බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

by editor
ජූනි 7, 2026
in පුවත්
Niroshan_ D
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි – 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දියානු සහ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම්වලට එරෙහි තරගාවලි සඳහා වන ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සහ සිව්දින සංචිත ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩා  කරන සංචිතයේ නායකත්වය සහන් ආරච්චිගේ වෙත හිමිව ඇත. එය පිළිගත හැකිය. එහෙත් ඇස් උඩ යන්නේ  දැනටමත් වියපත් වී  33 වැනි වියට පා තබන ස්වයං විනයකින් තොර ගර්හිත මෝඩයෙක් වූ නිරෝෂන් දික්වැල්ල  කණ්ඩායමේ උපනායකයා මෙන්ම ප්‍රධාන කඩුලු රකින්නා ලෙස නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබීමය.

. ‘A’ කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩාව යනු ඊළඟ පරම්පරාවේ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනාගෙන සූදානම් කිරීම, දේශීය ක්‍රිකට් සහ ජාත්‍යන්තර මට්ටම අතර පරතරය පියවීමය. වයස අවුරුදු 33 කට ආසන්න දික්වැල්ල අනාගතය සඳහා සූදානම් වන කණ්ඩායමක ක්‍රීඩකයෙකු නොවේ.  ඔහු ඉන්දීය ‘A’ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නම් කරන ලද ‘A’ කණ්ඩායමේ උප නායකයා ලෙස සිටී.

මෙම තේරීමත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් සහ ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අඩුම තරමින් එක් කාරණාවක් හෝ මේ තේරුම් කමිටුවට සිතන්නට තිබිණි.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරන්නේ අනාගත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නම් වයසට ගිය අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකුගේ ඇසුර අවශ්‍ය බව තේරුම් කමිටුව තීරණය කරනවා නම් දික්වැල්ල යනු හතර මායිමේ වැද්දගත නොහැකි  අවිනීත වැද්දෙකි.  ඔහුට එරෙහි මත්ද්‍රව්‍ය චෝදනා තිබිණි. එංගලන්ත සංචාරයක  දී  කුසල් මෙන්ඩිස් සහ දනුෂ්ක ගුණතිලක සමග  හරවා එවා ක්‍රිකට් තහනමකට ලක් කෙරිනි. පුනරුත්ථාපනය කිරීමට නොහැකි වූ ධනුෂ්ක ගුණතිලක අවාසනයේ දී ස්ත්‍රී දූෂණ චෝදනාවකට ද ලක් වූයේය.  ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන දන්නා උන් දන්න දේ නම්  නිරෝෂන් දික්වැල්ල ද පුනරුත්ථාපන කළ නොහැකි චරිතයක් බවය. දැන් ඌ කැඳවා ශ්‍රී ලංකා අනාගත තරුණ කණ්ඩායමේ උප නායකත්වය දී තිබේ. තේරුම් කමිටුවත් ගංජා ගහනවා දැයි හිතෙන්නේ මේ තීරණ දකින විටය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දැන් පවත්වාගෙන යන වෘත්තිකයන් පිරිසකින් අපේක්ෂා කරන්නේ  මෙවැනි ගොබ්බ හැසිරීමක් නොවේ.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මතුව ඇති තවත්  ගැටලු

මෙම සංචිත ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මතුව ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ 20 හැවිරිදි දක්ෂ තරුණ පිතිකරුවකු සහ කඩුළු රකින ක්‍රීඩකයෙක් වූ  ශරුජන් ෂම්මුගනාදන්ට කණ්ඩායමේ ඉඩක් වෙන් නොවීමයි. මෑතකදී නිමාවට පත් වූ නැෂනල් සුපර් ලීග්  (NSL) තරගාවලියේදී ඉනිම් 4කදී ඔහු  ලකුණු 226ක් රැස් කිරීමට සමත් විය.  ශරුජන්ගේ ඒ ලකුනු 226 අතර  ලකුණු 145ක විශිෂ්ඨ ඉනිමක් ද විය.

වමත් පිතිකරුවෙක් වූ ඔහු පාසල් පිටියේ ක්‍රීඩා කරන ආකාරය මීට වසර පහකට පමණ පෙරදී දුටු ටෝනි ග්‍රේග් ඔහුව හැඳින්වූයේ “ලිට්ල් සංගා “ නමිනි. තාක්ෂණය ඔහුගේ ඇඟේම තිබිණි. වරෙක ඔහු ශ්‍රි ලංකා 19න් පහළ කණ්ඩායමේ උප නායකයා ය. පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දිදුලන දක්ෂතා ප්‍රකට කළ තරු ලකුණක්ව පාසල් අවධියේත් සිටියේය.  දික්වැල්ල වැනි එකෙක් කණ්ඩායමට ගන්නේ ශරුජන් වැනි මහා  විශාල අනාගත බලාපොරොත්තු අත් හැර දමමිනි.

තේරීමේ වගකීම කාගේද?

