ගෝලීය මෙනේරී (ශ්‍රී අන්නා) සමුළුව අතරතුරදී එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන WFP සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඉන්දීය කෘෂිකර්ම හා ගොවීන්ගේ සුබසාධන අමාත්‍යංශය විසින් සිදුකරන ලදී.
ජාත්‍යන්තර මෙනේරි වසර IYM යටතේ ශ්‍රී අන්නා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාව විසින් සංවිධානය කරන ලද ගෝලීය සමුළුවේ කොටස්කරුවෙකු වීම සම්බන්ධයෙන් මධ්‍යම කෘෂිකර්ම සහ ගොවීන්ගේ සුබසාධන අමාත්‍ය නරේන්ද්‍ර සිං තෝමාර්, අමාත්‍යවරුන්ට ස්තූතිය පුද කළේය.
ඒ අතරම ඔහු පසුගියදා, ආහාර ස්වයංපෝෂිතභාවය ප්‍රවර්ධනය කිරීම හා කුසගින්න පිළිබඳ අභියෝගයට දිගුකාලීන විසඳුම් සහතික කිරීම සඳහා රාජ්‍ය හා ගෝලීය ප්‍රයන්තයන්ට සහාය වීම සඳහා ලෝක ආහාර වැඩසටහන කරන කාර්යය පැසසුමට ලක් කළේය.
මෙහිදී ජාත්‍යන්තර මෙනේරී වසර සැමරීම පිළිබඳ පැහැදිලි කළ අමාත්‍යවරයා පැවසුවේ එය සමරනු ලබන්නේ ඉන්දියානු ශ්‍රී අන්නා ආහාර වට්ටෝරු හා අගයන් එකතු කළ නිෂ්පාදන මහජන ව්‍යාපාරයක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීම සඳහා බවයි.
විවිධ රටවල් සමඟ ඉන්දියාවේ කෘෂිකාර්මික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඔහු අපේක්ෂා කරන බව බිස්නස් ස්ටෑන්ඩර්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි.