ශ්‍රියානි විජේසිංහ –
අමාත්‍ය මණ්ඩල සන්දේශයකින් අනුමැතිය ලැබී ඇති නමුත් පවතින ගැටලු සහගත තත්ත්වය තුළ ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට පෙර විශේෂඥයින්ගේ මතය විමසීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබද වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර ඇත.
ත්‍රිපෝෂා කොටස් බිලියනයකට ඇෆ්ලටොක්සීන් කොටස් 1ක් ඇතුලත් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ආහාර පනතේ ද සඳහන් කර තිබුණද මෙම අගයන් 10 දක්වා වැඩිකිරීම කැබිනට් මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිවිය.
වයස අවුරුදු 3ට අඩු දරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය නොකරන අතර වයස අවුරුදු 5ට අඩු 3ට වැඩි දරුවන්ට පමණක් ත්‍රිපෝෂ නිෂ්පාදනය විය. මෙයට හේතුව ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වාදෙනුයේ බිලියනයකට ඇෆ්ලටොක්සීන් කොටස් එකක් අන්තර්ගත තිරිගු පිටි සොයාගැනීමට නොහැකි වූ බැවින් වයස අවුරුදු 3ට අඩු දරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය නොකළ බවය.
ගෝලීය වශයෙන් ආහාර අර්බුධයක් පවතින මොහොතකදී ත්‍රිපෝෂවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් අමාත්‍යංශයේ නිලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආහාර වැඩසටහනේ දත්ත වාර්තාවන් සලකාබැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයාව දැනුවත් කළ පසු ඇමතිවරයා විසින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර වයස අවුරුදු 3ට අඩු දරුවන් වෙනුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා අනුමැතිය ලබා ගෙන ඇත.
මේ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා භාවිත කරන තිරිගු පිටිවල ඇෆ්ලටොක්සීන් කොටස් 10 සහ බී1 කොටස් 5ක් තිබිය හැකි බවට අනුමැතිය හිමිවිය.
මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරනුයේ වස බව දැන දැනම ළදරු නිෂ්පාදනයන් සදහා ඇෆ්ලටොක්සීන් අන්තර්ගත අමුද්‍රව්‍ය භාවිත කිරිමට ස ඇමතිවරයා නොමග යවමින් වාර්තාවන් සැපයු නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කළ යුතු බවය.
මොවුන් තව දුරටත් පවසා සිටිනුයේ අදාල දත්ත වාර්තාවන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයෙන් ඉදිරිපත් වූ ඒවා නොවන බවය.
කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ත්‍රිපෝෂ නිෂ්පාදනය කඩා වට්ටා එය පෞද්ගලික අංශයට ලබා දීමේ දැඩි උවමනාවක් තිබෙන කණ්ඩායමක් විසින් බොරු චෝදනා නගමින් ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩාල කිරීම කටයුතු කරන බවය..