පසුගිය මැයි 22 වැනිදා කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් සහ අමල් සිල්වා ඇතුළු සාමාජිකයන්ගෙන් සමන්විත නව ජාතික තේරීම් කමිටුවක් පත් කෙරුණි. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් පැරණි කමිටුව සහ නව කමිටුව අතර මීට පෙර සංචිත තේරීම් සම්බන්ධයෙන් විවිධ මතගැටුම් පැවතිණි.

තේරීම් නිලධාරීන් මාරු වීමට පෙර නව සුදු-පන්දු නායකයා ඇතුළු සංචිත තෝරා ගත් බව වික්‍රමසිංහ පිළිගත්තේය. කෙසේ වෙතත්, ඔහුගේ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද මුල් සංචිතය වෙනස් කර තිබුණු බව ද ඔහු කීවේය.

මෙතෙක් මෙම තේරීම් පිළිබඳ වගකීම ගෙන කිසිවෙක් ප්‍රකාශයක් සිදුකර නැත.  කෙසේ වෙතත්, ජූනි 3 වැනිදා නිල වශයෙන් නිකුත් කෙරුණු මෙම ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය නව සභාපති කපිල විජේගුණවර්ධන ඇතුළු නව තේරීම් කමිටුවේ තීරණයක්  වීමට ඉඩ ඇති බව පෙනේ.

එසේ නම් මේ මහත්තුරු  අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණාවක් තිබේ. ක්‍රිකට් සෙල්ලමක් නොවේ. මේ රටේ පොදු සාක්ෂරතාවයටත් වඩා වැඩි සාක්ෂර තාවයක් අපේ රටේ අති බහුතරයකට ක්‍රිකට් පිළිබඳව තිබේ.  තේරීම් කමිටුවක තේරීම් සම්බන්ධව සාධාරණ තර්ක අපේ ගමේ පොල් කඩන ජෙමාටත් ඇත.  ඒ නිසා ඇත්තම කතාව නම් ක්‍රිකට් දේශපාලනයට වඩා අමාරුය.

තේරීම් යනු  ක්‍රීඩාවේ වඩාත්ම සංවේදී අංගයකි. එය පද්ධතියේ සෑම ක්‍රීඩකයෙකුම හොඳින් නිරීක්ෂණය කරයි. සෑම අතපසුවීමක්ම කලකිරීමට හේතු වේ. සෑම ඇතුළත් කිරීමක්ම පරීක්ෂාවට ලක් කිරීමට හේතු වේ. කණ්ඩායම් තෝරා ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවයක් තිබේ නම්, සමස්ත ක්‍රියාවලියම විශ්වසනීයත්වය නැති කරයි.

කෙසේ වෙතත්, ජූනි 3 වැනිදා නිල වශයෙන් නිකුත් කෙරුණු මෙම ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය නව සභාපති කපිල විජේගුණවර්ධන ඇතුළු නව තේරීම් කමිටුවේ තීරණයක් බව  කල්පනා කිරීමට ඇති ඉඩ කඩ වැඩිය. එමෙන්ම ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පිළිබඳ ප්‍රමුඛත්වය ලබා දෙමින් සිදුකළ ඇතැම් සාධනීය පරිවර්තනයන් ද නව තේරුම් කමිටුවෙන්  කණපිට ගැසී ඇති අයුරු සන්නිවේදනය වෙමින් ඇත.  ඉලක්ක වූ ගෝල කණු තමන්ට රිසිසේ ගලවා දමමින් තමන්ට රිසි තැන්වල සිටුවමින් සිදුකරන සූදුවක් ජාතික ක්‍රීඩාවක  තේරීම් සඳහා ගැලපෙන්නේ නැති බව ක්‍රීඩා ලෝලීන් ලෙස අපට වැටහෙන්නේය.

මේ තේරුම් කමිටුව  ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ  (Sri Lanka Cricket Transformation Committee) තේරීමය.  ඔවුන්ගේ  තේරීම් ප්‍රකාශයට පත් කරන්නේ අලුත් ක්‍රිකට් පරිපාලනයේ අභිලාෂයන්ය.  කරන දෙයක තර්කයක් තිබිය යුතුය. රට අපේක්ෂා කරන්නේ ඒ සාධනීය තාර්කික භාවය මිස මළ ගෙදරක බූරු කෙළියක් නොවේ.   අප තුළ ක්‍රිකට් සම්බන්ධව තිබූ මහා බලාපොරොත්තුව නැවතත් තලා චප්ප කර නොදමන ලෙස  නව ක්‍රිකට් පරිවර්තන කමිටුවෙන්  පුරවැසියන් ලෙස ඉල්ලා සිටිය   යුතුව ඇත්තේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගල් අඟුරු මිලදී ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසමෙන් ටිල්වින් සිල්වා සමාව ගනී!

Next Post

ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක්  ඝාතනය කර මිලියන ගණනක රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.