සෙනසුරාදා, ජූලි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

by editor
ජූනි 13, 2026
in සමාජ
homuz
Share on FacebookShare on Twitter
  • ඇමෙරිකා – ඉරාන යුද්ධය නිමා කිරීමේ මූලික ගිවිසුමකට දෙපාර්ශවයේම එකඟතාවය: හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට සහ සම්බාධක ඉවත් කිරීමට කෙටුම්පත සූදානම්!

තමන් අතර පවතින යුද්ධය අවසන් කිරීම සඳහාවන එකඟතාවයකට එළඹීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය ඊයේ  (12)  දිනයේදී සංඥා කර තිබේ.

සත්‍යාපිත මූලාශ්‍ර උපුටා දක්වමින්  බටහිර ප්‍රධාන පුවත් ඒජන්සි ඊයේ (12) වාර්තා කර තිබුනේ  දෙපාර්ශවයම මේ වන විට පොදු ලේඛනයක් (පෙළක්) සඳහා එකඟ වී ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ වොෂින්ටනය විසින් මූලික ගිවිසුමකට අත්සන් තැබීමට අපේක්ෂා කරන බවත්ය. මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කර ඇති  ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චිට (Abbas Araqchi) අනුව තවමත් මෙහි යම් යම් වෙනස්කම් සිදු කිරීමට ඉඩකඩ පවතී.

සාකච්ඡාවලට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගෙන් ලැබෙන තොරතුරුවලට අනුව, යෝජිත අවබෝධතා සංදේශය මඟින් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීමට සහ ඉරාන වරායන් වෙත පනවා ඇති ඇමෙරිකානු නාවික අවහිරතාවය ඉවත් කිරීමට ඉල්ලා ඇති බව රොයිටර් වාර්තා කර ඇත. එම වාර්තාව අනුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම යුද්ධය ආරම්භ කිරීම සඳහා ප්‍රකාශිත මූලික හේතුව වූ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා ඉන් අනතුරුව සිදුවීමට නියමිතව තිබේ.

trump-khameni

යෝජිත ගිවිසුමේ වාසිය කාට ද?

රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චිට (Abbas Araqchi)  කියා සිටියේ, “ඇමෙරිකාව සමඟ පැවති යුද්ධයේ ජයග්‍රාහකයා ඉරානයයි” යනුවෙනි.

RelatedPosts

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානම: නීතිඥ සංගමයෙන් හදිසි මහජන සංවාදයක්!

රඛිත පුතා හරක් කටාගෙන් අල්ලස් ගත් දින වකවානුවල  විජේදාස තාත්තා ගේ  ඩුබායි සංචාරය  ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත මාධ්‍යවේදීන් ඇමතූ ඇමරිකානු නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර් වාර්තා කරන්නේ   මෙම ගිවිසුම මඟින් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධාන අරමුණු ඉටු කර ඇති බවත්, එමඟින් සාකච්ඡා “ඉතාමත් සාර්ථක මට්ටමකට” රැගෙනවිත් ඇති බවත්ය.

බටහිර, පකිස්ථාන සහ ඉරාන මූලාශ්‍රවලින් ලැබෙන මෙම කෙටුම්පත් යෝජනාවේ විස්තරවලින් පෙනී යන්නේ මෙහි කොන්දේසි ඉරානයට වාසිදායක විය හැකි බවය. මේ හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප් වෙත දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, ඔහු එම වාර්තා සාවද්‍ය බව පවසමින් ප්‍රතික්ෂේප කර තිබේ.

විස්තරවල සුළු සුළු වෙනස්කම් පැවතියද, මෙම යෝජනා මඟින් ටෙහෙරානය අපේක්ෂා කළ බොහෝ දේ පුළුල් ලෙස පිරිනමා ඇති බව පෙනේ. පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පසුව ඉරානය විසින් වසා දමන ලද හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරවා ගැනීමට වඩා වැඩි යමක් ලබා ගැනීමට ට්‍රම්ප් සමත්ව නොමැති බව එම වාර්තා පෙන්වා දෙයි.

