූ ඉඩමට ගිය විට කැබ් රියකින් රැගෙන ආ කාන්තාවක ගේ ගෙල සිඳිනු තමන් දුටු බවය.

ඔහුගේ මිතුරා ගේ සාක්ෂියෙන් එවැනි මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳව අනාවරණය නොවීය. පළමු සාක්ෂිකාර ළමයා ගේ සාක්ෂියේ සඳහන් වන ආකාරයට පොලීසියේ හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුම ගෙන පැමිණිලි කර ඇත්තේ ඔහුය.

මේ චිත්‍රය හොඳ හැටි විමසන විට මේ ළමුන් දෙදෙනාගේ සාක්ෂි කාගේ හෝ  පෙළඹීමකට අනුව පෙළ  ගැස්සුන සාක්ෂි  බව හොඳටම පැහැදිලි වේ. මේජර් ජනරාල් වරයා අමාරුවේ දැමීම සඳහා පොලීසිය බාල වයස්කාර ළමුන් දෙදෙනෙක් කුමන්ත්‍රණයට හවුල් කර ගෙන ඇති බව පෙනී යයි.  බහිරව පූජාව කළ ඉඩමට පැමිණි දෙවන පොලිස් කණ්ඩායම හා විශේෂ කාර්ය බලකායේ  නිළධාරීන් විසින් මූලික සාක්ෂි විභාගයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවල සඳහන් වූයේ පොළව කැනීමක් හෝ මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බවට කිසිදු සාක්ෂියක් හෙළිවී නැති බවය. පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට අනුව එම ඉඩම පුරා විද්‍ය වටිනාකමක් සහිත ඉඩමක්ද  නොවීය.

කෙසේ වුවද දින 25 ක් බන්ධනාගාර ගත කර සිටි මේජර් ජනරාල් කිත්සිරි ඒකානායක ඇතුළු සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් නිදොස් කොට නිදහස් කරන ලදී

පොලිස් සුනඛයින්ගේ අතේ රෝල

මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම පොලීසියේ අතේ  රෝලක් බව පැහැදිලිය. මෙහිදී මේ පොලිස් නොසන්ඩාලයන් සිය කුමන්ත්‍රණකාරී සැලසුම සාර්ථක කර ගැනීම සඳහා බාල වයස්කාර දරුවන් පවා යොදවා ගෙන තිබේ. දකුණු පලාතේ පොලිස් ලොක්කාගේ සිට තංගල්ල ඡ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයා  බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා හා එම පොලිස් ස්ථානයේ සැරයන් වරුන් දෙදෙනෙකු විසින් මේජර් ජනරාල් කිත්සිරි ඒකනායකගේ ගෞරවණීය සමාජ ජීවිතය විනාශ කර දමන ලද්දේ පොලිස් රාජකාරිය ඉතා කැත හා අවලස්සන ආකාරයට අවභාවිතා කරමිනි.

සැබැවින්ම මේ තක්කඩියන් රැළ  ජනරාල් කිත්සිරි ඒකනායක සතුව පැවැති මේ ඉඩම ඩැහැ ගැනීමේ අපේක්ෂාවෙන් සිටි යම් ධනවත් පුද්ගලයකුගේ අවශ්‍යතාව මත ඔහුට එරෙහිව සාවද්‍ය චෝදනා නගමින් අනීතිකව බලහත්කාරී අකාරයෙන් නීතිය අවභාවිතා කළ බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබේ.

දකුණු පලාතේ පොලිස් ලොක්කා හරි විදියට NPP ආණ්ඩුව යටතේ සිටිය යුත්තේ වැලිකඩ ජම්පරය ඇඳ ගෙනය. ඒ මෙරට පුරවැසියන් තුළ ජාතිවාදී හැගීම් අවුස්සන ආකාරයට ඔහු විසින් මුදා හරින ලද වඳ සැත්කම් නාටකය නිසාය. ඒ සිද්ධිය සමාජය උඩු යටිකුරු කළ හා පුරවැසියන් කම්පනයට ලක් කරන ලද සිදුවීමක් විය. එහෙත්  NPP ආණ්ඩුවක් යටතේද මෙවැනි පෝරිසාදයකු තවමත් පොලිස් රාජකාරියේ වගකීම් දැරීම ගැන අපට නම් ඇති වන්නේ  බරපතල හිරි කිතයක්ය.

