හදිසි තත්ත්වයකදී කොවිඩ් රෝගීන්ට ලබාදීමට අමතර සිලින්ඩර 21,000ක් කඩිනමින් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. මෙම තොගය සුරක්ෂිත තොග වශයෙන් පවත්වාගන්නා ලෙස ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත උපදෙස් දී ඇති බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව මේ වන විටත්, ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම, සිංගප්පූරුවෙන් ඔක්සිජන් සිලින්ඩර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති අතර, නොබෝ දිනකින් පළමු තොගය ලැබීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
දැනට දිවයින තුළ ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් වන සිලෝන් ඔක්සිජන් ලිමිටඩ් සමාගම (Ceylon Oxygen Limited) හා ගෑස් වර්ල්ඩ් ලංකා ලිමිටඩ් සමාගම (Gas world Lanka Limited) විසින් අවශ්‍ය තරම් ඔක්සිජන් නිෂ්පාදනය කරයි. දැනට සමහර රෝහල්වල මහා පරිමාණ ද්‍රව ඔක්සිජන් ටැංකි, ඔක්සිජන් සාන්ද්‍රණ බලාගාර, ඇඳන් ආසන්නයේ වූ කුඩා පරිමාණ ඔක්සිජන් සාන්ද්‍රණාගාර ඇත. එහෙත්, විවිධ ප්‍රමාණයෙන් වූ වායු ඔක්සිජන් සිලින්ඩර සංඛ්‍යාව රෝගීන්ගේ අවශ්‍යතා සඳහා වැඩිකිරීම යෝග්‍ය බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පුරෝකථනය කර ඇති අමතර ඔක්සිජන් සිලින්ඩර අවශ්‍යතාවය පහත සඳහන් පරිදි වේ.
- ලීටර 4 කුඩා සිලින්ඩර 2,000, II. ලීටර 12 විශාල සිලින්ඩර 10,000
III. ලීටර 47 සිලින්ඩර 9,000
ඒ අනුව,
මීට අමතරව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන ජනරජයෙන් කළ ඉල්ලීමකට අනුව ඔක්සිජන් සිලින්ඩර ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රි ලංකාවට සැපයීමට චීන රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.