fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඇසූවන්ට කඳුළු එන කෝලිගේ අංක  18 ජර්සියේ කතාව

වසර 2ක් ago
in ක්‍රීඩා
433 5
0
විරාට් කෝලි සිය 18 ජර්සියෙන් සැරසී

විරාට් කෝලි සිය 18 ජර්සියෙන් සැරසී

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ජර්සිවල අංක සටහන් වෙන්නේ ඔවුන්ගේ කැමැත්තටයි. ලසිත් මාලිංග අංක 99 ජර්සියත්, ඇන්ජෙලෝ මැතිව්ස් අංක 69 ජර්සියත් හැඳ ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරු යුගලය වන කුමාර් සංගක්කාර අංක 11ත්, මහේල ජයවර්ධන අංක 27ත් සටහන් ජර්සි හැඳ ක්‍රීඩා කරන අයුරු අප දැක තිබෙනවා. මේ හැම අංකයක් පසුපසම කුමක් හෝ කතාවක් තිබෙන්නට හැකියි. නමුත් ඒ සියල්ලට වඩා ඉන්දීය පිලේ නායක සුපිරි පිතිකරු විරාත් කෝලිගේ අංක 18 ජර්සියේ කතාව සංවේදී හා දුක්බර එකක් වන බවට සැකයක් නෑ.

එදා මෙදා තුර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බිහිවූ මහා පුදුමාකාර දස්කම් ඇති පිතිකරුවන් අතර කෝලිට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සේන්දුවී තවම ගතවී ඇත්තේ අවුරුදු 12ක් පමණයි. එහෙත් අද වෙද්දී 32 හැවිරිදි මේ දකුණත් මුල්පෙළ පිතිකරුවා වර්තමානයේ ලෝක ක්‍රිකට් පිටියේ නොම්මර එකේ ක්‍රීඩකයෙක්.

ජාත්‍යන්තර ෆෝබස් සඟරාවට අනුව විරාත් කෝලි කියන්නේ වසර 2019 ලොව ධනවත්ම ක්‍රීඩකයන් සියදෙනා අතරට එක්වූ එකම ඉන්දීය ක්‍රීඩකයායි. ඔහු පසුගිය වසරේදී පමණක් උපයා ගත් ධනය ඉන්දීය රුපියල් කෝටි 252.72ක් බවට එරට පුවත්පත් වාර්තා කළා. ඒ අනුව විරාත් කෝලිගේ වත්කම පසුගිය මාර්තුව වනවිට ඉන්දීය රුපියල් කෝටි දහසකට ආසන්න බවත් එහි සඳහන් වෙනවා.

අසීමිත ජනප්‍රියත්වය,  කීර්තිය, අධික ධනය.. මේ සියල්ල ඔහු එක රැයකින් උපයා ගත් දේවල් නෙවෙයි. ඒවා  අත්කර ගැනීමට ඔහු සිය ක්‍රිකට් ජීවිතය පුරා කැපවීම් කන්දරාවක් කළා.

‘මගේ ජීවිතයේ මම ගොඩාක් දුක්විඳපු කෙනෙක්. තරුණ වියට පා තබද්දීම තාත්තා නැතිවුණා. පවුලේ ව්‍යාපාර බිඳ වැටුණා. අපිට කුලී ගෙවල්වල ඉන්න සිද්ධවුණා. ඒ කාලේ අපේ පවුලේ අයට ගොඩාක් දුක් කරදර තිබුණා.‘ අද විරාත් ඒ සියල්ල සිහිපත් කරන්නේ දැඩි කනගාටුවෙන්.

ඔව්…ආදරණීය පියා…ප්‍රේම් කෝලි ! විරාත්ගේ අංක 18 ජර්සියේ සැඟවුණු කතා නායකයා.

විරාත් කෝලිට තිබුණේ එකම එක අරමුණයි. කෙදිනක හෝ ජාතික කණ්ඩායමට සේන්දුවී තම ආදරණීය පියාගේ සිහිනය සැබෑ කිරීමයි.

පුංචි විරාට් සිය පියා සමග

‘තාත්තා නැතිවුණාම මගේ මුළු ජීවිතයම කඩාගෙන වැටුණා. තාත්තා තමයි මගේ මුල්ම ක්‍රිකට් ගුරුවරයා වුණේ. එයා මාව කොයිතරම් දිරිගැන්වුවාද…? මට හොඳ පුහුණුකරුවෙක් හොයාගන්න එයා කොයිතරම් මහන්සි වුණාද..?

අපරාධ සම්බන්ධ කටයුතු කරන නීතිඥවරයකු වූ ප්‍රේම් කෝලි ජීවිතයෙන් සමුගත්තේ විරාත්ගේ 18 වැනි උපන්දිනයට සති කිහිපයකට පසුවයි. හෘදයාබාධයක් නිසා මාසයක් තිස්සේ ඇඳට වැටී සිටි ප්‍රේම් 2006 දෙසැම්බරයේ 18 වැනිදා අළුයම 3.00ට අවසන් හුස්ම හෙලුවේ පුතාගේ අතේදිමයි. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පියා වෛද්‍යවරයකු වෙත රැගෙන යාමටවත් විරාත්ට ඉඩක් ලැබුණේ නෑ. ගිලන් රථයකට දුරකතන ඇමැතුමක් දුන්නත් එය පැමිණියේ පියාගේ අවසන් හුස්ම පොද වාතලයට මුසුවුණාටත් පසුවයි.

