බ්‍රහස්පතින්දා, ජූලි 2, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

by editor
ජූනි 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානය වෙත එල්ල කරන ලද නවතම ගුවන් ප්‍රහාර මාලාව හේතුවෙන් එරට සිවිල් ජනතාව මුහුණ දී ඇති බරපතළ මානුෂීය අර්බුදය පිළිබඳව ‘ද නිව්යෝක් ටයිම්ස්’ (The New York Times)   ඇතුළු  ලෝකයේ ප්‍රධාන මාධ්‍ය සියල්ලම කරුණු අනාවරණය කර තිබේ.

නිව්යෝර්ක ටයිමිස් විසින්  චන්ද්‍රිකා ඡායාරූප ද සහිතව ඉදිරිපත් කළ    වාර්තාවට අනුව බදාදා (ජූනි 10) අලුයම එල්ල වූ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් හෝමුස් සමුද්‍ර සන්ධිය අසල ඉරානයේ දකුණු වෙරළ තීරයේ පිහිටි ප්‍රධාන පානීය ජල පිරිපහදු සහ ගබඩා මධ්‍යස්ථානයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

ඉතා නිවැරදි ඉලක්කගත ප්‍රහාර (Precision Munitions)

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදීම ඇමෙරිකානු මධ්‍යම බලඇණිය (CENTCOM) සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින්, ඇමෙරිකානු ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා මඟින් හෝමුස් සමුද්‍ර සන්ධිය අසල ඉලක්ක වෙත ‘ඉතා නිවැරදි ඉලක්ක ගත පතොරම්’ (Precision Munitions) භාවිත කරමින් ප්‍රහාර දියත් කළ බව නිල වශයෙන් පිළිගෙන තිබුණි.

කෙසේ වෙතත්, ඇමෙරිකාව සිවිල් වැසියන්ගේ ජල පහසුකම් පවතින ස්ථානයක් බව දැන දැනම මෙම ස්ථානයට හිතාමතාම ප්‍රහාර එල්ල කළේ ද, නැතහොත් එම ගොඩනැගිලි තුළ පැවතියේ කුමක්දැයි ඔවුන් නොදැන සිටියේ ද යන්න මෙතෙක් පැහැදිලි නැත. ජාත්‍යන්තර නීතියට අනුව සිවිල් වැසියන්ගේ යටිතල පහසුකම් හිතාමතාම ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ‘යුද අපරාධයක්’ (War Crime) ලෙස සැලකිය හැකි බැවින් මෙම සිදුවීම ලෝකයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.

RelatedPosts

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

දැඩි ග්‍රීෂ්මයක් මැද 20,000ක් අනාථ වෙයි

ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ ප්‍රාදේශීය බලධාරීන් පෙන්වා දෙන්නේ, බිඳවැටුණු මෙම ජල සැපයුම් පද්ධතිය හේතුවෙන් එම ප්‍රදේශයේ නගර සහ ගම්මාන කිහිපයක ජීවත් වන 20,000කට අධික සිවිල් ජනතාවකට පානීය ජලය සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බවය.

විශේෂයෙන්ම මේ දිනවල එම කලාපයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100 (සෙල්සියස් අංශක 38කට වඩා) ඉක්මවා යන දැඩි ග්‍රීෂ්ම කාලගුණයක් පවතින පසුබිමක, ජලය කපා හැරීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට මුහුණ දී සිටිති.

හෝර්මොස්ගන් පළාතේ ජල හා අපජල සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අබ්දොල්හමිඩ් හම්සේ පෝර්ට අනුව, ඝන මීටර් 500 සහ 2,000 ධාරිතාවයකින් යුත් කොන්ක්‍රීට් පානීය ජල ජලාශ දෙකක් සහ ඒ ආශ්‍රිත යාන්ත්‍රික පහසුකම් ද ප්‍රහාරවලින් විනාශ විය.

සිදුව ඇති හානිය  ඉරාන රියාල්  බිලියන 140 ත් 150 ත් අතර හානියක් ඇස්තමේන්තු කර ඇත. එය ඇමරිකානු ඩොලර් මිලියන 3.3කි.

