ඝාතනයට ලක් වූ පාතාල නායක සමයංගෙන් පසුව කඩුවෙල හොල්ලාගෙන සිටි පාතාල කල්ලි නායකයකු සහ අපරාධකරුවකු වන මහබුලගේ දිනිත් මෙලන් මාබුලගේ නොහොත් ඌරු ජුවා සඟවා තිබූ ආයුධ පෙන්වන්නට ගොස් ඊයේ (11) රාත්‍රී පොලීස් වෙඩි පහරින් මරුමුවට පත්විය.
නවගමුව පොලීසිය පෙරේදා (10) ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. ප්‍රශ්න කිරීම්වලදී ආයුධ සැගවූ ස්ථානයක් ගැන තොරතුරු හෙළිකර ඇති බවත් ඒ අනුව නවගමුව වදුරාමුල්ල ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී පොලිස් වෙඩි පහරකට ඔහු ලක්ව තිබෙන බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.
තුවාල ලැබූ ඌරු ජුවා නවගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝ අජිත් රෝහන මහතා නිවේදනය කළේය.
බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණෙමින් සිටි ඔහු විදේශගත වීමට සූදානමින් සිටියදී ඔහු පෙරේදා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ ඔහු මනුෂ්‍ය ඝාතන හතරකට සහ කප්පම් ගැනීමේ සිද්දීන් 20ක් ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ බවය.