අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවත් කළඹන කතාවක් කියා ලංවිම සභාපති ඉල්ලා අස්වීමේ ඇතුළු පැත්ත ගැන බීබීසීය කියපු කතාව…

by editor
ජූනි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් අද (ජුනි13) ඉල්ලා අස් විය. ඒ, අනුව නව සභාපතිවරයා ලෙස නලින්ද ඉලංගකෝන් පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේය.එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු ලංකා විදුලිබල මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස් වුණේ, ඉන්දියාවේ ප්‍රකෝටිපතියෙකු මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයෙකු ලෙස සැලකෙන අදානි සමූහයේ සභාපති ගෞතම් අදානිගේ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය යලි ආන්දෝලයට ලක්ව ඇති පසුබිමකය.

එය මෙරට මෙන්ම ඉන්දියාවේ දේශපාලන ක්ෂේත්‍රයේද මතභේදයට තුඩුදෙන ව්‍යාපෘතියක් බවට පත්වුයේ අදාළ ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළ බවට එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සාභාවේදී කළ අනාවරණයයයි.

අදාළ ප්‍රකාශය කර පැය 24ක් ගතවීමටත් මත්තෙන් ඔහු එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේය.

සැබැවින්ම ටෙන්ඩර් පටිපාටි වලින් බැහැරව අදාළ ව්‍යාපෘතිය අදානි සමාගමට ලබා දෙන ලෙස ඉන්දීය බලපෑම් එල්ල වුණාද?

මේ වන විටත් කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනයට අදාළ ගිවිසුම්ගතව සිටින අදානි සමූහය මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අවතීර්ණවීමට ද සූදානමින් අවබෝධතා ගිවිසුමකට එළැඹ සිටියි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඒ අනුව, මන්නාරම සහ පූනරීන්හි සුළං බලගාර ඉදිකිරීමට අදානි සමූහයේ සූදානමක් ඇත. එය මෙගාවොට් 500ක සුළං බල ව්‍යාපෘතියකි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ගෞතම් අදානි ප්‍රමුඛ අදානි සමූහයේ ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් මෙරට සංචාරය කළහ.

ගෞතම් අදානිගේ පුත්‍රයා, අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරීවරයා, අදානි හරිත බලශක්ති සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මෙම කණ්ඩායමට අයත්වූහ.

මෙම සංචාරයේ දී ගෞතම් අදානි වරාය, බලශක්තිය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙරට ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කර තිබුණි.

අදානි සමූහයේ නියෝජිත පිරිසෙන් කිහිපදෙනෙකු පසුව මන්නාරම ප්‍රදේශයේ සංචාරයක ද නිරත විය.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51%ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබුණේ 2021 සැප්තැම්බර් 30 වනදා කොළඹ දී ය.

වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් මඟින් බටහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට නියමිතව තිබේ.

මීට පෙර ඉන්දියා, ජපාන හා ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට යෝජනාවූ නමුත් වත්මන් රජය එම ව්‍යපෘතිය අත්හිටුවා බටහිර පර්යන්තය අදානි සමූහය ප්‍රමුඛ හවුල් ව්‍යාපාරයට ලබා දුන්නේ ය.

කෝප් කමිටුවේ අනාවරණය

ලංකා විදුලිබල මණ්ඩලය ජුනි 10 දා කෝප් කමිටුව හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවනු ලැබිණි.

එහිදී මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයා ප්‍රමුඛ පිරිසගෙන් ප්‍රශ්න කරනු ලැබිණ.

ඊට පිළිතුරු දුන් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මෙසේ ප්‍රකාශ කළේ ය:

“මෙහෙමයි වුණේ ඇත්ත වශයෙන්ම. ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා, මම හිතන්නේ ගිය නොවැම්බර් 24 වැනිදා වගෙ, කිව්වා මේ අදානි සමාගමට දෙන්න, මේක ඉන්දිය අගමැති මෝදි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනව යි කියලා. පස්සේ මම ඒ වේලාවේ කිව්වා මේකේ මේ මටවත් විදුලිබල මණ්ඩලයටවත් අයිති ප්‍රශ්නයක් නෙමෙයි, මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා. නෑ නෑ ඔයා මේක මම ඒ හින්දා ලියුමක් ලියලා දැම්මා මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවා ය කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා, මේක ඔහෙන් කරගන්න, මේක විදුලිබල මණ්ඩලයට අදාල ප්‍රශ්නයක් නෙමෙයි කියලා. හැබැයි මං කිව්වා මේක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් රික්වයර්මන්ට් එකක් තියෙනවා, ඒ අනුව තීරණය කර ගන්න කියලා. අපි දුන්නේ ෆීසිබිලිටි එකක් කරන්න.”

