කැනේඩියානු අග්‍රාමත්‍ය ජස්ටින් ටෘඩෝ හට විපක්ෂයේ බලපෑම්වලට හිස නමා චීනය මැතිවරණ මැදිහත්වීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ සාක්ෂි දීමට ඔහුගේ ඉහළම සහායකයාට අවසර දීමට එකඟ වූ බව අග්‍රාමත්‍යවරයාගේ කාර්යාලය නිවේදනය කළේය.
කොන්සර්වේටිව් නායක පියෝ පොලියෙව් අවස්ථා ගණනාවකදීම අග්‍රාමාත්‍ය ටෲඩෝගේ මාණ්ඩලික ප්‍රධානී කේටි ටෙල්ෆෝර්ඩ්හට මැතිවරන විකෘති කිරීම ගැන සොයා බලන පාර්ලිමේන්තු කමිටුවක ඉදිරියේ පෙනී සිටින ලෙසට ප්‍රකාශ කර තිබිණි.
ප්‍රධාන පාර්ලිමේන්තු මැතිවරණ වලදී ටෘඩෝට සහාය දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා අඟහරුවාදා කොන්සර්වේටිව් පක්ෂයේ කැඳවීමට සහාය දෙන තෙක්ම ආන්ඩුව විසින් චීනය විසින් මැතිවරණය වංචාවන් සඳහා මැදිහත්වූ බවට එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.
ටෙල්ෆෝර්ඩ්ගේ සාක්ෂිය සඳහා ඉල්ලීම් පැන නගින්නේ නිශ්චිත චීන මැදිහත්වීම් උත්සාහයන් පිළිබඳව ටෘඩෝගේ සහායකයින් දැනුවත්ව සිට ඇති බවට තහවුරු නොකළ මාධ්‍ය වාර්තාවලින් චෝදනා එල්ල වීමත් සමඟයි.
ටෘඩෝ පවසන්නේ චීනය 2019 සහ 2021 ඡන්දවලට මැදිහත් වීමට උත්සාහ කළ නමුත් ප්‍රතිඵලය වෙනස් නොකළ බවයි. විදේශ මැදිහත්වීම් අසාර්ථක වූ බව බාහාර පාර්ශවයන්ගෙන් වසන්වී කළ ද්විපාර්ශ්වික පරීක්ෂණ වලින් අනාවරණය වූ බවද අග්‍රාමත්‍යවරයා පෙන්වා දී ඇත.
“සංවේදී බුද්ධිමය කාරණා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ පැවසිය හැකි දේ සම්බන්ධයෙන් බරපතල සීමාවන් පවතින අතර, පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් ලෙස, ටෙල්ෆෝර්ඩ් මහත්මිය පෙනී සිටීමට එකඟ වී ඇත,” අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.