ලලිත් චාමින්ද
ලබන වර්ෂයේ දි පළාත් සභා මැතිවරණය පැවැත්විමට හැකි බවත් වත්මන් රජය බලයට පත්විමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය වන පළාත් සභා මැතිවරණය මේ තරම් ප්රමාද වීමට හේතුවක් වූයේ පළාත් සභා මන්ත්රිවරුන්ගේ නායකයා තමන් යැයි මතයක් පැවතීම බවත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පවසයි.
බැසිල් රාජපක්ෂ ඇමතිවරයා මුදල් ඇමතිධුරයේ දිවුරුම් දිමෙන් පසු හිටපු පළාත් සභා මන්ත්රිවරුන් හා ඇමතිවරයා අතර අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී ඔහු මේ බව සඳහන් කොට ඇත.
මුදල්ඇමති ධුරයේ දිවුරුම් දි කැබිනට් මණ්ඩල රැස්විමටත් පෙර හිටපු පළාත් සභා මන්ත්රිවරු හමුවෙන්න තිරණය කළ බවද මෙහිදි ඇමතිවරයා කියා තිබේ.
මෙහිදි බැසිල් රාජපක්ෂ ඇමතිවරයා මෙසේ සඳහන් කොට ඇත.
“මම ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා අපේ පළාත් සභා මන්ත්රිවරුන්ට උදව්කරන්න කියලා. මේ අය තමයි අපේ බෆර් එක. ඊළග ඡන්දයට මුලින්ම මුහුණදෙන්නේ මේ මේ අය.“
“හිටපු පළාත්සභා මන්ත්රිවරුන්ට ආර්ථික දුෂ්කරතා අපහසුතා තියෙන බව මා දන්නවා. මුදල් පස්සේ ගිහින් මන්ත්රිධුරයේ ගෞරවය නැතිකරගන්න එපා. මා පළාත් සභා මන්ත්රිවරුන්ට උදව් කරනවා. “