හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 329යි ග්‍රෑම් 245ක් පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ ඉදි කර ඇති අධිපීඩන දහන උදුනේ දමා අද (18) විනාශ කිරීමට නියමිතව තිබේ.
2020 අප්‍රේල් 10 දා පකිස්තානුවන් 7 දෙනකු සමඟ නාවික හමුදාව විසින් මෙරට මුහුදු තීරයේදී අත් අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධව නඩුවේ තීන්දුව 2023 වසරේ ජූනි 26 දා ප්‍රකාශ කරනු ලැබූ ලැබුවේය. එහිදී විත්තිකාර පකිස්තානුවන් 7 දෙනා වෙත සිර දඬුවම් නියම කරමින් රටින් පිටුවහල් කර තිබිණි.
ලැක්ටොස්වත්ත ඉඩම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් ඇතුළු පිරිස පුහුණු කඳවුරක් වශයෙන් යොදා ගත් භූමියකි. එය රජයට පවරාගැනීමෙන් අනතුරුව එහි කොටසක් විශේෂ කාර්ය බලකායට පවරා එම කොටසේ මෙම අධිපීඩන උඳුන ස්ථාපිත කර තිබිණි.
එම අධිපීඩන උඳුනේ මත්ද්‍රව්‍ය දහනය කර විනාශ කරනු ලබන පළමු අවස්ථාව මෙයය. මීට පෙර අවස්ථා කීපයක දී මත්ද්‍රව්‍ය තොග විනාශ කරනු ලැබුවේ පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ උඳුන් තුළය.
මත්ද්‍රව්‍ය තොගය විනාශ කෙරෙන අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහභාගි වනු ඇත.







