බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

බලවත් සොයුරන් හතරක් එක් වී දූපත් ජාතියක් බිඳ දැමූ හැටි !

ලෝප්‍රකට බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ ශ්‍රි ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාවක්

by Lanka Sara Editor
මාර්තු 18, 2022 - Updated on මාර්තු 19, 2022
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter

බ්ලූම්බර්ග් (Bloomberg) යනු ලෝකයේ ප්‍රමුඛතම පෙළේ ව්‍යාපාර වෙබ් අඩවියකි. ලෝකය පුරා ව්‍යාපාර තොරතුරු ඒ හා බැඳුණු දේශපාලනික තොරතුරු වෙළෙඳපොළ දත්ත වාර්තා ඇතුළු නව තොරතුරු බෙදන එය 1981 මයිකල් බ්ලූම්බර්ග් ගේ නිර්මාතෘත්වයෙන් බිහි වූවකි. ලෝකයේ ප්‍රධාන පෙලේ ආයෝජකයන් තීරණ ගන්නන් ගේ නිති අවධානයට ලක් වන බ්ලූම්බර්ග් අද ශ්‍රි ලංකාව පිළිබඳව ලිපියක් පළ කළේ බලවත් සහෝදරයන් සිව් දෙනකු එක් වී දූපත් ජාතියක් බිඳ දැමූ හැටි (How Powerful four brothers broke an Island Nation) යන හිසිනි. එම වෙබ් අඩවියේ දකුණු ආසියානු කලාපීය මාධ්‍යවේදිනියක වන රූත් පොලාඩ් (Ruth Pollard) විසින් මෙය රචනා කරනු ලැබ ඇත.මෙහි පළවන්නේ එහි සිංහල පරිවර්තනයකි.

ඉකුත් වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ශ්‍රි ලංකාව තුළ අර්බුද රාශියක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

මිලියන විසි දෙකක් වෙසෙන ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටියි. එහිදී පොහොර තහනම හේතුවෙන් ඇති වූ කෘෂි නිෂ්පාදන කඩා වැටීමත් සමඟ සහල්, තේ නිෂ්පාදන වල කඩා වැටීමද ඉන් ඔබ්බට යමින් විදේශ විනිමය අර්බුදය ඔස්සේ මේවන විට දරුණු මානුෂීය අර්බුදයක් දක්වා මෙය වර්ධනය වී ඇත.

ඒ අනුව මේවන වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට අදාළ අර්බුද සඳහා විසදුම් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඔහු මේ වන තෙක් බහුලව චීනයේ සහ ඉන්දියාවේ සහය පතමින් සිටි අතර සමස්ථ ආර්ථිකය බංකොලොත් තත්ත්වයකට පත්වන මට්ටමක් පැවතියද ඉතාමත් හිතුවක්කාර ලෙස ජාත්‍යන්තර සහය ලබා ගැනීමට ප්‍රතික්ෂේප කරමින් සිටියි. තත්ත්වය මෙසේ පැවතියදී ඉකුත් අඟහරුවාදා දිනයේදී දසදහසකට අධික මහජනතාව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වී ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බල කෙරුණි.

මෙම විරෝධතාවලට මූලික හේතුව වුයේ මේවන විට ශ්‍රී ලංකාව තුළ පවතින ඉන්ධන, ආහාර සහ ඖෂධ හිඟයක් සමඟ විශාල පිරිසකට සිය දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති පසුබිමයි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් 2019 වර්ෂයේ සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සහ කොරෝනා වසංගතයෙන් බැට කෑ සංචාරක ක්ෂේත්‍රය යළිත් නැගී සිටීමටද දැඩි අභියෝගයක්ව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ 2019දී ජනාධිපතිවරයා වශයෙන් බලයට පත්වූ පසු සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂ අග්‍රාමත්‍යවරයා ලෙස පත් කරගත්තේය. මෙම නම් දෙකේ යම් හුරු පුරුදු බවත් තිබෙනවා නම් ඊට හේතුව වන්නේ මහින්ද රාජපක්ෂ 2004 වර්ෂයේදී අග්‍රමාත්‍යවරයාව සිට පසුව ජනාධිපතිවරයා බවට පත්වීමත් පසුව ඔහුගේ සොයුරා ආරක්ෂක ලේකම් ලෙස පත්කරමින් 2009දී එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමයි.

රාජපක්ෂවරු 2015 සිට කෙටි කාලයකට බලයෙන් පහව සිටි අතර අතර එම කාලයේදී රනිල් වික්‍රමසිංහ හට ආණ්ඩු බලය හිමිව තිබූ අතර ඔහුව 2018 වර්ෂයේදී ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කරමින් ඉවත් කෙරිණි.