පොලිස් නිල ඇඳුමේ වගකීම් සහිත රාජකාරිය පාවා දෙමින් කුමන්ත්‍රණකාරීව විශ්‍රාමික මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක හා ඔහුගේ දරු පවුලට මේ උන්නැහේ විසින්‍ සිදු කරන ලද සිත් පිත් නැති හානිය ගනන් හදා තක්සේරු කරන්නට බැරි තරමේය. හමුදාවේ ඡ්‍යෙෂ්ඨයකු වූ මේජර් ජනරාල්වරයකු හට මෙවැනි අසාධාරණයක් කරන්නට තරමේ හයියක් පොලීසියේ මේ පාදඩ රැළ තුළ පැවතියේ නම් සාමාන්‍ය පුරවැසියකු විෂයෙහි මොවුන් රාජකාරිය කරනු ඇත්තේ කෙසේද යන්න ගැන සිතා ගැනීමට අමුතු වෙහෙසක් ගත යුතු නැත.

එහෙත් පොලීසිය බාර බලධරයන් මෙවැනි අමානුෂික සිදුවීම් අධෝවාතයක් තරමේ වත් ගනන් නොගැනීමද කණගාටු දායකය.

හමුදාවෙන් පරීක්ෂණයක් අවශ්‍යයයි…

සැබැවින්ම මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක විශ්‍රාම ගොස් තවම අවුරුදු පහක් ගෙවී ගොස් නැත. සාමාන්‍යයෙන් හමුදාවෙන් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිළධාරියකු වසර පහක් යන තුරු හමුදා උප සේවයට අනුයුන්ත කෙරේ.

එසේ නම් තවමත් හමුදා උප සේවයේ රැඳී සිටන විශ්‍රාමික මේජර් ජනරාල් වරයාට සිදුවූ බරපතල හා අමානුෂික  අසාධාරණය පිළිබඳව විමර්ශනයක් කිරීම සේනා විධායකයා ලෙස සැළකෙන ජනපතිවරයාගේ  නෛතික යුතුකම හා වගකීම වන්නේය. ඒ වගකීම ආරක්ෂක අමාත්‍යංශයටද පැවරේ.

විශ්‍රාමික මේජර් ජනරාල් කිත්සිරි ඒකනායකගේ පෞද්ගලික ජීවිතය වෙත අභූත චෝදනාවක් එල්‍ල කරමින් ඔහුගේ ආත්මය බිමටම සමතලා කර දැමූ පොලිස් ලොක්කා ඇතුළු අනෙකුත් පොලිස් මදාවියන් රැළ  මේ අපරාධය සිදු කරන ලද්දේ සිය රාජකාරිමය භාවිත යේ පළමුවරට කළ අත් වැරැද්දක් ලෙස නොවන බවද මේ  වාහෙලාගේ  පැටිකිරියෙන් තහවුරු කර ගත හැකිය.

මේ ගැන කියවෙන ඉතා හොඳ අදහසක් නීතිඥ බැසිල් ප්‍රනාන්දු රචනා කරන ලද කාර්යක්ෂමතාව ප්‍රඥාගෝචර භාවය හා ශ්‍රී ලංකාවේ නීති ක්‍රමය නමින් රචිත කෘතියේ සඳහන් වේ.

“පාලනයෙන් තොරව තමන්ගේ ක්‍රියාවන් කිරීමට පටන් ගත් නිළධාරීන් නැවත එම පාලනය යටතට ගැනීම එතරම් ලෙහෙසි කාර්යයක් නොවේ. ලේ රස විඳින්නට ඉඩ කඩ අහුරා ඇති දැඩි කළ බල්ලෙකු යම් හෙයකින් රුධිරයේ රස වින්දහොත් ඒ සතාගේ හැසිරීම නැවත මුල් තත්ත්වයට ගෙන ඒම ඉතා අපහසු විය හැකිය…”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හරී!

Next Post

ඉස්ලාමාබාද් බෝම්බයට බය වුන ශ්‍රී ලංකා පිලේ ඇතැම් ක්‍රීඩකයෝ තරගාවලිය මග දමා එන්නට සැරසෙති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.