ජනවාරි මස 03 දා සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයින් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි ඒ බව නිවේදනය කළේය.
පූර්ණ එන්නත්කරණයේ සාර්ථකත්වය මෙන්ම රටේ පවතින බරපතල ආර්ථික අර්බුදයට මුහුණ දීමට මෙම තීන්දුව ගෙන ඇත.