CEB chairman revealed that the reason for giving the Mannar wind plant project to @AdaniOnline is that @PMOIndia is using his political authority to pressure @GotabayaR. This proves that @narendramodi is not serving #Indians but serving corrupt businessmen like Adani.#SriLanka pic.twitter.com/3YSLDwRFp6

— Prasad Welikumbura (@Welikumbura) June 11, 2022

ල මණ්ඩල සභාපතිවරයා එම ප්‍රකාශය සිදුකර පැය 24ක් ගතවන්නටත් මත්තෙන් කෝප් කමිටුව හමුවේ තමා කළ ප්‍රකාශය ඉවත්කර ගන්නා බව කියා සිටියේ ය.

ඒ අවස්ථාවේ පැවති අධික පීඩනයත්, විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළව කාර්යබහුලවීම නිසා නිසි ලෙස ආහාර පවා නොගෙන වෙහෙසවීම හේතුවෙන් ඇතිව තිබූ මානසික තත්ත්වයත් මත මෙම ප්‍රකාශය තමා අතින් සිදුවී ඇති බව ඔහු පැවසුවේ ය.

කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ ජනාධිපතිවරයා හෝ විෂය භාර අමාත්‍යවරයා හෝ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් එල්ලවූ බලපෑමක් නිසා නොවන බව ද ලංකා විදුලිබල මණ්ඩල සභාපති ෆර්ඩිනැන්ඩු පැවසීය.

කෙසේ වෙතත්, විදුබල මණ්ඩලයේ සභාපති කෝප් කමිටුවේ දී සිදුකළ හෙළිදරව්ව අතිශයින් බරපතළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

සභාපතිවරයා අද එය ප්‍රතික්ෂේප කරන්නේ කාගේ බලපෑමටදැ යි කිව යුතු බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ය.

සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු කෝප් කමිටුවේ දී සිදුකරන ලද ප්‍රකාශය ඒ මොහොතේ පත්ව සිටි පීඩනය හේතුවෙන් කළ බවට ඔහු අද පවසතත්, එලෙස වගකීම් විරහිත ප්‍රකාශ කෝප් කමිටුව අභියස කරන්නේ කෙසේදැ යි විපක්ෂ නායකවරයා ප්‍රශ්නකර සිටියේ ය.

එනිසා සභාපතිවරයා පැවසූ සත්‍ය වෙනුවට, ඔහුම නැවත අසත්‍ය ප්‍රකාශ කරමින් සිදුකරන “නාඩගම” හරහා රටේ මහජන නියෝජිතයින්ගේත්, ජනතාවගේත් වරප්‍රසාද කඩවූ බව සජිත් ප්‍රේමදාස පැවසීය.

සුපුරුදු පරිදි අදත් සිදුවෙමින් පවතින්නේ ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කරමින් හොරාකෑම සහ ගසාකෑම බව පැවසූ විපක්ෂ නායකවරයා, මෙය “සම්පූර්ණයෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක්” බව ද පැවසීය.

මේ අතර ඉන්දීය කොංග්‍රස් මන්ත්‍රී රාහුල් ගාන්ධි කියා සිටියේ, භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුභාවය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට ද පැමිණ ඇතිබවකි.

ශ්‍රී ලංකාවේ මතභේදාත්මක බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“කිසිවෙකුට බලපෑම් කළේ නැහැ”

කෙසේ නමුත්, මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ දී ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපවරයා වගකීමෙන් කියා සිටින්නේයැ යි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ ය.

Re a statement made by the #lka CEB Chairman at a COPE committee hearing regarding the award of a Wind Power Project in Mannar, I categorically deny authorisation to award this project to any specific person or entity. I trust responsible communication in this regard will follow.