කෙසේ වෙතත් 2020 වර්ෂයේදී රාජපක්ෂවරුන්ගේ පක්ෂය විශාල මැතිවරණ ජයග්‍රහනයක් ලබාගත් අතර ඒත් සමඟම පෙර ජනාධිපතිවරයා විසින් ඉවත් කර තිබූ විධායක බලතල ඔවුන් විසින් යළිත් ස්ථාපිත කිරීමට සමත්විය.

ඉන් අනතුරුව තවත් රාජපක්ෂ සහෝදරයෙකු වන ඒ වන විටත් ද්විත්ව පුරවැසියකු වීම හේතුවෙන් අර්බුදකාරී චරිතයක්ව සිටි බැසිල් රාජපක්ෂව මුදල් අමාත්‍යවරයා වශයෙන් පත්කරගනු ලැබීය. ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය සිදුවූයේ ආණ්ඩුව විසින් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම වලක්වා තිබූ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඉවත් කිරීමත් සමඟිනි.

රාජපක්ෂවරුන්ගේ වැඩිමහල් සයෝදරයා වූ චමල්ද කැබිනට් සාමාජිකයකු වන අතර ඔහුගේ පුත්‍රයා කැබිනට් නොවන අමාත්‍යවරයකු වේ. එසේ අග්‍රමත්‍යවරයාගේ එක් පුත්‍රයකු කැබිනට් අමාත්‍ය ධූරයක් දරන අතර ඔහු ගේ තවත් පුත්‍රයකු අග්‍රමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද තවත් ඥාති පුත්‍රයකු පර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කරයි.

ඒ අනුව සලකා බලන කල්හී අයවැයෙන් සියයට 75ක් රාජපක්ෂවරුන්ගේ පාලනයේ පැවතියද රටේ පවතින ආර්ථික අර්බුදය විසදීමට ඔවුන්හට නොහැකි වී තිබේ.

මේ අතර බැසිල් රාජපක්ෂ බදාදා ඉන්දියාවේ සංචාරයක නිරතවූ අතර එහිදී ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකමක් ලබා ගැනීමට උත්සහ කළේය. මෙම තත්ත්වය අතරතුරේදී රුසියානු සහ යුක්‍රෙන ගැටුමද ශ්‍රී ලංකාවට යම් ආකාරයකින් අයහපත්ව බලපෑ අතර එහිදී සංචාරක ක්ෂේත්‍රයට බලපෑමක් එල්ල කළේය.

මන්ද පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගෙන් සියයට 30ක් පමණ රුසියානු, යුක්‍රේන, පෝලන්ත සහ බෙලරුස් ජාතිකයන් වූ අතර ඔවුන්ගේ පැමිණීම නැවතී පැවතීමද ගැටලුකාරී තත්ත්වයක් විය. ශ්‍රී ලංකාවේ තේ වලට විශාල ඉල්ලුමක් රුසියාවෙන් පැවති අතර එය මේවන විට යම් අවදානම්කාරී තත්ත්වයකට පත්ව තිබේ.

කෙසේ වෙතත් තත්ත්ව කෙතරම් දරුණු වී ඇත්දැයි පවසනවා නම් රාජපක්ෂ සහෝදරයින් විසින්මේවන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පැතීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් සමග සාකච්ඡා කිරීම ආරම්භ කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි වලට එකඟ වෙමින් ඇමරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය පාකිරීමට තීරණය කළ අතර එමගින් රුපියලේ අගය කඩා වැටෙමින් භාණ්ඩ හා සේවා වල මිල ඉහළයාමක් දක්නට ලැබිණි.

එසේම ස්වාධීන ආර්ථික පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනයේ ආර්ථික විද්‍යාඥ සහ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් කියා සිටියේ ණය ප්‍රතිව්‍යුවගත කිරීම මූලික වශයෙන් කළයුතු කාරණය බවය.

කාලයක පටන් ගෙන ගිය වැරදි පාලනය මෙම තත්ත්වය වර්ධනය කිරීමට හේතුවූ බවත් ආචාර්ය මෙල් මෙහිදී ප්‍රකාශ කළේය. එසේම ශ්‍රි ලංකිකයින් විසින් අද වන විට පෙරනොවූ විරූ තත්ත්වයක් අත්විදිමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය සිවිල් යුද ගැටුම් පැවති සමයේ පැවති තත්ත්වයටත් වඩා තත්ත්වයක් බවද මේවන විට ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන දෙකක විදේශ සංචිත ප්‍රමාණයක් පමණක් බවත් මේවන විට 2022 වර්ෂයට විදේශ ණය ගෙවීම් ඇමරිකානු ඩොලර් බිලිනය 7ක් පවතින බවද ඔහු පැවසීය. මේ අතර ඇමරිකානු ඩොලර් බිලියන 1ක විදේශ බැදුම්කරය ජූලි මාසයේදී කල් පිරෙන බව ඔහු තවදුරටත් පවසයි.

එසේම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය දුෂ්නි වීරකොන් පවසා සිටියේ මේවන විට ආණ්ඩුවට පැහැදිලි විසදුමක් සකස් කරන ලෙස දැඩි ඉල්ලීමක් නිර්මණය වෙමින් පවතින බවයි.

‟මෙහිදී වේදනාත්මක නොවන මාර්ගයක් නැහැ. ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත්වීමට පෙර ආර්ථිකය මදක් අපහසු තත්ත්වයකට පත්වෙයි” යනුවෙන් ඇය පැවසීය.

‟මේ සියල්ල ආරම්භ වූයේ ආණ්ඩුව විසින් 2007දී ප්‍රාග්ධන වළෙඳ පොලෙන් ණය ගැනීමත් සමඟයි. (ඒ වන විට ජනාධිපතිවරයාව සිටියේ මහින්ද රාජපක්ෂයි) ඒ අනුව එම ණය ගැනීම් අදවන විට සමස්ථ ණය වලින් සියයට 38ක්ව පවතින අතර චීනයෙන් ලබාගත් ණය සියයට10ක් වේ. ” යනුවෙන් ඇය පැවසීය.

ඒ අනුව පවතින තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවට පවතින් හොඳම විසදුම වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම පමණකි. මේ අතර ශ්‍රී ලංකාව විසින් නව දිල්ලියෙන් සහ බීජිං නුවරින් ණය ප්‍රතිව්‍යුහ ගත කරන ලෙස ඉල්ලීමක් කර ඇති අතර ඉන්දියාව විසින් ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 400ක් වූ ස්වැප් ණය පහසුකම් ගෙවීම් කල් දැමීය.

ශ්‍රී ලංකාව විසින් චීනයෙන් අධික ලෙස ණය ගැනීම සිදු කළ අතර හම්බන්තොට වරාය චීනයේ එක් තීරයක් එක් මාවත් වැඩසටහන යටත් ඉදිවූ අතර එය බීජිං පාලනයට සමීප වීමෙන් ඇති වියහැකි දරුණු ප්‍රතිවිපාක වලට කදිම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය.
ශ්‍රී ලංකාව විසින් චීනයෙන් මෙම වරාය ඉදිකිරීමට විශාල වශයෙන් ණය ලබාගත් අතර එම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වසර 99කට එය බදුදීමට සිදුවිය.

මෙම තත්ත්වය හමුවේ ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සපුරාලීමට අපොහොසත්ව ඇත. ඔහුට මේවන විටත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙන අතර 2024 තෙක් මැතිවරණයක් පැවැත්වීමට සමයක් එළෙඹෙනු නැත. ඒ අනුව විපක්ෂයේ විරෝධතා මෙම පවුල් පාලනයෙන් රට වෙනතකට ගෙනයාමට ඇති හැකියාවද අල්පය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා බදාදා ජාතිය ඇමතූ අතර එහිදී ජාත්‍යන්තර මූලය අරමුදල සමඟ කටයුතු කිරීමට එකඟතාව පළකර අතර ඔහු ජනතාව විඳින දුක් පිළිබඳ සංවේදී බව පැවසුවද මේවනවිට බොහෝ කාලය අවසන් වෙමින් පවති. ජනතාව විශාල පීඩනයකට ලක්ව ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුලදට එකඟ වීමට කල් ගත කරන සෑම මොහොතකම ශ්‍රී ලංකාව බංකොලොත් වීමට ළඟා වෙමින් සිටියි. එම මාවතේ ශ්‍රී ලංකාව කිසිවිටෙක් යනු ඇතැයි කිසිවකු අපේක්ෂා කරන්නේ නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුද්ධය නිමා කරන්න පූටින්ගෙන් කොන්දේසි 06ක්… සෙලෙන්ස්කි පන්නා ආණ්ඩුව වෙනස් කළ යුතුයි!

Next Post

මරණීය තර්ජන එල්ල කර මිතුරාගේ බිරිය දූෂණය කළ පාප මිත්‍රයා වසර 15ක් හිරේ!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.