අල්ලස දූෂණය වංචාව අතර සඟවා පවත්වාගෙන යන රටේ ආර්ථිකය , විධිමත් ආර්ථිකයක් ලෙස ඉදිරියට රැගෙන නොගිය හොත් කිසිදා යලි දියුණු රටක් ලෙස හිස එසවීමට නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
මේ වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල මුල් ණය වාරිකය මත ලංකා ආර්ථිකය ඇපයට තබා සිටින රජය වෙත යොමුකොට ඇති කොන්දේසි ඉටුකිරීමට හැකි වේ යැයි සිතීමට පවා නොහැකි බව හෙතෙම පවසයි.
ලංකාවේ හැකිලෙමින් පවතින ආර්ථික රටාව තුළ IMF ණය කොන්දේසි යථාර්ථයක් නොවන බව ද හෙතෙම පවසයි.
පවතින ආර්ථික දේශපාලන පසුබිම තුළ රටේ අල්ලස හා දූෂණය වංචාව අවම කිරීමට හෝ නැති කිරීමට ද ආයතන තුළ කාර්යක්ෂමතාවය දියුණු කිරීමටද ආයතන තුළ ඵලදායිතාවය වැඩි කිරීමට ද සැලසුම් සකස් කරන බවක් පෙනෙන්නට නැතැයි ද හෙතෙම පැවසීය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන අන්දමට රටේ දළ ණය ගෙවීම් කඩිනමින් අඩුකර ගන්නා ලෙසත් ධ්‍යම බැංකුව තුළ සංචිත වැඩිකර ගන්නා ලෙසත් ප්‍රකාශ කිරීම පරස්පර තාවයක් ඇති කොන්දේසි බව ද හෙතෙම පෙන්වා දෙයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය වාරිකය ලබා ගනිමින් ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩ දමා ගැනීමට සිහින බලන බලධාරීන් ඔවුන්ගේ කොන්දේසි පිළිබඳව දැඩි අවධානය යොමු කොට රටේ අනාගතය රැක ගැනීමට අවධානය යොමු කළ යුතු යැයි ද මහාචාර්යවරයා ප්‍රකාශ කරයි