සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අල්ලපු රටෙන් එන පුනර්ජන ආයෝජන

by Lanka Sara Editor
මාර්තු 21, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

අද ලෝකයේ වැඩිපුරම විදුලිය විසන්දි වන රට ශ්‍රි ලංකාව නොවේ නම් පුදුමයකි. තමන්ගේ රටේ ජනන ධාරිතාව ඉක්මවමින් පරිභෝජනය යෙදීම නිසා දිනයේ පැය කිහිපයක් විදුලිය කැපීමකට ලක් කරන  රටවල් තවත් ඇත. මේ රටවල් අතර වුවද අද ශ්‍රි ලංකාව සිටින්නේ අතිශයින්ම බරපතල මට්ටමකය.

මේ තත්ත්වයට ළඟම හේතුව ඩොලර් අර්බුදයයි. එහෙත් මේ ඩොලර් අර්බුදය බලශක්තිය පසුපස සෙවණැල්ලක් මෙන් එන්නට හේතුවන පළමු කරුණ ශ්‍රි ලංකාවේ  විදුලිය ජනන පද්ධතියෙන් සියයට 70කට වැඩි ප්‍රමාණයක් අද ඛනිජ තෙල් ඉන්ධනවලින් දුවන තාප බලාගාර සහ ගල් අඟුරු මත යැපෙන්නට සිදුවීමය. ගල් අඟුරු කෙසේ වෙතත් ඛනිජ තෙල්වලින් විදුලිය ජනනය කිරීම ලෝකය නොපිළිගන්නා මේ සාම්ප්‍රදායික කල් පිනූ ඩොලර් දී ඛනිජ තෙල් මිලදී ගන්න  රටකට කිසිසේත් නොගැලපෙන ක්‍රමයකි. කෙසේ වුවද වසරින් වසර ඉල්ලුම වැඩි වෙද්දී රටට නිසි විදුලිය ජනන සැලසුම් තිබුණද එහිදී ඒ සැලසුම් වෙනුවට ඉල්ලුම සැපිරීමේ කෙටි පහසු ක්‍රම සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස අද අපට විදුලිය දල්වන්නට පිටරටින් තෙල් නැවක් ආවත් එයට ඩොලර් සොයාගෙන ගෙවන තෙක් සිටින  තත්ත්වයටම පසු බාන්නට සිදුව තිබේ. මෙහි පවතින ලොකුම අනතුර අපට අඳුරේ සිටින්නට සිදුවීම ම නොවේ. බලශක්තිය අතින් අප සුරක්ෂිත නොවීම සහ වෙනත් රටවල් හෝ විදේශ විනිමය අත රැඳෙන්නට සිදුවීම හේතුවෙන් මේ වනවිට අපට විඳින්නට සිදුව ඇති දැවැන්තම අර්බුදයයි. එය රටක අරක්ෂාවට තර්ජනයකි. රටේ ස්ථාවරත්වයට ලොකු තර්ජනයකි. දවසේ ස්වර්ණමය හෝරා කිහිපය විදුලියෙන් තොර ව ගත් කරන්නට සිදුවීමෙන් රටේ ආර්ථිකයට සිදුවන හානිය කිසිසත් සුළු කොට තැනිය නොහැකිය. මේ තත්ත්ව පිළිබඳව සැලකීමේදී අප අද සිටින්නේ දරුණු අර්බුදයක බව තේරුම් ගත හැකිය. මේ අර්බුදය හමුවේ රටේ බලශක්ති සුරක්ෂිතාවට සඳහා ගත හැකි හොඳම පියවර පුනර්ජනනීය විදුලිය වෙත ගමන් කිරීමය.

අද ලෝකය වැඩිපුර හඹා යන්නේ පුනර්ජනනීය බලශක්තිය වෙතය.එහි පවතින ස්ථාවරත්වය පිළිබඳව ලෝකයට නව දැනුම සහ විශ්වාසයක් ඇත.  ශ්‍රි ලංකාවේ පුනර්ජනනීය විදුලිය සම්බන්ධයෙන් සැලකීමේදී අපට ස්ථාවර සම්පතක් සේ රැඳී ඇත්තේ ජල විදුලියයි. මේ වනවිට ශ්‍රි ලංකාව සිය සමස්ත විදුලි ජනන ධාරිතාව වන සියයට 44ක් පමණ  සපයා ගන්නේ ජල විදුලියෙනි. සූළං මඟින් සියයට 2 වන අතර සූර්ය ශක්තියෙන් අද ලබන සම්පූර්ණ ආවරණය ලෙස සැලකෙයි.