— Gotabaya Rajapaksa (@GotabayaR) June 11, 2022

“ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය සෑම ව්‍යාපෘතියක්ම ඉතාමත් පාරදෘශ්‍ය සහ වගවීමෙන් යුතු ව නිසි ක්‍රියාදාමයන් අනුව පැවරීම ය. ශ්‍රී ලංකාවට විදුලිබලය අත්‍යවශ්‍ය වී ඇති මේ අවස්ථාවේ දී පුනර්ජනනීය බලශක්ති ක්‍රම පිළිබඳ සුවිශාල ව්‍යාපෘතීන් සඳහා ලැබෙන ඉල්ලීම් සීමිත බැවින් ඒවා ගැන සුවිශේෂ අවධානයක් දැක්වුව ද ව්‍යාපෘතීන් සඳහා ආයතන තෝරාගැනීමේ දී රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව, පාරදෘශ්‍ය පරිපාටියක් යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ,” ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

ජනපති ඉන්දීය රූකඩයක් වෙලා – අරගලකරුවෝ පවසති

මේ අතරේ සර්වපාක්ෂික අරගලකරුවන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා ඉන්දීය රූකඩයක් බවට පත්ව ඇතැ යි යනුවෙනි.

මාතෘ භුමිය ආරාජික කරමින් ආර්ථිකය බංකොලොත් කළ ගෝඨාභය රාජපක්ෂ නම් ආසාර්ථක පාලකයා ජනබලයක් නොමැතිව, බංකරයක් තුළ හිඳිමින් ඉන්දු – අමෙරිකානු දේශපාලන උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශයෙන් සනාථ වූයේයැ යි සර්ව පාක්ෂික අරගලකරුවෝ ප්‍රකාශ කරති.

මේ අසීරු මොහොතේ දී ශ්‍රී ලංකාවට ලබාදෙන ආර්ථිකමය ආධාර උපකාර පිළිබඳව ඉන්දියාවට කෘතඥතාවය පලකරන ඔවුහු, ඒ මුවාවෙන්, ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් ලෙස රාජ්‍ය පාලනය පිලිබඳ තීරණ ගැනීම සඳහා ව්‍යවස්ථාපිතව හා ජාත්‍යන්තර නීතී යටතේ ශ්‍රී ලංකාව සතු නිදහසට අභියෝග කිරීමට මෝදි අගමැතිවරයාට කිසිදු අයිතියක් නොමැති බව ද අවධාරණය කළහ.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය යම් හෙයකින් අසත්‍ය නම්, කෝප් කමිටුව නොමඟ යැවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බව පවසන අරගලකරුවන් වැඩිදුරටත් අවධාරණය කළේ, “මෙරට සම්පත් රාජපක්ෂලාගේ බූදලයක් නොව අප රටේ දුක්විදින මිනිසුන්ගේ සහ අනාගත පරපුරට ද අයත් රටේ උරුමයක් බව ඉන්දු අමෙරිකානු රූකඩ ජනාධිපතිවරයා මතක තබාගත යුතු” බව යි.

“අතහිත ඉන්දියාවෙන් වුණාට යටිහිත අප්සට්”

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් ප්‍රකාශ කරන්නේ විදුලිබල මණ්ඩල සභාපතිවරයාගේ ප්‍රකාශය ඉවත්කරගත නොහැකි බව යි.

“ජනාධිපතිවරයා ඔහුව මේ සඳහා යොමුකරපු බව ඔහු විසින් පසුගිය නොවැම්බර් 25 වැනිදා එස්. ආර්. අර්ටිගල අමතා යවපු ලිපියේ නිශ්චිව සඳහන් වෙනවා. වැදගත්ම දේ, මේක හරියටම සිද්ධවෙලා මාස හයකටත් අධික කාලයක් ගතවෙලා තියෙනවා. ඒ කාලය ඇතුළතත් බරපතල සිද්ධි ගණනාවක් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මාර්තු මාසයේ 12 වැනිදා අදානි සමාගමත්, ලංකා විදුලිබල මණ්ඩලයත්, අයෝජන මණ්ඩලයත්, මුදල් අමාත්‍යංශයත්, සුනිත්‍ය බලශක්ති අධිකාරිය කියන මේ ආයතන එක්ව අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා,” එම කාරක සභාවේ සාමාජික පාඨලී චම්පික රණවක අවධාරණය කළේ ය.

“පසුගිය බ්‍රහස්පතින්දා නව විදුලිබල පනතයට සශෝධන සම්මතකර ගත්තා. ඒ සංශෝධනවලිනුත් රජයන් අතර මේ කරගන්න බැරිවුනොත් කාරිය, ඒ කියන්නේ නීතිමය ප්‍රශ්නයක් පැන නැඟුණහොත් තවත් තැනකින් ඉඩලබා දුන්නා අදානි සමාගමට මේක කරගෙන යන්න.”

