අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

by editor
ජූලි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ   

මුඛ පිළිකා වැළඳී  දෛනිකව තිදෙනෙකු පමණ මරණයට පත්වන  බවත් පුවක් හා දුම්කොළ භාවිතය  මුඛ  පිළිකා වැළඳීමට ප්‍රධාන ලෙස බලපාන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බවත්   නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

බුලත් විට සමඟ  දුම්කොළ හා පුවක් භාවිතය නැති කිරීමෙන් මෙම ජීවිත සියල්ල ආරක්ෂා කර ගැනීමට හැකි බවත් මේ සඳහා මහානනාක ස්වාමින්ද්‍රයන් වහවන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහයෝගය අවශ්‍යය බවත් ඒ් මහතා කීය.

නියෝජ්‍ය අධක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද  (21) මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආන්නද නාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය.

මෙම මස 27 දිනට යෙදෙන ලෝක හිස හා ගෙළ ආශ්‍රිත පිළිකා දිනය නිමිතෙන් කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් ‌ඓතිහාසික රිදී විහාරයද කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත දැනුවත් කිරීමේ වැඩසටහන සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා මෙසේද පැවසුවේය.

“ලංකාවේ පිළිකා රෝගයට ගොදුරුවන පුරුෂ පක්ෂය හා සම්බන්ධ දත්ත සැලකීමේදී වැඩිම පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ මුඛ පිළිකා වැළඳීමෙන්. කාන්තාවන් අතර මුඛ පිළිකා සුබලව දක්නට නොලැබෙන අතර කාන්තා පිළිකා රෝගීන් අතර මුඛ පිළිකාව තිබෙන්නේ 08 වැනි ස්ථානයේයි. “

RelatedPosts

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

“පුවක් හා දුම්කොළ භාවිතය තමයි පුරුෂ පක්ෂය අතර මුඛ පිළිකාව බහුලව දක්නට ලැබීමට ප්‍රධානතම හේතුව. නාගරීකරණයත් සමඟ බුලත්විට කෑම යම් ප්‍රමාණයකට අඩුවන තත්ත්වයක් දක්නට ලැබුණත් දුම්කොළ, පුවක්  හා සීනි අන්තර්ගත කර සකස් කළ බාබුල් වැනි කුඩා ප්‍රමාණයේ පැකට් හඳුන්වාදීමත් සමඟ යළිත් මේවා භාවිතය ඉහළ යන ස්වභාවක් සමාජයේ දක්නට ලැබෙනවා.පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොව පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාද මේවා භාවිතයට හුරුවී තිබෙනවා. බස් රථ රියදුරන් අතරද මේවා ප්‍රචලිතයි. මේ සියලු දෙනා මේ පුවක් හා දුම්කොළ අඩංගු කුඩා පැකට් කෑමට පුරුදු වී සිටින්නේ රාත්‍රි කාලයේ නිදිවරා සිටීමට හැකි බවට ඇති මිත්‍යා මතය නිසයි. මේවාහි ඇම්බැහිකාරක තිබෙන නිසා කිහිපවරක් කෑ අයෙකු එය  දිගටම කෑමට පෙළඹෙනවා. “

“දැහැත් වට්ටියට බුලත් සමඟ පුවක් හා දුම්කොළ යොදා ගන්න තත්ත්වයක් අපි දකිනවා. දැහැත් වට්ටියෙන් මේ සෞඛ්‍යයට අහිතකර දේවල් ඉවත් කරන්න මෙයට වසර ගණනාවකට පෙර වැඩපිළිවෙළක් හඳුන්වා දුන්නා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. දුම්කොළ හා පුවක් වෙනුවට සාදික්කා, කරඳමුංගු, කරාබු නැටි වගේ දේවල් යොදා ගන්න පුළුවන්. “

“මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයෙන් අපි ඉල්ලා සිටින්නේ දැහැත් වටිටියෙන් මේ සෞඛ්‍යයට අහිතකර දේවල් ඉවත් කිරීම සඳහ වන වැඩපිළිවෙළ සමාජගත කිරීමේ වැඩපිළිවෙළට විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් සහය ලබාදෙන ලෙසයි. මේ නිමිත්තෙන් අපි පුදන්නට මිස හපන්නට නොව කියා තේමා පාඨයක්ද හඳුන්වා දී තිබෙනවා. “

මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ මෙසේ පැවසූහ.

“මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා වත්මන් රජය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පවත්වන මාසික රැස්වීම් වලට මමත් සහභාගි වෙනවා. තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය වලට යොමුවීමේ මූලික අවස්ථාව ලෙස මේ දුම්කොළ හා පුවක් කෑම බව මේ සාකච්ඡා වලදී අනාවරණය වෙනවා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පවා මේවා කෑමට පුරුදුවී සිටින බව සත්‍යයක්. සෞඛ්‍යට අහිතකර පුවක් හා දුම්කොළ නිෂ්පාදන විදේශ රටවලින් ගෙන ඒ්ම තහනම් කිරීම කෙරෙහි අවධානය යොමුවිය යුතුයි. “

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉනෝකා වීරසිංහ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ සේනක තලගල, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත චෛද්‍ය පීඨයේ මහාචාර්ය රුවන් ජයසිංහ, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර, ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය අමා නානායක්කාර, ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය අරුණි සෙනෙවිරත්න, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් දන්ත වෛද්‍ය විශේෂඥ අරුණ අබේවර්ධන, දන්ත ශල්‍ය වෛද්‍ය, කුරුණෑගල රිදී විහාරයේ බස්නායක නිලමේ චූලා බණ්ඩාර, දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රියන්ත විජේසූරිය යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

Related Posts

පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.