එයින් පැහැදිළිව පෙනෙන කරුණක් වන්නේ ශ්‍රි ලංකාව මේ වනවිට සිටිනුයේ පුනර්ජනනීය බලශක්තිය අතින් ජල විදුලිය මත පමණක් වැඩිපුර යැපෙන පසුබිමකය. ජලාශවල ජල ධාරිතාව ඉක්ම යන කල්හි මෙම විදුලි ජනනය අස්ථාවර තත්ත්වයට පත්වෙයි. මේ තත්ත්වය තුළ අද වනවිට සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් ජල විදුලිය සපුරාලන්නේ සියයට 25කට කිට්ටු ප්‍රමාණයක් වන අතර සියයට 74ක පමණ ඛනිජ තෙල් සහ ගල් අඟුරු මතින් යැපෙන්නට සිදුව ඇත. එහිදී  පෙනෙන තවත් කරුණක් වන්නේ සුළං , සූර්ය වැනි සෙසු පුනර්ජනනීය විදුලි විකල්ප මත අප යැපෙන්නේ සියයට 1ක තරම් අඩු ප්‍රතිශතයක බවය.

RelatedPosts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

එහෙත් ලෝකය  යන අත පිළිබඳව යම් හෝ අවබෝධයක් ඇතිව මේ වනවිට ශ්‍රි ලංකාව වසර 2030 වනවිට රටේ සමස්ත විදුලිය ජනන ධාරිතාවෙනේ සියයට 70ක් පුනර්ජනනීය විදුලියෙන් ලබා ගැනීම පිළිබඳව අදිටන් කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් තාක්ෂණිකමය වශයෙන් මේ වනවිටත් විවිධ මතවාද ඉදිරිපත් ව ඇතත් අපට පවතින ලොකුම බලාපොරොත්තුව වන්නේ පුනර්ජනනීය විදුලි බලශක්ති උත්පාදනයේ නව මානයන් දිනෙන් දින දියුණුවට පත්වීමය. මේ තත්ත්වය තුළ අපට එදාට වඩා හෙට සාපෙක්ෂව අඩු වියදමකින් සහ වැඩි කාර්යක්ෂමතාවකින් යුතු විදුලිය  ජනන ක්‍රමවේදයක් ලෝකයට පැමිණීමට ඉඩ ඇත. විශේෂයෙන් මේ වනවිටත් සූර්ය බලශක්තිය පෙර නොවූ විරූ පර්යේෂණ ලොව පුරා සිදුවෙයි. එයට අලුතෙන් දැනුම එකතු වෙයි. ඒ අනුව අපට මෙවැනි නව්‍ය පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද හරහා සාර්ථක බලශක්ති පිළිබඳව යම් සුරක්ෂිතතාවක් සහ ස්ථාවරත්වයක් ගැන බලාපොරොත්තු ඇතිව තිබේ.

මේ පිළිබඳව කතා බහේදී අපට රටක් ලෙස මෙම බලශක්ති ව්‍යාපෘති කරා යන්නට නම් ආයෝජන අවශ්‍ය වෙයි. මෙම ආයෝජන හුදෙක් කවරකු හෝ ගෙනා පමණින් ඊට එකඟ වීම තුළ බලශක්තියට එහා ගිය සමාජාර්ථික හෝ දේශපාලනික අර්බුදයට මුල පුරන ආකාරයේ එවා විය හැකිය. මේ නිසා මෙම බලශක්ති ආයෝජනයන්ද තෝරා ගැනිමේ යම් ක්‍රමෝපායයික බවත් තිබිය යුතුය.

මේ වනවිට මෙවැනි ක්‍රමෝපායික වශයෙන් ශ්‍රි ලංකාවට දිගු ගමනක් යා හැකි පුනර්ජනනීය බලශකක්ති ව්‍යාපෘති හවුල්කරුවකු පිළිබඳව කතා බහට ලක් වෙයි. ඒ ඉන්දියානු ආයෝජනයන්ය. මේ වනවිට නැගෙනහිර සාම්පූර් හි සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා සැලසුම් කර ඇති අතර එම ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ඉන්දීය ජාතික තාප බලාගාර සංස්ථාව (NTPC)  එක්ව ඉදි කරනු ලබන හවුල්කාර ව්‍යාපෘතියකි. මෙයට අමතරව නැගෙනහිර පළාතේද ඉන්දිය අයෝජයක් ලෙස ගෞතම් අදානිගේඅදානි සමූහ ව්‍යාපාරය ඩොලර් මිලියන 500ක ආයෝජනයක් සිදු කිරීමට අවශ්‍ය මූලික පියවර මේ වනවිට ගෙන ඇත. පසුගියදා අදානි ශ්‍රි ලංකාව ට පැමිණ ඇති අතර ඊට සම්බන්ධ මූලික කරුණු පිළිබඳව එකඟත්වයට පැමිණ  ඇති බව සඳහන් වෙයි.

