ගාල්ලේ පැවති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකුත් ලකුණු 10කින් ජයග්‍රහණය කිරීමට මීට ස්වල්ප වෙලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. ඒ ලකුණු 212ක ඉනිමක පරාජයෙන් බේරීම සඳහා රැස් කිරීමේ අභියෝගය ගෙන පැමිණි අයර්ලන්ත කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ලකුණු 202කට දැවී යාමෙනි.
එක දිගට ඉනිමේ කඩුළු බිඳ වැටෙද්දී එක් අන්තයක් රැකගෙන ඉනිමක පරාජයෙන් කණ්ඩායම බේරාගෙන තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණය නතර කිරීමට හුදකලා නමුත් ස්ථාවර තරගයක යෙදුණ අයර්ලන්ත පිතිකරු හැරී ටෙක්ටර් ලකුණු 85කට දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වීමත් සමග අයර්ලන්තයේ සියලු බලාපොරොත්තු සුන් වී ගියේය.
ටෙක්ටර් ශ්‍රී ලංකා පන්දු යවන්නනට විශිෂ්ට ලෙස මුහුණ දෙමින් තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට වැටක් නිර්මාණය කිරීමට උත්සාහ කළේය.
ඔහු ලකුණු 85 ලබා ගන්නේ පන්දු 189ක් තුළය. හතරේ පහර 8ක් සහ හයේ පහර 03ක් ඊට ඇතුළත් විය.
පන්දු යැවීමේ දි දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග අවස්ථාව ලබා දුන්නා ඇතැයි කී රමේෂ් මෙන්ඩිස් ලකුණු 64කට කඩුළු 05ක් ලබාගෙන අයර්ලන්ත ඉනිම බිඳ හෙළුවේය.

ප්‍රභාත් ජසූරිය 88ක් තුළ කඩුළු 02ක් ලබා ගත්තේය. අසිත ප්‍රනාන්දු ලකුණු 30කට කඩුළු 03ක් බිඳ හෙළුවේය.
කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත කණ්ඩායම ගාලු තණතීරුවේ මුලින්ම පන්දුවට පහර දීම තොරා ගත්තේය. එය කදිම තේරීමක් විය. අයර්ලන්තය වෙනුවෙන් පෝල් ස්ටාලින් ලකුණු 103ක්, කර්ටිස් කැම්පර් ලකුණු 111ක්, ඇන්ඩි බැල්බ්‍රින් ලකුණු 95ක්, ලෝකන් ටකර් ලකුණු 80ක් සහිතව ලකුණු 492ක් රැස් කළහ.

ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත මුල් ඉනිම බිඳ හෙළමින් කඩුළු 05ක් දවා ගත්තේය. ඒ ලකුණු 174කට ය. අයර්ලන්ත පළමු ඉනිමේ දී අසිත ප්‍රනාන්දු කඩුළු 02ක්, රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් දවා ගත්තේය.
ඊට පිළිතුරු ලෙස මුල් ඉනිම ක්‍රීඩකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය වාර්තාවක් වූයේය. ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න 115ක් සහ නිශාන් මධුෂ්ක ලකුණු 205ක් ලැබුවේය. නිශාන් සිය මංගල ශතකය ද්විත්ව ශකතයක් කළේය. දෙවැනි කඩුල්ල ලෙස පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් ලකුණු 245කි. තුන්වන කඩුල්ලේ ක්‍රීඩා කළ ඈන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 100කි. එක දිගට ශතකය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 704කට කඩුලු 03ක් දැවී සිටියදි ඉනිම අත්හිටුවා අයර්ලන්ත කණ්ඩායමට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දුන්නේය. අයර්ලන්තයට ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 212ක් ලබා ගත යුතු විය.
අයර්ලන්ත කණ්ඩායම ලකුණු 210කට දැවී ගියේ.
තරගයේ වීරයා ප්‍රභාත් ජයසූරිය ය. ඔහු ඉනිම දෙකේදීම කඩුළු 07ක් දවාගෙන තිබිණි. තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස්ය. ඔහු තරග දෙකේ දී ක්‍රීඩා කළ ඉනිම දෙකක් තුළ ලකුණු 385ක් රැස් කර තිබිනි.