අමාත්‍ය අරක්චි සඳහන් කළේ යුද්ධයට පෙර ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් හසුරුවන ලද මෙම සමුද්‍ර සන්ධියේ ගමනාගමන පාලනය ඕමානය සමඟ එක්ව තවදුරටත් ඉරානය සතු කර ගන්නා බවය. “අපගේ කඩුව සැමවිටම හෝමුස් සමුද්‍ර සන්ධිය මත රැඳී පවතිනු ඇත,” ඔහු පැවසීය.

මේ අතර, සෙනසුරාදා දිනයේදී ඉරානයේ සිරිකි වරාය සහ කේෂ්ම් (Qeshm) දූපත ආශ්‍රිතව හෝමුස් සමුද්‍ර සන්ධිය දිගේ පිපිරීම් හඬවල් ඇසුණු බව ඉරාන පුවත් ඒජන්සි වාර්තා කළේය. ප්‍රදේශවාසීන් සහ දේශීය නිලධාරීන් ප්‍රකාශ කළේ විප්ලවීය ආරක්ෂක බළකායේ නාවික හමුදාවේ අවසරයකින් තොරව මුහුදු මාර්ගය තරණය කිරීමට උත්සාහ කළ නෞකාවලට අනතුරු ඇඟවීමක් ලෙස ඉරාන ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද වෙඩි තැබීම් මීට හේතුව වූ බවයි.

මෙම ගිවිසුමේ අඩංගු වන්නේ කුමක්ද?

රොයිටර් පුවත් සේවය වෙත විවිධ මූලාශ්‍ර කිහිපයක් විසින් විස්තර කරන ලද ගිවිසුමේ කෙටුම්පත් කොන්දේසිවලට අනුව, ඉරානය විසින් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකාව විසින් මුද්‍රා තබා ඇති ඉරාන වත්කම්වලින් ඩොලර් බිලියන ගණනක් මුදා හැරීම සහ එහි තෙල් අපනයන මත පනවා ඇති සම්බාධක ඉවත් කිරීම ආරම්භ කරනු ඇත.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව දින 60 ක සාකච්ඡා කාල සීමාවක් තුළ අවධානය යොමු කෙරේ. ඇමෙරිකානු නිලධාරියා පැවසුවේ මෙම ගිවිසුම අවසානයේදී ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ විසුරුවා හැරීමට හේතු වනු ඇති බවත්, එහි ඇති ඉහළ මට්ටමකින් බල ගන්වන ලද විකිරණශීලී   යුරේනියම් තොග විනාශ කර ඉවත් කිරීමට නියමිත බවත්ය. මෙම කොන්දේසිවලට දිගුකාලීනව අනුකූල වීම සහතික කිරීම සඳහා පරීක්ෂණ ක්‍රමවේදයක් ද ඇතුළත් වේ.

කෙසේ වෙතත්, අමාත්‍ය අරක්චි රාජ්‍ය රූපවාහිනියට පැවසුවේ, තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ  විසුරුවා හැරීම පිළිගෙන නොමැති ඉරානයට, යුරේනියම් තොග දියර කරන ලද (diluted) ආකාරයෙන් රඳවා ගැනීමට අවශ්‍ය බවයි. “ටෙහෙරානය සඳහා, එහි ඉහළ මට්ටමකින් විකිරණශීලී කරන ලද යුරේනියම් තොගය වෙනුවෙන් ඇති එකම සහ වඩාත්ම කැමති විසඳුම වන්නේ ද්‍රව්‍යය පහළ මට්ටමකට මිශ්‍ර කිරීම (down-blending) පමණයි,” ඔහු පැවසීය.

මූලාශ්‍ර සඳහන් කරන ආකාරයට, මෙම යෝජනාවලට ටෙහෙරානය සඳහා සිදුවිය හැකි යුද වන්දි පිළිබඳ සාකච්ඡා සහ ඉරානයේ මිසයිල වැඩපිළිවෙල සීමා කිරීම සඳහා ඇමෙරිකාව දිගු කලක් තිස්සේ ඉදිරිපත් කළ ඉල්ලීම් අත්හැර දැමීම ද ඇතුළත් වේ. එහෙත් ඇමෙරිකානු නිලධාරියා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.

