බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්රබල පාතාල රැඳවියන් සමග සම්බන්ධතා පවත්වන බන්ධනාගාර නිලධාරීන් 15 දෙනකු මේ වනවිට හඳුනා ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිරිසට බන්ධනාගාරයේ දීර්ඝ කාලයක් සේවය කරන ජේලර්වරුන් හා බන්ධනාගාර නියාමකවරුන් ඇතුළත් වන අතර ඔවුන් සම්බන්ධයෙන් දෙපාර්තමේනතු මට්ටමින් විශේෂ විමර්ශණයක් මේ වනවිට ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි පවසයි.
බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති බිහිසුණු අපරාධකරුවන් 30කට ආසන්න පිරිස සමග සබඳතා පවත්වමින් ඔවුන් සමග තොරතුරු බෙදා ගැනීම සම්බන්ධව මෙමෙ නිලධාරීහු හෙළි දරවු වී සිටිති.
බූස්සේ රඳවා සිටින විශේෂ අපරාධකරුවන් බාහිර සමාජය හා සම්බන්ධීකරණය කිරීම හා පාතාල කටයුතු යාවත්කාලීන කිරීමට උදව් කිරීම මේ නිලධාරීන් විසින් කර ඇතැයි ද වාර්තා වේ.
මේ පිරිස සමබන්ධව විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.