Tapping #Wind/#Solar potential is a priority. But not through a 'mega-deal' to offer this vital natural resource on a platter, with 'NO competitive bidding', to #Adani! #SLGovt should stop the proposed amendment to #SLElectricityAct, designed to legitimise this massive robbery!

— Patali Champika Ranawaka (@pcranawaka) June 3, 2022

පොදු ව්‍යාපාර පිළිබඳකාරක සභවේ සාමාජික නලින් බණ්ඩාර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, “අද අපේ රට ලෝක බලවතුන්ගේ ගොදුරුබිමක් බවට පත්වෙලා කියන එකට අලුතින් ආයේ සාක්ෂි සටහන් අවශ්‍ය නැහැ,” යනුවෙනි.

එම කාරක සභාවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මෙසේ ප්‍රකාශ කළේ ය: “අතහිත ඉන්දියාවෙන්, තෙල් දෙන්නේ ඉන්දියාවෙන්, ගෑස් දෙන්නේ ඉන්දියාවෙන්, කන්න දෙන්නේ ඉන්දියාවෙන්, අතහිත මෝදිගෙන්. හැබැයි යටිහිත, යටිහිත තමා අප්සට්. යටිහිත තමා අන්න අර විදුලිබල මණ්ඩල සභාපතිවරයා කියන්නේ.”

එම කාරක සභාවේ සාමාජික එස්. එම්. මරික්කාර් පැවසුවේ කෝප් කමිටුව ඉදිරිපිට දී ලබාදුන් ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට නෛතික බලයක් නොමැති බව යි.

“එතුමා දැන් ලියුමකින් කොන්දේසි විරහිතව සමාවකින් ඉල්ලා අස්කර ගැනීම නීත්‍යානුකූල නැහැ. එතුමා දැන් නීත්‍යානූකූලව ප්‍රකාශ කරලා ඉවරයි. ඒ නිසා කෝප් කමිටුව විදිහට අපිට ඒක පිළිගන්න බැහැ කියන එක තමා කෝප් කමිටුවේ සාමාජිකයෙකු විදිහට මගේ මතය. කිසිසේත්ම ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ දුන්නු ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම සඳහා ඔහුට නෛතික වගකීමක් හෝ බලයක් නැහැ. කෝප් කමිටුවට ඒක පිළිගැනීමේ බලයකුත් නැහැ. ඒ අනුව මීළඟ කෝප් කමිටු රැස්වීමේ දී මේ පිළිබඳව අපි තීන්දුවක් ගන්නවා කියලා පැහැදිලිව කියන්න ඕනේ,” ඔහු පැවසුවේ ය.

එම කාරක සභාවේ සාමාජික ජයන්ත සමරවීර ද මෙසේ පැවසීය: “මේ රටේ විදුලිබලය හා බලශක්තිය මේ පරදේසක්කාරයින්ට පිදීමේ තිත්ත ඇත්ත, නිර්ධය ඇත්ත තමා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී එළියට ආවේ. සභාපතිවරයට කෝප් එකේ බොරු කියන්න අයිතියක් නැහැ. අපි ඊගාව දවසේ සභාපතිවරයා ගෙන්වනවා. කාට විරුද්ධව ද මේ කියන්නේ, මේ ඔහු කෝප් එකේ දී කිව්ව නිර්ධය ඇත්ත, මේ රටේ රාජ්‍ය නායකයා පිළිබඳ ප්‍රශ්නයක් ඔහු මතු කළේ, බරපතල තත්ත්වයක්. එසේ නොවෙනව නම් මේ සභාපතිවරයාට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න වෙයි.”

“ඔහු දැඩි ආතතියෙන් හිටියා කියලා පෙනෙන්නේ නැහැ. දැන් තමා ඔහු ආතතියට ලක්වෙලා අරවගේ ප්‍රකාශයක් කරවලා තියෙන්නේ කියන එක නම් හරිම පැහැදිලි යි,” සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ප්‍රකාශ කළේ ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ දරුවන්ගෙන් ගෙන් සියයට 17කට මන්ද පෝෂණය…. සියයට 50කට කැල්සියම් ඌනතාවය… වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි!

Next Post

හැමදාම පරිත්‍යාගශීලීන් මත යැපෙන්න බෑ… අවුරුද්දේ අග වනවිට ළමා රෝහල ඛේදවාචයක් වන හැටි නියෝජ්‍ය අධ්‍යක්ෂ කියයි!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.