පියා මිය යද්දී විරාත් දිල්ලි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමිනුයි සිටියේ. දිල්ලි පිලත්, කර්නාටක පිලත් අතර තරගයකුත් පැවැත්වෙමිනුයි තිබුණේ. අන්තිමේදී ඔහු තරගයට ක්‍රීඩා කළේ පියාගේ දේහය නිවෙසේ තිබියදීමයි. එදා ඔහු ලකුණු අනූ ගණනක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යාමට තරම් ධෛර්යසම්පන්න වුණා. පියාගේ අවසන් කටයුතුවලට ඔහු එක්වුණේ ඉන් පසුවයි.

පියාගේ වියෝව විරාත්ගේ වැඩිමල් සොයුරු විකාස්ටත් වඩා ඔහුට තදින් දැනුණා. ඔහුගේ වැඩිමල් සොයුරිය භාවනාටත් වඩා සිතට කා වැදුණා. ඔහුගේ මව සරෝජා කියන්නේ එදායින් පසුව විරාත්ගේ ජිවිතය මුළුමනින්ම වෙනස් වූ බවයි.

වඩාත් පරිණත ආකාරයෙන් කල්පනා කරන්නත්, බරපතළ විදියට ජීවිතය ගැන සිතන්නත් ඔහු පෙළඹුණේ පියාගේ අවෑමෙන් පසුවයි. එදායින් පසුව ඔහු සිතුවේ ක්‍රිකට් ගැන පමණයි. ඔහුට අවශ්‍ය වූයේ පියාගේ සිහිනය හඹා යාමට පමණයි. ඔහුගේ දහඅට වැනි උපන්දිනයෙන් සති කිහිපයකට පසුව පියා මිය ගියේ දෙසැම්බර් 18 වැනිදායි. විරාත්ගේ ජර්සියට අංක 18 එකතු වුණේ එලෙසයි.

පියාගේ වියෝවෙන් වසරකට පසුව ජාතික කණ්ඩායමට සේන්දුවූ විරාත් මුලින්ම ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. ඔහු දැන් ලොව පුරා පන්දු යවන්නන් භීතියට පත් කරමින් වාර්තා පිට වාර්තා බිඳ දමන පිතිකරුවෙක්.

එක්දින තරග බිමේ වේගවත්ම ලකුණු 10,000ත්, වේගවත්ම ලකුණු 11,000ත් සටහන් වන්නේ ඔහුගේ නමටයි. ඔහු දිනූ සම්මාන ප්‍රමාණයේ නිමාවක් නෑ. ලොව පුරා දහස් සංඛ්‍යාත තරුණියන් වසඟ වූ මේ අපූරු තරුණයා මීට අවුරුදු දෙකකට පෙර යුග දිවියට පිවිසියේ සුරූපි බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා සමගයි. ඒ දෙදෙනා අතර වසර කිහිපයක් පැවැති පෙම් පළහිලව්වකින් පසුවයි.

බොහෝ අය විරාත් හඳුන්වන්නේ ක්‍රිකට් පිටියේ කුකුල් කේන්තිකාරයා ලෙසයි. ඇත්ත.. ක්‍රීඩා කරද්දී ඔහු තරම් අවේගශීලී හා කළහකාරී පුද්ගලයකු නැති තරම්. ක්‍රීඩා කරද්දී ඔහු ප්‍රතිවාදීන් දෙස රවා බලද්දී කවුරුත් සිතන්නේ එලෙසයි. නමුත් පිටියෙන් පිට විරාත් තරම් නිහතමානී හා මිත්‍රශීලී පුද්ගලයකු තවත් නැති තරම්.

සියළු දුක් කරදර මැද සිය ඉලක්කය කරා යාමට විරාත් කෝලි සමත්වුණා. ආපසු හැරී නොබලා ඔහු තම අරමුණ කරා ගියා. ඒත් විරාත්ගේ ගමන තවමත් නිමාවට පත්වී නෑ. අංක 18 ජර්සිය තවත් වසර ගණනාවක් ක්‍රිකට් පිටිය වර්ණවත් කරාවි.

Join @lankasara on Telegram Channel
Previous Post

අභියෝග හමුවේ නොවැටුණු  බොක්සිං රජිණ

Next Post

 T Shirts අඳින්නේ දැනගෙන ද..?

Related Posts

පරාජයන්ම අත්විඳි රටට ජයග්‍රහණයක්… ශ්‍රී ලංකා පිල බංගලියන් පරදවා තරගාවලි ජයක් වාර්තා කළ හැටි!

මැයි 27, 2022

බංගලාදේශ -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය… ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 397කට දැවී යයි… මැතිව්ස් 199 යි….

මැයි 16, 2022

ඔස්ට්‍රේලියාව කම්පා කරන අවුරුද්දේ තුන්වන ක්‍රිකට් මරණය… එකල පිටිය එකෙළි කළ ඇන්ඩෘ සයිමන්ස් දිවියෙන් සමු ගනී!

මැයි 15, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…
  • බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….
  • අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

    193 shares
    Share 77 Tweet 48

Highlights

අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!

අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Gotabaya Rajapaksa

21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…

by editor
මැයි 28, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය  සම්බන්ධව...

solar112

බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!

by editor
මැයි 28, 2022
0

කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මක් 2022...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist