ගුරු ,විදුහල්පති උද්ඝෝෂණය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් 44 දෙනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කළ බවත් ඔවුන් කිසිවෙක් කොවිඩ් ආසාදිතයන් නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
රැක සිට අත්අඩංගුවට ගත් විරෝධතාවය දැක්වූ ගුරුවරු අතර ගුරුවරියන් 16ක් ගුරුවරුන් 22ක් සහ පිටස්තර පුද්ගලයින් 6 දෙනකු සිටියේය.
ඔවුන් සියලු දෙනාම අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.