වහාම ක්‍රියාත්මකවන පරිදි ෆාම් ඔයිල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබිය දී පාම් තෙල් හා ඒවායේ නිෂ්පාදන නැවතත් කාණ්ඩ දෙකක් යටතේ මෙරටට ආනයනය කිරීමට ඉඩ සලසා දෙමින් අග්‍රාමාත්‍ය මුදල් ඇමතිවරයා විසින් ආනයන අපනයන පාලන පනතට නියාමනයන් එක්කර තිබේ.
අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුව මෙම නිවේදනය කර තිබේ.
නව දැනුම් දීම අනුව පාම් තෙල් හා ඒ ආශ්රිත නිෂ්පාදන කාණ්ඩ දෙකක් මෙරටට ආනයනය කිරීමට හැකිවන ලෙස නීතිය ලිහිල් කර ඇත.
ෆාම් ඔයිල් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කරන ලෙස ජනපතිවරයා විසින් ලබා දුන් උපදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය පසුගිය 05 දා නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබිණි.
ජනාධිපති උපදෙස් ප්‍රකාරව ජනාධිපති ලේකම්වරයා විසින් රේගු අධ්යක්ෂවරයාට දන්වා තිබුණේ
දැනට ආනයනය කර ඇති ෆාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන් නවත්වා දමන ලෙසය.
මේ අතර බේකරි නිශ්පාදන සඳහා බලපත්‍ර ක්‍රමයක් යටතේ ෆාම් ඔයිල් ලංකාවට ගෙන්වීමට හැකි වන සේ සංශෝධන එක් කිරීමට කටයුතු කරන බව කී වෙළෙඳ ඇමතිවරයා සමූහ ඝාතකයෙක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.