මිනී මැරුමක් යැයි සැක කෙරෙන ශ්‍රී ලාංකිකයකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සීෂෙල්ස් පොලිසිය පවසයි.
සීෂෙල්ස්හි තුන්වන ජනාකීර්ණ දූපත වූ ලා ඩිගු හි පදිංචිව සිටි හරීන්ද්‍ර පොන්වලිගේ (47) නැමැති ශ්‍රී ලාංකිකයෙකුගේ මරණය සම්බන්ධව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පසුගිය 10 දා සිය නේවාසික ස්ථානයේ දී මියගොස් සිටි මෙම පුද්ගලයාගේ මරණය සිදුවී ඇත්තේ ගෙල සිරකිරීමකින් බව සීෂෙල්ස් පොලිසිය ඊයේ (29) ප්‍රකාශ කළ අතර මිනී මැරීමක් පිබඳ සැක පහලවන්නේ යැයි පොලිසිය පවසා තිබිණි.
පසුගිය දෙසැම්බර් 10 වැනි සිකුරාදා උදේ 8.50 ට පමණ ඔහුගේ සිරුර හමුවී ඇත්තේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුගේ පෞද්ගලික නිවසක තිබීය දීය.
ඉදිකිරීම් සමාගමක් හිමි මෙම ව්‍යාපාරිකයා දින හතරක් සේවයට නොපැමිණි සිය සේවකයා සොයන්නට ගිය බවය. තමා ඔහු නවාතැන්ගෙන සිටි සිය නිවසට පැමිණි විට කිසිවෙකු නොදුටු බවත් නිදන කාමරයේ ජනේලයෙන් බැලීමේ දී සේවකයා බිම සිටිනු දැක කතා කළත් ප්‍රතිචාර නොදැක්වූ බවත් පසුව ඒ පිළිබඳව පොලිසියට දැනුම්දුන් බවත් පවසා තිබිණි. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද වනතුරු කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත. පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළේය.