මෙරට දරුවන්ගෙන් 17% ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි.
කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කරන ආකාරයට මෙම ජාතික සමීක්ෂණයේදී අවුරුදු පහට අඩු දරුවන්ගෙන් ලක්ෂ දෙකක ප්‍රමාණයකට හා පාසල් සිසුන්ගෙන් ලක්ෂ 7 ක ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණය වී ඇත.
රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ නිසි පෝෂණය සහිත ආහාර වේලක් දරුවන්ට ලබා දීමට නොහැකි වීමත්, ජනතාවට ආහාර සීමා කිරීමට සිදුවීමත් මේ තත්ත්වයට හේතුව බව පර්යේෂකයෝ පවසති.
එසේම මේ වන විට කැල්සියම් ඌනතාවය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් දරුවන්ගෙන් සියයට 50 ක් පමණ කැල්සියම් ඌනතාවයෙන් පෙළෙන බවත් මෙය අලුතින් ඇති වූ තත්ත්වයක් බවයි ඇය සඳහන් කරන්නීය.