අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

by editor
ජූලි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

හෝමාගම කටුවාන කාර්මික පුරයේ පිහිටි හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද (21) පෙරවරුවේ හටගත් මහා ගින්නකින් පුද්ගලයන් පස් දෙනෙකු සිරුරුවලට බරපතළ හානි සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. කර්මාන්ත ශාලාවේ තිබූ විදුලි පංකාවක ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

අද පෙරවරු 9.00 ට පමණ මෙම කර්මාන්ත ශාලාවේ තෙවැනි මහලේ ගින්න හටගෙන ඇති අතර, එය ඉතා වේගයෙන් හෙල්මට් නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ ප්‍රදේශය වෙත පැතිර ගොස් ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී ආයතනයේ සේවකයන් 80කට අධික පිරිසක් සේවය කරමින් සිට තිබේ.

කෙසේ වෙතත්, ගින්න හටගත් අවස්ථාවේදී සේවකයන් බහුතරයක් උදෑසන ආහාරය ලබා ගැනීම සඳහා මාර්ගයෙන් ඉදිරිපස පිහිටි අනෙක් ගොඩනැගිල්ල වෙත ගොස් සිටීම නිසා සිදු වීමට ගිය විශාල ජීවිත හානියක් වැළකී ගොස් ඇත. එහෙත් ගින්න හටගත් ගොඩනැගිල්ලේ පිහිටි ආපනශාලාවේ සහ රසායනික ද්‍රව්‍ය තිබූ කොටසේ රැඳී සිටි පස් දෙනෙකු මෙලෙස අනතුරට මුහුණ දී තිබේ. ඉන් තිදෙනෙකුගේ සිරුරු සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති අතර අනෙක් සිරුරු දෙකට ද බරපතළ හානි සිදුව ඇත.

ගින්නෙන් මියගොස් ඇත්තේ දෙණියාය කොලවෙන්ගම පදිංචි 19 හැවිරිදි සහන් උදාර, අටකලම්පන්න කවුඩාවව පදිංචි 24 හැවිරිදි සචින් දිල්ශාන්, මස්කෙලිය පදිංචි 26 හැවිරිදි වර්ධරාජ් දමයන්ති, පන්නිපිටිය හොරහේන පාර සිරිමල්වත්ත පදිංචි 52 හැවිරිදි මාරියෝ එඩ්වඩ් සහ දෙණියාය කොලවෙන්ගම පදිංචි දිලිත් මධුශංක යන අයයි.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, කොළඹ, දෙහිවල, හොරණ සහ කෝට්ටේ යන බලප්‍රදේශවලින් ගිනි නිවීම් රථ 10කට අධික සංඛ්‍යාවක් වහාම එම ස්ථානයට කැඳවීමට පියවර ගත්තේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිසිය එක්ව පැය දෙකකට අධික කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කළේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් රොෂාන් කුරුප්පුආරච්චි පස්වරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය පැවැත්වූ අතර, අනතුරුව මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම මූලික රෝහල වෙත රැගෙන යාමට පියවර ගැනුණි. හෝමාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Next Post

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.