කලක් ශ්‍රි ලංකාව සූදනම් වූයේ ජල විදුලිය උත්පාදනය කොට වැඩි විදුලිය දකුණු ඉන්දියාවට සම්ප්‍රෙෂණ්‍ය කිරීම පිළිබඳවය. එහෙත් මේ වනවිට ඉන්දියාව ශ්‍රි ලංකාවට පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආයෝජන ලෙස එන තත්ත්වයට පත්ව ඇත. මෙහිදී අප අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ මෑත කාලය තුළ ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ලබා ඇති දියුණුවයි.

මේ වනවිට අති විශාල රාජ්‍යයක් වන ඉන්දියාව සිය බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 40ක් පමණ සපුරා ගන්නේ පුනර්ජනනීය බලශක්තියෙනි. එය රටේ පිහිටීමට සාපෙක්ෂව ගත් කල විශාල ප්‍රතිශතයකි. ගිගාවොට්වලින් ගතහොත් එය ගිගාවොට් 157.32කි. ලෝකයේ පුනර්ජනනීය බලශක්ති හැකියාවන් සැලකීමේදී ලොව පුනර්ජනනීය බලශකති භාවිත කරන්නන් අතර විශාලත්වයෙන් සිව් වැනි තැන සිටිනුයේ ඉන්දියාවය.

රටේ බලශක්ති අවශ්‍යතාව මත මේ වනවිට ත් ආයෝජන රැසක් සිදුව ඇති අතර මෙම ක්ෂේත්‍රයේ කාර්යක්ෂම බලශක්ත උත්පාදනයක් වැඩි කිරීම සඳහා වැඩිම පර්යේෂණ ක්‍රියාකාරකම් ද ඉන්දියාව තුළ නොමඳව සිදුවෙයි. එසේම ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් මේ වනවිට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හමුවේ විසල් ආයෝජන සිදු කරමින් සිටී. මේ වනවිටත්ශ්‍රි ලංකාවේ ආයෝජන සඳහා එකඟතාව පළ කර ඇති අදානි සමාගම එයින් එකකි. අදානි සමූහය යටතේ පවතින අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක ආයෝජනයක් සිදු කොට එස්බී එනර්ජි නම් සමාගම අත්පත් කරගෙන ඇත්තේ මෙම ක්ෂේත්‍රය තුළ උපරිම කාර්යක්ෂමතාවෙන් විදුලිය සැපයීමේ අරමුණු ඉලක්ක කරගෙනය. මෙවැනි විශාල ආයෝජනයන් ඔවුන් සිදු කරනුයේ අනාගතයේදී  එම ව්‍යාපාර ක්ෂේත්‍රය දියුණු කොට ලාබ ලබා ගැනීමේ අරමුණෙනි. මෙම සමාගමට අමතරව රිලයන්ස් , ටාටා වැනි සමාගම් ද පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළට සල්ලි විසි කරමින් සිටිති.

කලාපීය දැකිය හැකි එවැනි ප්‍රවණතා ශ්‍රි ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව කෙරෙහි ක්‍රමෝපායිකව සාර්ථක ලෙස සම්බන්ධ කර ගැනීම පිළිබඳව අපේ බලශක්ති ජනන සැලසුම්කරුවන් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. එහිදී අපේ රටට මෙයින් අත්වන වාසි පිළිබඳව මැනවින් අධ්‍යයනය කොට එවැනි ආයෝජන හරහා මෙරට පුනර්ජනනීය බලශක්ති අපේක්ෂාවට ළඟා වන්නේ නම් ඉදිරියේදී ලයිට් පත්තු කරන්නට තෙල්නැවක් පැමිණ එයට ඩොලර් ගෙවන තුරු සිටින්නට සිදුවන්නේ නැත.

 

Share69Tweet43
Previous Post

සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වනවා ද?. නැද්ද?… වැට උඩ ඉන්න සජබ තීන්දුව අද!.

Next Post

ප්‍රභාකරන් හා සභාරත්නම් අමතක කර සාකච්ඡාවට ‍එන අපව විසඳුම් සොයා ජාත්‍යාන්තරයට තල්ලු කරන්න එපා!

Related Posts

homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
සමාජ

සාමයේ බලාපොරොත්තුවට බෝම්බ ගසයි… අද අලුයම ඇමරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර…

ජූනි 11, 2026
Itamar-Ben-Gvir-and-Bezalel-Smotrich
සමාජ

ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමතිට සහ මුදල් ඇමතිට අයර්ලන්තයට පැමිනීම තහනම් කරයි… අයර්ලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්…

ජූනි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.