යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම විලි ලජ්ජා නැති පරාජයකය. මෙැවනි ළදරු ක්‍රිකට් ගහන්නට කුමක් සඳහා පිටරටකට යනවා දැයි සිතෙන තරමට මේ ක්‍රිකට් ගැහිල්ල කුජීතය.
කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්ත කණඩායමට ලබා දී ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව හතර ගාතයෙන් ඇද වැටී ලකුණු 76කට දැවී ගියේ පන්දු ඕවර විස්සක්වත් ක්‍රීඩා නොකරය. සියලුම දෙනා දැවී යන්නේ පන්දු ඕවර 19.5ක දීය
මේ කුජීත ක්‍රිකට් ගැහිල්ල කුමක් දැයි අප දැන් යළිත් කල්පනා කළ යුතුව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 18 ය. චාමික කරුණාරත්න ලකුණු 11ක් සහ ලහිරු කුමාර අවසන් පිතිකරුවා ලෙස ලකුණු 10ක් ලැබුවේය.
අනෙක් එකෙක්වත් ලකුණු 10 සීමාව පසු කළේ නැත. කුසල් මෙණ්ඩිස් පන්දු 16කට මුහුණ දී එකම ලකුණක් හෝ නොලබා දැවි ගියේය. දසුන් ශානක පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය. වනිඳු හසරංග ලකුණු 02කි. අලුතින් කැඳවූ ආරම්භක පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 04කි.
හෙන්රි ෂිප්ලි පන්දු ඕවර 07ක් තුළ ලකුණු 31ට කඩුළු 05ක් ලැබුවේය.

ඩෙරිල් මිෂෙල් පන්දු ඕවර 03ක් යවා ලකුණු 12ට කඩුළු 02ක්, බ්ලයර් තික්නර් පන්දු ඕවර 3.5ක් යවා ලකුණු 20ට කඩුළු 02ක් ද ලැබුවේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ ක්‍රිකට් ගැහුවේ කජුවත්ත එක්සත් කණ්ඩායම ටොම්බෝල ගහනවා සේය.
ශ්‍රි ලංකාව ලකුණු 199කින් එක් දින තරගයක් පරාදය. දැන් නම් හොඳටෝම ඇතිය.
පරාජය පිළිගත යුතුය. පිළිගත යුත්තේ පිළිගත හැකි පරාජයකි. ගංජා ගැසූ ආකාරයට පිච් එක මැද කරන වගකීම් රහිත පිති වැනීම ක්‍රිකට් නොවන බවත් මේ ආකාරයේ බිඳ වැටීමකට ආසියානු ශූරයන් ඇද වැටෙන්නේ කුමක් නිසාදැයි විගණනයක් කර සෙවිය යුතු බවත් අපි විශ්වාස කරමු.
මේ ලිපියත් කියවන්න…