“ඔවුන් පොරොන්දු ඉටු කරන තෙක් ඔවුන්ගේ කිසිදු මුදලක් නිදහස් කරන්නේ නැහැ. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වනු ඇත. ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඉරානයෙන් කිසිදු අරමුදල් සැපයීමක් සිදු නොවේ,” නම හෙළි නොකළ නිලධාරියා පැවසීය. “ඔවුන් එකඟ වී ඇත්තේ මීටයි. මෙය කාර්යසාධනය මත පදනම් වූ (performance-based) ගිවිසුමකි.”

බටහිර මූලාශ්‍රයකට අනුව, මෙම ගිවිසුමට ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සහ ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බකර් කලිබාෆ් (Mohammad Baqer Qalibaf) විසින් එළඹෙන ඉරිදා තරම් ඉක්මනින් අත්සන් තැබිය හැකි අතර, ඒ සඳහා වඩාත්ම ඉඩකඩ ඇති ස්ථානය ලෙස ජිනීවා නුවර සැලකේ.

අමාත්‍ය අරක්චි පැවසුවේ මෙම ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමට පෙර එය දුරස්ථ ක්‍රමවේදයක් ඔස්සේ (remotely) අත්සන් කරනු ඇති බවය. ඇමෙරිකානු පරිපාලන නිලධාරියා පැවසුවේ අත්සන් තැබීමේ ස්ථානයක් ලෙස යුරෝපය පිළිබඳව සාකච්ඡා වී ඇති නමුත් මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවය.

ඊශ්‍රායලය මෙම අවබෝධතා සංදේශයේ පාර්ශවකරුවෙකු නොවේ

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ එක්ව මෙම යුද්ධය ආරම්භ කළ ඊශ්‍රායලය මෙම සාකච්ඡාවල කොටස්කරුවෙකු වී නොමැත. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ තම රට මෙම ගිවිසුමේ පාර්ශවකරුවෙකු නොවන බවය.

වොෂින්ටනයට ටෙහෙරානය සමඟ ගිවිසුමකට එළඹීමට ඉඩ සැලසීම සඳහා ලෙබනනයේ මිලිටරි ක්‍රියාමාර්ග සීමා කරන ලෙස ඇමෙරිකාව කළ ඉල්ලීම් හේතුවෙන් නෙතන්යාහු මෑත සතිවලදී ට්‍රම්ප් සමඟ මතභේද ඇති කරගෙන තිබුණි.

අමාත්‍ය අරක්චි කියා සිටියේ මෙම ගිවිසුම මඟින් ලෙබනනයේ යුද්ධය අවසන් වනු ඇති අතර, එමඟින් අත්පත් කරගත් ප්‍රදේශවලින් ඊශ්‍රායලය පසුබැසීමක් අදහස් වන බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ තම රට පසුබසින්නේ නැති බවය. ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරියෙකු ප්‍රකාශ කළේ තම පාලනය යටතේ පවතින ප්‍රදේශවල තර්ජනවලට එරෙහිව ක්‍රියා කිරීමට ඊශ්‍රායලය සතු නිදහස තවදුරටත් රැක ගැනීමට අපේක්ෂා කරන බවය.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත වැටෙයි

මෙම ගිවිසුම කරා ළඟාවීමේ ප්‍රගතිය වාර්තා වන්නේ ගල්ෆ් කලාපයේ සතුරුකම් දැඩි ලෙස උත්සන්න වූ සතියක් අවසාන දිනවලදීය. ඊට ඊශ්‍රායල – ඉරාන අන්‍යෝන්‍ය ප්‍රහාර සහ ඉරාන ඉලක්ක වෙත ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාර මෙන්ම ඇමෙරිකානු කඳවුරුවලට එල්ල වූ ප්‍රතිප්‍රහාර ද ඇතුළත් විය.

