ශ්‍රියානි විජේසිංහ –
මහරගම අපේක්ෂා රෝහල වෙත පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ඖෂධ නිසිලෙස ගබඩා නොකිරීම හේතුවෙන් ඖෂධ විශාල වශයෙන් විනාශ වීමේ අවදානමක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට පරිත්‍යාගශීලීන් විශාල වශයෙන් ඖෂධ පරිත්‍යාග කරන නමුත් ඒවා අවශ්‍ය උෂ්ණත්වයන් යටතේ ගබඩා කිරීමක් සිදු නොවන බවත් ඖෂධ එක්රැස්කිරීමේ සහ කළමනාකරණ ඒකකය වායු සමීකරණය කරවත් නොමැති බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.
ඖෂධවේදියෙකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු යටතේ මෙම ඒකකය පාලනය වන අතර දිනකට පරිත්‍යාගයන් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබුණද මෙම ඒකකයට ආරක්ෂිත දොරටුවක් හෝ නොමැති වීමෙන් නැවතත් ඖෂධ අස්ථානගත විය හැති බවද ඔහු පෙන්වා දුන්නේය.
පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධවල බරපතල හිගයක් පවතින අවස්ථාවකදී පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ඖෂධවලට දැඩි ආරක්ෂාවක් යෙදිය යූතු වුවද රෝහල් පරිපාලනය ඒ ගැනි කිසිදු තැකීමක් නොකරන බව සඳහන්වේ.