ඇමෙරිකාවේ ‘GBU-39’ බෝම්බ ප්‍රහාරයට සාක්ෂි

ජූනි 9 වනදා (ප්‍රහාරයට පෙර දින) ලබාගත් වාණිජ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කරමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ, ප්‍රහාරයට ලක්ව ඇත්තේ ‘බෙමානි’ (Bemani) ගම්මානයෙන් පිටත හුදෙකලා කන්දක් මත පිහිටි ගොඩනැගිලි සහ ජල ටැංකි දෙකක් බවය. ඒවායෙහි ලා නිල් පැහැති නල පද්ධති දැකගත හැකි අතර, එය සාමාන්‍යයෙන් ජල බෙදාහැරීමේ මධ්‍යස්ථානයක පවතින ස්වභාවයයි.

ඉරාන මාධ්‍ය සහ ප්‍රාදේශීය ජල අධිකාරිය නිකුත් කළ වීඩියෝ දර්ශනවලට අනුව, ඉන් කුඩා ගොඩනැගිල්ලේ වහලය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර, විශාල ගොඩනැගිල්ලේ වහලය මධ්‍යයේ කුඩා සිදුරක් පමණක් දැකිය හැකිය.

ප්‍රහාරය එල්ල වූ ස්ථානයෙන් හමුවූ බෝම්බ කොටස්වල ඡායාරූප ඉරානයේ ‘තස්නිම්’ (Tasnim) පුවත් ඒජන්සිය මඟින් ප්‍රසිද්ධ කර තිබූ අතර, ආයුධ පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ දත්ත ගබඩාවක් වන Open Source Munitions Portal හි පර්යේෂකයන් විසින් එම කොටස් ඇමෙරිකාව නිෂ්පාදිත ‘GBU-39’ (Small Diameter Bomb) වර්ගයේ නිරවද්‍ය මඟපෙන්වන බෝම්බයක කොටස් ලෙස හඳුනාගෙන ඇත. රාත්තල් 250 පන්තියේ   මෙම බෝම්බ, වහලයක් සිදුරු කරමින් ඇතුළතට පමණක් සීමිත හානියක් සිදු කරන තාක්ෂණයෙන් යුක්තය. මෙය වහලයේ මධ්‍යයටම එල්ල වී තිබීමෙන් පැහැදිලි වන්නේ මෙය අතිශය නිරවද්‍ය ඉලක්කගත ප්‍රහාරයක් (Precision Strike) බවයි.

ඇමෙරිකානු සහ ඉරාන බලධාරීන්ගේ ප්‍රතිචාර

මේ පිළිබඳව නිව්යෝක් ටයිම්ස් පුවත්පත ඇමෙරිකානු මධ්‍යම බලඇණියේ ප්‍රකාශකයෙකුගෙන් කෙටි පණිවිඩයක් මඟින් විමසීමේදී, තමන්ට එම ජල මධ්‍යස්ථානයට හානි සිදුවීම පිළිබඳ වාර්තා ලැබී ඇති නමුත් ඒ පිළිබඳව අමතර තොරතුරු සැපයිය නොහැකි බව ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, ඉරාන ප්‍රාදේශීය ජල අධිකාරියේ ප්‍රධානියා වන අබ්දුල්හමීඩ් හම්සෙපූර් (Abdolhamid Hamzehpour) ප්‍රකාශ කර ඇත්තේ, හානියට පත් ටැංකි මඟහැර යමින් පැය 12ක් වැනි කෙටි කාලයක් තුළ විකල්ප ජල රැහැන් පද්ධතියක් සකස් කිරීමට තම සේවකයන් සමත් වූ බවය. එමෙන්ම දැනට ජංගම ජල බවුසර රථ මඟින් තාවකාලිකව ජනතාවට ජලය සැපයීමට පියවර ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාමයේ බලාපොරොත්තුවට බෝම්බ ගසයි… අද අලුයම ඇමරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර…

Next Post

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
පුවත්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජූලි 1, 2026
පුවත්

සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජූලි 1, 2026

සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

ජූලි 1, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!
  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
  • සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.