ජපාන සංචාරක කාන්තාවකට ලිංගික අතවර කළ බවට සැක කෙරෙන සංචාරක මඟ පෙන්වන්නෙකු අනුරාධපුර සංචාරක පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක කාන්තාවගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. තමන් අනුරාධපුර පූජා නගරයට ගිය අවස්ථාවේදී හිස සම්බාහනක කරන මුවාවෙන් ලැම ප්‍රදේශය අතගාන්නට උත්සාහ කරමින් මෙම පුද්ගලයා තමන්ව ලිංගික අතවයට ලක් කළ බව ඇය පවසා තිබිණි.
සැකකරු ඉදිරි කටයුතු සඳහා අනුරාධපුර පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.