මෙම සාමකාමී පුවතත් සමඟ ගෝලීය කොටස් වෙළෙඳපොළ ඉහළ ගිය අතර බොරතෙල් මිල පහත වැටුණි. බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල 3% කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇති අතර එය මාස දෙකකට ආසන්න කාලයක් තුළ වාර්තා වූ අවම අගයය.

ඉන්ධන මිල ඉහළ යාම සහ ට්‍රම්ප්ගේ ජනප්‍රියතා අනුමත කිරීම් පහත වැටීම මධ්‍යයේ, මෙම ගැටුම ධවල මන්දිරයට දේශපාලන හිසරදයක් වී තිබුණි.

සමහර රිපබ්ලිකන් පාර්ශවයන් කනස්සල්ලට පත්ව සිටින්නේ මෙම යුද්ධයේ පවතින අප්‍රසාදය හේතුවෙන් එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන මධ්‍යවාර මැතිවරණයේදී කොංග්‍රස් මණ්ඩලයේ පාලනය ඔවුන්ට අහිමි විය හැකි බවටය. එහෙත් ට්‍රම්ප්ගේ සමහර රිපබ්ලිකන් පාර්ශවකරුවන්ට ඉරානයට වඩාත් වාසිදායක ලෙස සැලකෙන මෙවැනි ගිවිසුමක් අනුමත කිරීම දුෂ්කර වනු ඇත.

තමන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සාමකාමී එකක් බව ඉරානය සැමවිටම ප්‍රකාශ කර ඇති අතර, එවකට ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ පරිපාලනය යටතේ 2015 දී ඇති කරගත් ගිවිසුමක් යටතේ සම්බාධක ඉවත් කිරීමට හිලව් වශයෙන් ඒ සඳහා දැඩි සීමාවන් පැනවීමට ඉරානය එකඟ වී තිබුණි.

ට්‍රම්ප් විසින් 2018 වසරේ ඔහුගේ පළමු ධූර කාලය තුළදී එම ගිවිසුම අත්හැර දැමූ අතර, ඉරානය ඊට ප්‍රතිචාර දැක්වූයේ යුරේනියම් පිරිපහදු කිරීම වේගවත් කරමිනි. ඒ අනුව බෝම්බයක් සෑදීමට අවශ්‍ය පිරිසිදු භාවයට ඉතා ආසන්න මට්ටමක පවතින යුරේනියම් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400 කට වඩා (රාත්තල් 900 කට ආසන්න ප්‍රමාණයක්) නිෂ්පාදනය කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් මේ වනවිට ලෝකය ඉදිරියේ ඇති යථාර්ථය නම් ඇමරිකාවට නැටූ නැටුමකුත් නැතිව බෙරේ පලුවකුත් අහිමි වී ඇති බවය. ලෝකයේ පාලනය සඳහා ඉහළින්ම සිටින බලවේගවලටත්  බලය සහ උද්දච්ඡ වියරුව මත හැම අවස්ථාවකම සිය ස්ථාවරය පවත්වා ගත නොහැකි බවත් බලයට අභියෝග කළ හැකි ස්ථාවර පෞරුෂයන් අභියස ලෝක බල තුළනය පවා වෙනස්වන බවත් මේ සිදුවිම් පෙළ අපට සිහි කර තිබේ.

Share69Tweet43
Previous Post

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

Next Post

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

Related Posts

සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026
සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානම: නීතිඥ සංගමයෙන් හදිසි මහජන සංවාදයක්!

ජූලි 4, 2026

රඛිත පුතා හරක් කටාගෙන් අල්ලස් ගත් දින වකවානුවල  විජේදාස තාත්තා ගේ  ඩුබායි සංචාරය  ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!

ජූලි 3, 2026
Wasantha-Karannagoda

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

    172 shares
    Share 69 Tweet 43
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානම: නීතිඥ සංගමයෙන් හදිසි මහජන සංවාදයක්!
  • රඛිත පුතා හරක් කටාගෙන් අල්ලස් ගත් දින වකවානුවල  විජේදාස තාත්තා ගේ  ඩුබායි සංචාරය  ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!
  • අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.