ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් තීරණය කළ පරිදි නව තනතුරු සඳහා පත් කිරීම් ස්ථාන මාරුවීම් 19ක් වහාම ක්‍රියාත්මකවන පරිදි ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනෙක්, වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙක්, සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙක් විෂයෙහි වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම මාරු කිරීම් සිදුකර තිබේ.
එම ලේඛණය පහත දැක්වේ.