ඉරිදා, ජූලි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

by editor
ජූනි 12, 2026
in පුවත්
Air-Canada

Air-Canada

Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

ව්‍යාජ සුදුසුකම් සහතික ඉදිරිපත් කරමින් වසර 17කට අධික කාලයක් පුරා වාණිජ මගී ගුවන් යානා පදවනු ලැබූ “එයාර් කැනඩා” (Air Canada) ගුවන් සේවයේ හිටපු ප්‍රධාන නියමුවෙකු (Captain) කැනඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔන්ටාරියෝ හි පදිංචි 59 හැවිරිදි ජෙෆ්රි වෝල් (Geoffrey Wall) නැමැති මෙම නියමුවා, 2009 වසරේදී ප්‍රධාන නියමු (Captain) තනතුරට උසස්වීම් ලැබූ දින සිට මෙලෙස ව්‍යාජ ලේඛන භාවිත කරමින් කටයුතු කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

ඔහුට එරෙහිව මේ වන විට මූල්‍ය වංචා ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබේ.

පසුගිය වසරේදී මෙම ව්‍යාජ ලේඛන පිළිබඳ තොරතුරු අනාවරණය වූ වහාම ක්‍රියාත්මක වූ එයාර් කැනඩා ආයතනය, ඔහුව සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. “අදාළ වංචාව හෙළි වූ වහාම අප සමාගම ස්වේච්ඡාවෙන්ම මේ පිළිබඳව කැනඩා ප්‍රවාහන දෙපාර්තමේන්තුව (Transport Canada) වෙත දැනුම් දුන්නා” යැයි එයාර් කැනඩා ගුවන් සේවය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, සෑම ගුවන් නියමුවෙකුම සෑම මාස හයකට වරක්ම දැඩි නිපුනතා පුහුණුවීම්වලට (Competency Training) යොමු කරන බැවින්, මගීන්ගේ ආරක්ෂාවට කිසිදු අවදානමක් මතු නොවූ බවද ගුවන් සමාගම අවධාරණය කරයි.

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

පීල් ප්‍රාදේශීය පොලිසියේ (Peel Regional Police) නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී නික් මිලිනොවිච් (Nick Milinovich) ප්‍රකාශ කළේ, වෝල් නැමැති මෙම නියමුවා 1998 වසරේ සිට වසර 27ක් පුරා එයාර් කැනඩා ආයතනයේ සේවය කර ඇති බවය. 2009 වසරේදී ඔහු යානයක ප්‍රධාන වගකීම දරන “පයිලට්-ඉන්-කමාන්ඩ්” හෙවත් කැප්ටන් තනතුරට පත්වීමේදී මෙම වංචනික ක්‍රියාව ආරම්භ කර තිබේ

. කැනේඩියානු නීතියට අනුව එම තනතුර සඳහා ගුවන් සේවා ප්‍රවාහන නියමු බලපත්‍රය (ATPL) තිබීම අනිවාර්ය වන අතර, එය ලබා ගැනීමට ලිඛිත විභාග මාලාවක් සමත් විය යුතුය.

“මේක හරියට පවුලේ වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන්න බලපත්‍රය තියාගෙන, තමන්ගේ සායනය ඇතුළේ මොළයේ සැත්කම් කරනවා වගේ වැඩක්” යැයි පොලිස් ප්‍රධානියා මෙහි බරපතලකම පෙන්වා දෙමින් පැවසීය.

පොලිස් වාර්තාවලට අනුව, පසුගිය වසර 17 තිස්සේ මෙම නියමුවා විවිධ වර්ගයේ බෝයිං (Boeing) ගුවන් යානා පදවමින් දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් 900කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇත. ඒ වෙනුවෙන් ඔහු වැටුප් වශයෙන් ඩොලර් මිලියන ගණනක් උපයා තිබෙන්නේ කිසිදු නිසි සුදුසුකමකින් තොරවය.

පසුගිය වසරේ සිදුකළ සාමාන්‍ය ලේඛන ඇගයීමකදී (Routine Evaluation) මෙම නියමුවාගේ බලපත්‍රවල නොගැලපීම් කිහිපයක් නිරීක්ෂණය වී ඇති අතර, පසුව කැනඩා ෆෙඩරල් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අනතුරුව ටොරොන්ටෝ කලාපීය පොලිසිය අධිකරණ නියෝග මත සිදුකළ සෝදිසි කිරීම් සහ ලේඛන විශ්ලේෂණවලින් පසුව මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස සකස් කළ බලපත්‍රයක් බව තහවුරු කරගෙන ඇත.

ඒ අනුව ජුනි 1 වැනිදා වෝල් නමැති මෙම පුද්ගලයාට එරෙහිව වංචා කිරීම, ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීම සහ ව්‍යාජ සලකුණු ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා හතක් යටතේ නඩු පවරා තිබේ.

එයාර් කැනඩා ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පුද්ගලයා සතුව වලංගු වාණිජ ගුවන් නියමු බලපත්‍රයක් (Commercial Pilot Licence) තිබූ අතර ඔහු සම්පූර්ණ පුහුණුව ලබා තිබූ අයෙක් වුවද, කැනේඩියානු රෙගුලාසි අනුව කැප්ටන්වරයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රධාන ATPL බලපත්‍රය ඔහු සතුව නොතිබූ බවය.

මෙම සිදුවීමෙන් පසු තම සියලුම නියමුවන් පිළිබඳ හදිසි විගණනයක් (Audit) සිදුකළ බවත්, වෙනත් කිසිදු නියමුවෙකුගේ එවැනි ගැටලුවක් නොමැති බවත් සමාගම පවසයි.

මෙතරම් වසර ගණනාවක් මෙම වංචාව හසු නොවී පැවතියේ කෙසේදැයි මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් ප්‍රධානී මිලිනොවිච් පැවසුවේ, ඇතැම් වංචාකරුවන් මිනිසුන් රැවටීමට සහ මුළා කිරීමට “ඉතා දක්ෂ” වන බවය.

“නීති විරෝධී වංචාවන් වසර ගණනාවක් තිස්සේ අහුවෙන්නේ නැතුව කරගෙන යන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවක හරි ඒක අහුවෙනවා. එතකොට අපිට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා” යැයි ඔහු පැවසීය. ( බීබීසී)

Share69Tweet43
Previous Post

හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේනට මහාධිකරණයේදී අධිචෝදනා බාර දෙයි

Next Post

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.